පළකල දිනය : Sun, Dec 29th, 2019

ලොවක් දිනූ ආන­න්දීය පුතා

කොළඹ ආනන්ද විද්‍යා­ලයේ 13 වසරේ ඉගැ­නුම ලබන සර­සිජ ගිම්හාන ගුණ­රත්න විසින් නිර්මා­ණය කරන ලද නවෝ­ත්පා­ද­න­යක් ඇමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් සංවි­ධා­නය කළ අන්තර් පාසල් නවෝ­ත්පා­දන තර­ගා­ව­ලි­යේදී පසු­ගි­යදා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි­ක­ර­ගත්තේ ය.

එය තමන් විසින් ම තමන්ගේ ඇසට බෙහෙත් දමා ගැනී­මට හැකි­යාව ඇති උප­ක­ර­ණ­යකි. එහි අපූ­ර්ව­ත්වය නම් සර­සිජ එය නිර්මා­ණය කරන්නේ තම සීයා වෙනු­වෙන් වීම ය.

සිය නවෝ­ත්පා­ද­නය හා ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ ඔහු ‘සිළු­මිණ’ පුව­ත්ප­තට මෙලෙස අද­හස් දැක්වීය.

“කුඩා කාලයේ පටන් ම අලුත් දෙයක්, අලුත් නිර්මා­ණ­යක් කරන්න මගේ උන­න්දු­වක් තිබුණා. ඒ නිසාම, අ.පො.ස. උසස් පෙළ සඳහා මා තෝරා­ගත්තේ ඉංජි­නේරු තාක්ෂ­ණ­වේ­දය විෂය ධාරා­වයි. මේ නිෂ්පා­ද­නය සිදු­ක­රන්න පාස­ලෙන් ලැබුණු සහ­යෝ­ගය විශාල පිටු­බ­ල­යක් වුණා. ඒ වෙනු­වෙන් අපේ අංශ­භාර ආචා­ර්ය­තු­මාට විශේ­ෂ­යෙන් ස්තුති කරන්න ඕනෑ.

මගේ සීයාගේ ඇසට බෙහෙත් දාන්නේ මම. මා ‍නිවසේ නැති­වි­ටදී සීයාගේ ඇසට පහ­සු­වෙන් බෙහෙත් දමා ගැනී­මට හැකි උප­ක­ර­ණ­යක් සෑදී­ම­ටයි මට අවශ්‍ය වුණේ.

එය යථා­ර්ථ­යක් බවට පත් කර­ගැ­නී­මට මගේ පවුලේ ලැබුණු සහ­යෝ­ගය අප­ම­ණයි. මගේ මව රසිකා ගුණ­ති­ලක ඇය නුගේ­ගොඩ සමු­ද්‍ර­දේවි විද්‍යා­ලයේ ආචා­ර්ය­ව­රි­යක්. පියා ව්‍යාපා­රික කට­යු­තු­වල නියැ­ළෙ­නවා. මේ උප­ක­ර­ණයේ සැකිල්ල ලේසර් කට්ව­ලින් සකස් කරලා මට ගෙනත් දුන්නේ තාත්තා. මෙහි සැකිල්ල නිර්මා­ණය කිරී­මට මගේ අක්කා මට ගොඩක් උදවු කළා. චිත්‍ර අඳින්න අක්කයි, මමයි පුංචි කාලේ පටන් ම ‍උනන්දුයි‍. චිත්‍ර ඇඳී­මෙන් ලද අත්දැ­කීම මේ නිර්මා­ණයේ සාර්ථ­ක­ත්ව­යට බල­පෑවා කියා මා සිත­නවා.

මෙය ආඩි­යුනෝ (Arduino) පරි­ප­ථ­යෙන් සම­න්වි­තයි. මෙහි විශේ­ෂ­ත්වය අංශක 90ට ආනත වූ විට එනම් ඇසට බෙහෙත් වැටී­මට යෝග්‍ය අව­ස්ථාවේ උප­ක­ර­ණ­යෙන් නාද­යක් නිකුත් වීමයි. සීයාට තනි­වම ඇසට බෙහෙත් දමා ගැනී­මට මින් හැකි­යාව ලැබුණා. ඇමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් සංවි­ධා­නය කළ සමස්ථ ලංකා අන්තර් පාසල් නවෝ­ත්පා­දන තර­ගා­ව­ලි­යට මේ උප­ක­ර­ණය ඉදි­රි­පත් කළා. ඒ සඳහා ප්‍රථම ස්ථානය හිමි වීම සැබ­වින් ම සතු­ටට කාර­ණ­යක්.

ඉදි­රි­යේදී තවත් නවෝ­ත්පා­දන සිදු­කි­රී­මට දිරි­මත් වෙන්න එය මා හට උත්තේ­ජ­න­යක් බවට පත්වුණා.

මගේ අනා­ගත අපේ­ක්ෂාව ඉලෙ­ක්‍ට්‍රො­නික් ඉංජි­නේ­රු­ව­ර­යකු වී රටට ලෝක­යට වටිනා සේව­යක් ඉටු කිරී­ම­ටයි.

ලෝකයේ අක්ෂි රෝගීන් බිලි­යන 1.3 පමණ සිටි­නවා. මේ වන­විට මා මේ සඳහා පේටන්ට් බල­ප­ත්‍රය ලබා ගැනී­මට ඉල්ලුම් කර තිබෙ­නවා.‍ මෙහි ප්‍රමි­තිය ඉහළ නංවා වෙළෙඳ පොළට නිකුත් කිරී­මෙන් එ් රෝගීන්ගේ පහ­සු­වෙන් තම ඇසට බෙහෙත් දමා ගැනීමේ අව­ශ්‍ය­තාව සපුරා ගැනී­මට හැකි­යාව ලැබෙ­නවා.

මගේ නවෝ­ත්පා­දය වෙනු­වෙන් උප­කාර කළ මගේ මාපි­යන්, ගුරු­වරු, නෑදෑ හිත­මි­තු­රන් සියලු දෙනාට මාගේ ගෞර­වය පූර්වක ස්තුතිය පුද කරන්න මෙය අව­ස්ථා­වක් බවට පත්කර ගැනී­මට කැමැ­තියි.

ඡායා­රූ­පය – හිරන්ත ගුණ­ති­ලක
දිස්නා කුමාරි අල්විස්
Source – සිළුමිණ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button