පළකල දිනය : Tue, Dec 31st, 2019

හෙට සිට ෆ්‍රයිඩ් රයිස් හා බත් පැකට්ටුවක මිල ඉහළට

ජනවාරි 01දා සිට ෆ්‍රයිඩ් රයිස් හා බත් පැකට්ටුවක මිල රුපියල් 5කින් හෝ 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කළේ සහල් මාෆියාවට සම්බන්ධ මහා පරිමාණ සහල් මෝල් හිමියන් හයදෙනාට නීතිය ක්‍රියාත්මක නොකරන හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ආණ්ඩුව සහල් සම්බන්ධව නිකුත් කළ ගැසට් පත්‍රය හරහා වාසිය හිමි වන්නේද එම මහා පරිමාණ මෝල් හිමියන්ට බැවින් පාරිභෝගිකයා අසරණ තත්ත්වයට පත්වුවද ආපනශාලා පාර්ශ්වයෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඒ මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා කළ යුත්තේ සිල්ලර වෙළෙඳසල්වලට යෑම නොව මහා පරිමාණයෙන් සිදුවන සහල් මාෆියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවය.

අනුරාධා හේරත්
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button