පළකල දිනය : Tue, Dec 31st, 2019

නව වසරේ ලග්න පලාපල

එළඹෙන 2020.01.01 බදාදා දින උදා වන්නේ 2020 නව වසරයි. මෙම නව වසර කලකට පසු උදාවන අතිශය සුවිශේෂි වූ බොහෝ අංශවලින් යහපත් වූ සුබදායක වසරකි. රටට මෙන්ම ලග්න 12 න් උපන් ඔබ සැමට මෙම උදාවන නව වසර යහපත උදා කරනු ඇත. විශේෂයෙන් මෙම නව වසර උදාවන්නේ විශේෂිත වූ ග‍්‍රහ මාරු 2 ක් නවග‍්‍රහ සිත්තම තුළ උදාකරමින්ය.

එනම් පෙර වසරේ නොවැම්බර් මාසයේ සිදු වූ ගුරු ග‍්‍රහයා ධනු රාශි ගතවීමත් 2020 ජනවාරි මස සිදුවන ශනි ග‍්‍රහයා මකර රාශි ගත වීමත් යන වැදගත් වූ ග‍්‍රහ මාරු දෙකත් සමගිනි. 2020 නව වසර ලග්න 12 අතුරින් මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මීන, යන ලග්න 7 ට අතිශය සුබදායක වන අතර කටක, කුම්භ, මිථුන, මකර, ධනු යන ලග්නවලට මධ්‍යම ඵල ද මෙම වසර පුරා උදා වනු ඇත.

මේෂ

ධනය හා ලැබීම්

මෙම නව වසර ඔබට සුබදායකයි. නව වසරේ මුල් මාස 6 ක කාලය ඔබට ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ධන හානි ද මෙම වසර අවසාන කාලයේ ඔබට යම් යම් අවස්ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ මුල් මාස 6 න් පසු මිල මුදල් අතින් අයහපත් කාල සීමාවකි. මෙම කාලයේ ඔබ කතාවට දක්ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප‍්‍රතිපල ලැබෙන කාල සීමාවක් වනු ඇත.

විවාහය හා ගෘහ ජීවිතය

ඔබගේ බාල සහෝදරයෙකුට අධ්‍යාපන හෝ රැකියා උසස් වීමක් ලැබීමට අවස්ථා උදා වනු ඇත. දරු සම්පත් බලාපොරොත්තු වූ ඔබට වසර මුලදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම සුබ දායක වනු ඇත. මෙතෙක් කලක් විවාහ නොවූ අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර පෙම්වතුන් අතර පේ‍්‍රම සබඳතා ගොඩ නැගුනත් ඔවුන් ඒ පිළිබඳව ඉතාමත් කල්පනාකාරි විය යුතුය. තම රැකියා ස්ථානයේදී බොහෝ විට පේ‍්‍රමවන්තයන් හමු වීමට හැකියාවක් පවතී.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන්ගේ උනන්දුව හා උත්සාහය වැඩි වන අතර වසර අවසානයේ නම් විවිධාකාරයේ බාධා කරදර පවතිනු ඇත. මෙම වර්ෂය අධ්‍යාපනයටත්, විභාග කටයුතුවලටත් එතරම් අසුබදායක නොවනු ඇත. එම නිසා ඒ පිළිබඳව දෙමාපියන් සිය අවධානය තම දරුවන් වෙනුවෙන් යොමු කිරීම ඉතා අගනේය.

නිවාස හා යාන වාහන

වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් සුබදායක වනු ඇත. මුල් මාස 3 ක කාල සීමාව තුළ ඥති සම්බන්ධය යහපත් වනු ඇත. නිවාස වාසනා ඇත. ඔබට වන්දනා

ගමන් මෙන්ම දුරු ගමන් බිමන් යාමට අස්ථාව වසර ආරම්භයේදීම විටින් විට උදා වනු ඇත. මෙම කාලයේ ආගමට දහමට නැඹුරු වන කාලයක් වුවත් ඔබට එතරම් ඒ පිළිබඳ විශ්වාසයක් හා ගෞරවයක් නොමැති වනු බව පෙනේ. විදේශ ගමන් සඳහා මෙම වසර එතරම් සුබදායක නොවනු ඇත. ඔබගේ ඥතියෙකුට යම් කරදරයක් හා මිත‍්‍රයෙකුගේ වෙන්වීමක් මෙම වසර අවසානයේදී පෙන්නුම් කරයි.

රැකී රක්ෂා කටයුතු

වෙළඳාම් හා රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් දියුණුවක් ඇතිවන අතර ආරක්ෂක අංශවල රැකියා කරන අයට හා එවැනි රැකියා බලාපොරොත්තු වන්නන් හට වර්ෂය ආරම්භයේදී එවැනි අවස්ථා ලැබීමේ හා ඒවායේ උසස් වීම් තත්ත්වයන් පෙන්නුම් කරයි. වරින් වර නව රැකියාවන්ට යෑමේ ප‍්‍රවණතාවයක් වර්ෂය පුරාම පෙන්නුම් කරයි. විශේෂයෙන් රැකියාවේ දියුණුව මෙම කාල සීමාවේ කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇත. කෙසේ වෙතත් කාලයක් සිට කරන ගෙන ආ රැකියාවලට තමන්ගේ උනන්දුව අඩු වනු ඇත. සතුරන් හා ඊර්ෂ්‍යාකාරයන්ගේ කටයුතු නිසා තමාගේ කටයුතුවලට විවිධාකාරයේ බාධාවන් ඇති වන නිසා ඒ පිළිබඳව නිතරම සැලකිලිමත් වන්න. මෙම තත්ත්වය ජූලි මාසය දක්වා විටින් විට පවතිනු ඇත. යකඩ සම්බන්ධ රැකියා හා පොළව සම්බන්ධ රැකියා කරන අයට විශේෂයෙන් සුබදායක වන අතර තම රැකියා ස්ථානයේ ඉවසිලිමත්ව කටයුතු කරගෙන යෑම මෙම කාලයේ බෙහෙවින්ම සුබදායක වනු ඇත. රැකියා ස්ථානයේදී මෙන්ම ඒ සම්භන්ධ කටයුතුවලදී ද ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කිරීමට ඔබට සිදුවනු ඇත. නැතිනම් රැකියාව අහිමි වීමට තරම් අවස්ථා යෙදෙනු ඇත. ඒ පිළිබඳව තම අවධානය යොමු කරන්න.

ශරීර සෞඛ්‍යය

ඔබට මෙම වසරේ මුල් මාස 6 ක පමණ කාල සීමාව තුළ නිතර නිදා ගැනීමට සිත් දෙන අතර අලසභාවය මෙන්ම තම කටයුතු නිතරම කල් දැමීමට සිත් දෙනු ඇත. මානසික පීඩාවන් වසර පුරාවටම නිතර නතර ඇති වනු ඇත. සුළු වශයෙන් හෝ තුවාලයක් වැනි තත්වයක් ඇති වුවහොත් එය තදබල අමාරු තත්ත්වයකට වර්ධනය වීමට හැකි බැවින් ඒවායින් ආරක්ෂා වන්න. ශල්‍යකර්මවලට භාජනය වීමේ හැකියාවක් පවතී. උදරය සම්බන්ධ රෝගා බාධ මෙන්ම උණ රෝග ඇතිවීමේ අවදානමක් ද පවතී. වම් පැත්තේ අතක හෝ පාදයක යම් තැලීමක් හෝ තුවාලයක් ඇතිවිය හැකිය. ප‍්‍රවේශම් වන්න. බෝවන රෝග වසංගත තත්ත්වයන් හා නිතර නිතර ඇතිවන සිත් තැවුල් තත්ත්වයන් හදිසි අනතුරු තත්ත්වයන් අලාභ හානි ඇස්වල, දත්වල, යටිපතුල් වල වා, පිත් රෝගී තත්ත්වයන් වසර මැද ඇති විය හැකිය.

ජය වර්ණය – රතු හා නිල් පාට
ජය අංක – 06, 07

————————————————————————————————————————-

වෘෂභ

ධනය හා ලැබීම්

වසර දෙකහාමාරක් ඔබට පැවති අෂ්ඨම එ්රාශ්ඨක අපල නිම වන මෙම වසර ඔබට යහපත් වූ වසරකි. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. වැය පක්ෂය ඉහළ යන අවස්ථා ද උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මාර්තුවලින් පසු තමාගේ් මවට සුබඵල උදාකරනු ඇත. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 03 තුළ හිමි වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලූ මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දරුඵල බලාපොරොත්තු වන අයටත් වසරේ අගෝස්තු දක්වා කාලය තුල බාධක මැද වුවත් යම් පමණක යහපත් ප‍්‍රතිඵල උදා වනු ඇත. ඉන් පසු වසරේ ඉතිරි මාස කීපය සුබදායක වනු ඇත.

අධ්‍යාපනය

විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් වෘත්තීය අධ්‍යාපනයේ නිරත අයටත් ඉතාම යහපත් වූ වසරකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ

අගෝස්තු දක්වා වූ කාලය තුළය.

ශරීර සෞඛ්‍යය

උෂ්ණාධික රෝගා බාධ මෙන්ම සෙම් ආශ‍්‍රිත රෝග, යටි බඩ ආශ‍්‍රිත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැළඳීමේ අවදානමක් වසරේ මුල් මාස 06 තුළ පවතී.

සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ව හා රථවාහන අනතුරු තත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 04 න් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් එතරම් උදා නොවනු ඇත.

රැකී රක්ෂා කටයුතු

නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව

රැකියා සඳහා ද අවස්ථාවන් උදා වනු ඇත. විශේෂයෙන් ඔබ විදුලියෙන් පරිස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමිප වන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්වන වසරකි.

නිවාස හා යාන වාහන

ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ අගෝස්තු දක්වා කාලය තුළ උදා වනු ඇත. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප‍්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. මෙම වසරේ අගෝස්තු දක්වා මෙම ලග්න හිමි පෙම්වතුන්ට සුබ දායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි‍්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප‍්‍රතිඵල උදා කරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන මෙම ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන මෙම ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි.

ජය වර්ණ – රතු හා නිල් පාට

ජය අංක – 06, 07,

————————————————————————————————————————-

මිථුන

ගෘහ ජීවිතය හා විවාහය

මෙම නව වසර මධ්‍යස්ථ වූ වසරකි. ගේ දොර බාධා ඇති වන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. මෙම නව වසර විවාහ අපේක්ෂිත ඔබට විවාහ ප‍්‍රමාද හා බාධා එල්ල වන වසරකි. විවාහක මිථුන ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම යහපත උදාවනු ඇත. විශේෂයෙන්ම අවිවාහක මෙම ලග්න හිමියන් වසරේ මුල් මාස 3 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම මාර්තු දක්වා කාලය තුළ පෙම්වතුන්ගේ පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. මාර්තුවලින් පසු කාලය තරුණ වයසේ පසු වන ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට ආදර හැඟීම් අතින් අයහපත් වූ කාල සීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 ය තුළය. වසරේ අග භාගයේ ග‍්‍රහ ගමන අනුව ද අඹු සැමි සතුට හීන වන කාලයකි.

ධනය හා ලැබීම්

මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභවලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප‍්‍රබල ධන හානි ද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථා වල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජුලි සිට නොවැම්බර් දක්වා කාල සීමාව මිල මුදල් අතින් යහපත් කාල සීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්ථාවන් උදා වේ. මෙම කාලයේ ඔබ කතාවට දක්ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප‍්‍රතිපල ලැබෙන කාල සීමාවක් වනු ඇත. ඔබගේ බාල සහෝදරයකුට උසස් වීමක් ලැබීමට අවස්ථා උදා වනු ඇත.

රැකී රක්ෂා කටයුතු

රැකීරක්‍ෂාවල උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාල සීමාව තුළ තමා රැකියාව කරන ස්ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදා විය හැක. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක් ඇති වේ. රැකියාව හේතු කොට ගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළඳ ව්‍යාපාරවල යෙදෙන ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබ දායක වසරක් වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාශ්ඨක ගත කරන මිථුන ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලින් ද පාඩු සිදුවේ.

අධ්‍යාපනය

ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක් පිළිබඳ ඉගෙනීමට ද අවස්ථාව ලැබේ. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමි වන අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමට ද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්වභාවයක් ඇත. වසරේ මුල් මාස 3 කාලයේදී නොගැලපෙන බැඳීම්වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.

ශරීර සෞඛ්‍ය

මෙම වසර පුරාවටම ලග්නයෙන් 8 වැන්නේ සෙනසුරු ගමන් කිරීම ලග්න අෂ්ඨම ඒරාශ්ඨක අපල තත්ත්වයක් නිසා සෙනසුරු හා රාහු මහා දශා, අන්තර් දශා ගත කරන මෙම ලග්න හිමියනට බාධක හා පීඩා තත්ත්වයන් ඇති වනු ඇත. ගුරු සිකුරු මහ දශා හා අතුරු දශා ගත කරන්නන්ට සුබයි.

ඔබට මෙම වසර සෞඛ්‍ය අතින් නම් එතරම් සතුටුදායක යහපත් කාලයක් නොවනු ඇත. ශරීර සනීපය අඩු වන කාලයකි. ශරීරයේ බර වැඩිවේ. උදරාශ‍්‍රීත රෝග ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ, නිදන්ගත රෝගා බාධ, තත්ත්වයන් නිසා අනතුරුවලට මුහුණ පෑමට සිදු වනු ඇත. එය බොහෝ දුරට අනතුරු තත්ත්වයන් මත සිදු විය හැකිය. ඒ පිළිබඳව සැලකිළිමත් වන්න. විශේෂයෙන්ම මෙම කාලය පාදවලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී ඉතාමත් පරිස්සම් විය යතු කාලයකි.

ජය වර්ණ – සුදු හා ක‍්‍රීම් පාට

ජය අංක – 04

————————————————————————————————————————-

කටක
පදිංචි ස්ථානයේ වෙනසක්….

ධනය හා ලැබීම්

මධ්‍යස්ථ වසරක් ලෙස මෙම 2020 වසර කටක ලග්න හිමියනට හඳුන්වා දිය හැකිය. වියදම් වැඩි වන වසරකි. වසර මැද විශාල ණය මුදලක් ලබා ගැනීමට සිදුවනු ඇත. නමුත් වසරේ ජුලි සිට නොවැම්බර් දක්වා කාල සීමාව මිල මුදල් අතින් යහපත් වූ කාල සීමාවකි. මේ කාලයේ ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්ථාවන් උදා වේ. සතුරන්ගෙන් ධන හානි ඇති විය හැකිය.

විවාහය හා ගෘහ ජීවිතය

තමන් පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වන වසරකි. මෙම නව වසර විවාහ අපේක්ෂිත ඔබට විවාහ සඳහා යහපත් වූ වසරකි. විවාහක කටක ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම බාධක හා ගැටලූ උදාවනු ඇත. ගේ දොර වාසනාව ඇති වන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම අවිවාහක කටක ලග්න හිමියන් වසරේ මුල් මාස 6 න් පසු එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම අගෝස්තු දක්වා කාලය තුළ පෙම්වතුන්ගේ පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. ඔක්තෝබර්වලින් පසු කාලය තරුණ වයසේ පසු වන ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාල සීමාවකි. දරුඵල සඳහා යහපත් වූ වසරකි.

රැකී රක්ෂා කටයුතු

ගුරු සිකුරු දශා අනු දශා ගත කරන කටක ලග්න හිමියනට නව රැකියා ලාභ හිමිවන වසරකි. රැකියාව හේතු කොට ගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන කටක ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක් වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාශ්ඨක ගත කරන කටක ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතු වලින් ද පාඩු සිදුවේ. කලක පටන් කරගෙන ආ රැකී රක්ෂාවලට බාධා ඇති වේ. රැකියා ස්ථාන මාරු ඇති විය හැකිය.

අධ්‍යාපනය

මෙම වසර අධ්‍යාපන කටයුතුවලට සුබදායක වසරකි. ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක් පිළිබඳ ඉගෙනීමට ද අවස්ථාව ලැබේ. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමිවන අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පු`එල් වීමට ද කටයුතු සැලසේ.

ශරීර සෞඛ්‍ය

ශරීර සනීපය ඇති වන කාලයකි. ලේ සම්බන්ධ රෝග, උදරා ශ‍්‍රීත රෝග , නිදන්ගත රෝගාබාධ, හෘදයේ තදබල තිගැස්සීම් නිසාවෙන් ඇතිවන්නා වූ ආබාධ තත්ත්වයන් නිසා අනතුරුවලට මුහුණ පෑමට සිදු වනු ඇත. එය බොහෝ දුරට අනතුරු තත්ත්වයන් මත සිදු විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ශරීරයේ බර වැඩිවේ. ව්‍යායාමවල නිරත වීම සුබදායක වනු ඇත.

ජය වර්ණ – ලා කොළ පාට හා ක‍්‍රීම් පාට
ජය අංක – 02

————————————————————————————————————————-

සිංහ
තැන්පත් ධනය වර්ධනය වන වසරකි

ගේ දොර හා සාමාන්‍ය ජීවිතය

යහපත් වූ වසරක් ලෙස මෙම 2020 නව වසර රවි හිමි සිංහ ලග්න හිමියනට හඳුන්වා දිය හැකිය. මෙම වසරේ මුල් මාස 3 න් පසු පවුලෙන් වෙන් වී අප‍්‍රසිද්ධව වාසය කිරීමට සිදු වීමට හැකිය. ණය මුදලකින් නිදහස් වීමට ද අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අවස්ථාවක් උදාවනු ඇත. ජනවාරි සිට ජුනි අතර කාලයේදී ස්ත‍්‍රීන්ට පුරුෂයන්ගෙන් ද පුරුෂයන්ගෙන් ස්ත‍්‍රීන්ට ද ලාබ ලැබෙන කාලයක් වනු ඇත. 2020 වර්ෂයේ මැද භාගයේදී පවුලේ වැඩිහිටියකුට ප‍්‍රබල අපල තත්ත්වයක් පෙන්නුම් කරයි. රන්, රිදී, මුතු මැණික් වැනි අලූත් ආභරණ ලැබීමේ අවස්ථාව උදා වේ. වෙහෙස මහන්සිය ඇති ගමන් බිමන් යෑමට සිදු වේ. අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපල දායක කාල සීමාවක් උදා වෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස් බලය වැඩි වේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගී වීමට වසරේ මුල් මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්ථාවන් උදා වනු ඇත. වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලූ පැන නැගීමට හැකියාව පවතී. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාව ද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්ථා උදා වේ. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. මුල් මාස 3 ක කාලය රෙදිපිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාරද විටින් විට ලැබීමට හැකියාව පවතී. ගොවිතැනේ යෙදෙන සිංහ ලග්න හිමියනට සුබ නැත. ගොවිතැන් පාළු සිදු විය හැකිය.

විවාහය හා ගෘහ ජීවිතය

විශේෂයෙන්ම අවිවාහක සිංහ ලග්න හිමියන් වසරේ මුල් මාස 3 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම කාලය තුළ පෙම්වතුන්ගේ පේ‍්‍රම සම්බන්ධතා යම් පමණකට සාර්ථක වන කාලසීමාවකි. තරුණ වයසේ පසු වන ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාල සීමාවකි. රහස් සම්බන්ධතා ඇති විය හැකිය. නමුත් ඒවා ටික කලකින් නැති වී යයි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 3 ය තුළය. වසරේ අග භාගයේ ග‍්‍රහ ගමන අනුව අඹු සැමි සතුට හීන වන කාලයකි. වසරේ මුල් මාස 3 ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක සිංහ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්ථාවන් එතරම් උදා නොවනු ඇත. විවාහක ස්වාමි භාර්යාවන්ට අපල ඇති විය හැකිය. ගේ දොර වාසනාව ද ඇති නොවන කාලයකි. නමුත් උසස් අයගෙන් යම් පමණක යහපතක් උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට ජූලි 13 න් පසු කාලය තුළ කටයුතු සැලසෙනු ඇත. එම කාලය තුළ යම් පමණක පස්කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි.

ධනය හා ලැබීම්

වසරේ අග මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. රහසිගතව හෝ අප‍්‍රසිද්ධව යම් යම් දේවල් වලට මුදල් වියම් කිරීමට සිදුවනු ඇත. නමුත් විටින් විට අධික වියදම් හා ප‍්‍රබල ධන හානි ද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාල සීමාව මිල මුදල් අතින් අයහපත් කාල සීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට සුළු සුළු අවස්ථාවන් උදා වේ. පුණ්‍ය කටයුතුවලට ධනය වියදම් කිරීමට අවස්ථාව උදා වනු ඇත. මෙම කාලයේ ඔබ කතාව නිසා විටක අපහසුතාවට ලක් වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයක් නොවනු ඇත. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප‍්‍රතිපල ලැබෙන කාල සීමාවක් වනු ඇත. ඔබගේ වැඩිමහලූ සහෝදරයකුට උසස් වීමක් ලැබීමට අවස්ථා උදා වනු ඇත.

රැකී රක්ෂා කටයුතු

රැකීරක්‍ෂාවල වෙනසක් වීමට බොහෝ දුරට අවස්ථාව උදා වනු ඇත. උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථා ද ලැබෙන කාලයකි. නමුත් වසර අග කාල සීමාව තුළ තමා රැකියාව කරන ස්ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදා විය හැක. එම නිසාවෙන් රැකියාවෙන් ඉවත්වීමට හෝ විශ‍්‍රාම ගැනීමට ද සිතෙන අවස්ථා උදාවනු ඇත. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක් ඇති වේ. රැකියාව හේතු කොට ගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළඳ ව්‍යාපාරවල යෙදෙන සිංහ ලග්න හිමියන්ට එමගින් ලාභ හා පාඩු එකසේ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක් නොවනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාශ්ඨක ගත කරන සිංහ ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. රාජ්‍ය අංශයේ රැකියාවල දියුණුවක් ඇති වනු ඇත.

අධ්‍යාපනය

විශේෂයෙන්ම භූත විද්‍යාව ගුප්ත ශාස්ත‍්‍රය ජ්‍යොතිෂය වැනි විෂයන් මෙම කාලයේදී හැදෑරීමට අවස්ථා උදා වනු ඇත. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් උසස් ජය හිමි නොවන අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා බාධා එල්ල වීමට ද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්වභාවයක් ඇත . වසරේ මුල් මාස 6 කාලයේදී නොගැලපෙන බැඳීම්වලට සිත යොමු විම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.

ශරීර සෞඛ්‍ය

ඔබට මෙම වසර සෞඛ්‍ය අතින් නම් එතරම් සතුටුදායක යහපත් කාලයක් නොවනු ඇත. ශරීර සනීපය අඩු වන කාලයකි. විශේෂයෙන් කාන්තාවන්ට යටිබඩ ආශ‍්‍රිත රෝගාබාධ හා ශල්‍යකර්මවලට ලක් වීමට සිදුවනු ඇත. ශරීරයේ බර වැඩිවේ. උදරාශ‍්‍රීත රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ, වසංගත රෝග, නිදන් ගත රෝගා බාධ, හෘදයේ තදබල තිගැස්සීම් නිසාවෙන් ඇතිවන්නා වූ ආබාධ තත්ත්වයන් නිසා අනතුරුවලට මුහුණ පෑමට සිදු වනු ඇත. වාත රෝග හා දත්වල ආබාධ ඇති වනු ඇත. එම තත්ත්වයන් මෙන්ම ආහාර විස වීම් ද, සිදු විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබගේ උත්පත්ති ජන්ම පත‍්‍රයේ සෙනසුරු නීච වී සතුරු වී හෝ අයහපත් ව කුජගේ දෘෂ්ටියට ලක් වීම සිංහ ලග්න හිමි ඔබට බෙහෙවින්ම අපලදායක වනු ඇත. ගබ්සා ආදිය සිදු විය හැකි බැවින් ගැබිනි කාන්තාවන් මෙම වසරේ මුල් මාස 6 ක කාලය තුළ විමසිලිමත් විය යුතුය. හදිසි අනතුරු ඇති වීම සාමාන්‍ය රෝගාබාධ නිසා රෝහල් ගත වීමට, ශල්‍යකර්මවලට ලක් වීමට පවා සිදු විය හැකිය. විශේෂයෙන්ම මෙම කාලය තුළ තද බල ලෙස පාදවලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී ඉතාමත් පරිස්සම් විය යුතු කාලයකි.

ජය අංක – 1, 4
ජය වර්ණ – රතු පාට, කොළ පාට

කන්‍යා
භූමි ලාභ ඉටු වන වසරකි….

ගේ දොර හා සාමාන්‍ය ජීවිතය

ඔබගේ ජන්ම පත‍්‍රයේ නව වසර ආරම්භයත් සමග පවතින ග‍්‍රහ චාරයට අනුව ඔබට යහපත් ප‍්‍රතිඵලදායක වනු ඇත. ඔබට වසර ආරම්භය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එතරම් සුබදායක නොවනු ඇත. නමුත් මෙම වසර ඔබගේ බලාපොරොත්තු ඉටු වන වසරකි. අලූතින් ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලූ මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

විවාහය හා ගෘහ ජීවිතය

විවාහ කටයුතු සඳහා වසරේ මුල් මාස 06 න් පසු යහපත් සුබවාදී අවස්ථා උදා වනු ඇත. මෙම වසර ඔබ යම් පමණක ගුප්ත ශාස්ත‍්‍ර කටයුතු පිළිබඳ විශ්වාස කරන වසරකි. එසේම ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. ඔබ කලක් තිස්සේ බලාපොරොත්තු වූ ඉඩකඩම් පිළිබඳ ගැටලූවක් මේ වසරේ දී ඉටු වනු ඇත. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ කැපී පෙනෙන ලෙස උදා වනු ඇත. ඇඟලූම් ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප‍්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත.

අධ්‍යාපනය

විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයට මුල් මාස 03 තුළ යහපත් ප‍්‍රතිඵල උදා වනු ඇත. ඉන් පසු වසරේ ඉතිරි මාස කීපය අසුබදායක වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 06 න් පසුවයි.

ධනය හා ලැබීම්

මේ වසරේ මැයි මාසයෙන් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් උදා වනු ඇත. මෙම වසරේ මුල් මාස 03 තුළ කන්‍යා ලග්න හිමි පෙම්වතුන්ට නම් සුබදායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශ‍්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප‍්‍රතිඵල උදා කරනු ඇත. ඉදිකිරීම් කර්මාන්තවල යෙදෙන මෙම ලග්න හිමි අයට සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි. ලොතරැයි වාසනා හිමි වීමේ අවස්ථා උදා වනු ඇත. වැය පක්ෂය ඉහළ යන අවස්ථා රාශියක් ම උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 07 තුළ තමාගේ මවට, පියාට සුබඵල උදාකරනු ඇත.

රැකී රක්ෂා කටයුතු

විදේශ රැකියා වාසනාව හිමිය. සතුරු කරදර උදා විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ඔබ ජලයෙන් පරිසම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්ථාවන් උදා වනු ඇත.

ශරීර සෞඛ්‍ය

උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශි‍්‍රත රෝග, යටි බඩ ආශි‍්‍රත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැළඳීමේ අවදානමක් වසරේ මුල් මාස 06 තුළ පවතී. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගා වලදී සිදුවන අනතුරු තත්ව හා රථවාහන අනතුරු තත්ව ඇති විය හැකිය.

ජය වර්ණය – රන්වන් පාට
ජය අංකය – 04

————————————————————————————————————————-

තුලා
විදේශ ගමන්

ගේ දොර හා සාමාන්‍ය ජීවිතය

2020 වසර ආරම්භය ඔබට සුබ ප‍්‍රතිඵල ලැබෙන වසරකි. සුබදායක ග‍්‍රහ පිහිටීම් ද දක්නට ලැබේ. මුල් මාස තුනක පමණ කාල සීමාව ඔබගේ මවටත්, සහෝදරියන්ටත් සුබදායක වනු ඇත. මෙම වසර පුරාවට වරින් වර හොඳ මිතුරන් ඔබට හමු වනවා ඇත. මෙම කාලය තම බලය වැඩි වන කාලයකි.

රැකී රක්ෂා කටයුතු

වෙළෙඳාම් හා රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් දියුණුවක් ඇතිවන අතර ආරක්ෂක අංශවල රැකියා කරන අයට හා එවැනි රැකියා බලාපොරොත්තු වන්නන් හට වර්ෂය ආරම්භයේදී එවැනි අවස්ථා ලැබීමේ හා ඒවායේ උසස් වීම් තත්ත්වයන් පෙන්නුම් කරයි. විශේෂයෙන් විදෙස් රැකියාවන් හි දියුණුව මෙම කාල සීමාවේ කැපී පෙනෙන ලෙස අඩු වනු ඇත. කෙසේ වෙතත් කාලයක් සිට කරගෙන ආ රැකියාවලට තමන්ගේ උනන්දුව අඩු වනු ඇත. සතුරන් හා ඊර්ෂ්‍යාකාරයන්ගේ කටයුතු නිසා තමාගේ කටයුතුවලට විවිධාකාරයේ බාධාවන් ඇති වන නිසා ඒ පිළිබඳව නිතරම සැලකිලිමත් වන්න. මෙම තත්ත්වය ජුලි මාසය දක්වා විටින් විට පවතිනු ඇත.

ධනය හා ලැබීම්

වසරේ මුල් මාස 6 ක කලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ මුල් මාස දෙකෙන් පසු මිල මුදල් අතින් යහපත් කාල සීමාවකි.

ශරීර සෞඛ්‍යය

මානසික පීඩාවන් වසර අග ඇති වනු ඇත. සුළු වශයෙන් හෝ තුවාලයක් වැනි තත්ත්වයක් ඇති වුවහොත් එය වර්ධනය වීමට හැකි බැවින් ඒවායින් ආරක්ෂා වන්න. ශල්‍යකර්මවලට භාජනය වීමේ හැකියාවක් පවතී. උදරය සම්බන්ධ රෝගාබාධ මෙන්ම උණ රෝග ඇතිවීමේ අවදානමක් ද පවතී. වම් පැත්තේ අතක හෝ පාදයක යම් තැලීමක් හෝ තුවාලයක් ඇතිවිය හැකිය. ප‍්‍රවේශම් වන්න. බෝවන රෝග වසංගත තත්ත්වයන් නිතර නිතර ඇතිවන සිත් තැවුල් තත්ත්වයන් හදිසි අනතුරු තත්ත්වයන් අලාභ හානි ඇස්වල, දත්වල, යටිපතුල්වල වා, පිත් රෝගී තත්ත්වයන් ඇති විය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන්ගේ උනන්දුව හා උත්සාහය වැඩි වන අතර විවිධාකාරයේ යහපත් තත්ත්ව වසර පුරාම පවතිනු ඇත. මෙම වර්ෂය අධ්‍යාපනයටත්, විභාග කටයුතු වලටත් සුබදායක වනු ඇත. එම නිසා ඒ පිළිබඳව දෙමාපියන් සිය අවධානය තම දරුවන් වෙනුවෙන් යොමු කිරීම ඉතා අගනේය.

නිවාස හා යාන වාහන

ගේ දොර දියුණුව යහපත් වනු ඇත. නව නිවාස සෑදීම නව නිවාස මිලදී ගැනීම, මෙන්ම නව නිවාසවල පදිංචියට යෑමට ද අවස්ථාව උදා වනු ඇත. එසේම මෙම පිහිටීම වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් සුබදායක වනු ඇත. මුල් මාස 6 ක කාල සීමාව තුළ ඥති සම්බන්ධය යහපත් වනු ඇත. ඔබට වන්දනා ගමන් මෙන්ම දුර ගමන් බිමන් යෑමට අවස්ථාව වසර ආරම්භයේදීම විටින් විට උදා වනු ඇත. මෙම කාලයේ ආගමට දහමට නැඹුුරු වන කාලයක් වුවත් ඔබට එතරම් ඒ පිළිබඳ විශ්වාසයක් හා ගෞරවයක් නොමැති වනු බව පෙනේ.

විවාහය හා ගෘහ ජීවිතය

මෙතෙක් කලක් විවාහ නොවූ අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. පෙම්වතුන් අතර පේ‍්‍රම සබඳතා ගොඩ නැගුනත් ඔවුන් ඒ පිළිබඳව ඉතාමත් කල්පනාකාරි විය යුතුය. තම මිතුරෙකුගේ මාර්ගයෙන් බොහෝ විට පේ‍්‍රමවන්තයන් හමු වීමට හැකියාවක් පවතී. දරු සම්පත් බලාපොරොත්තු ඔබට වසර මුලදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම සුබදායක වනු ඇත. නීතිමය ගැටලූ ඇති වන වසරකි.

ජය වර්ණය – වෛවර්ණ
ජය අංකය – 06

———————————————————————————————————————-

වෘශ්චික
සිතුම් පැතුම් ඉටුවන වසරකි…..

ගේ දොර හා සාමාන්‍ය ජීවිතය

කුජ හිමි වෘශ්චික ලග්නය හිමි ඔබට මෙම වසර අවුරුදු හතහමාරක ලග්න ඒරාශ්ඨකයේ අවසන් වන යහපත් වූ වසරක් වේ. මෙම වසර සුබ ඵල උදාවන්නා වූ වසරකි. වසර ආරම්භයේ ගුරු ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරන මෙම 2020 නව වසර වෘශ්චික ලග්න හිමියන්ගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවන වසරකි. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පේ‍්‍රම සම්බන්ධතා ද සාර්ථක වන අවස්ථා උදා වේ. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. දරුවන් බලාපොරොත්තු ඔබගේ එම කාරණා මෙම වසරේ මුල් කාල සීමාව තුළ ඉටු වනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

නිවාස හා යාන වාහන

ගේ දොර කෑම බීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අගහිඟකම් මතු නොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිත මිතුරන් ඔබ සොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදව් උපකාර ඔබට නිතැතින්ම හිමි වනු ඇත. විටෙක ඔබ ත්‍යාගශීලී වැඩි වීම නිසා පාඩු සිදු විය හැකිය. වසරේ ජුලි මාසයෙන් පසු කාලවලදී තම නිවසින් පිටස්තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතුවලින් පරාජයට පත් විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑළිය අඩුවීමට ද හැකියාව පවතී. ස්ථීර නිවෙස්වලින් ඈත් වී තාවකාලික නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදාවනු ඇත. දේපල බෙදීම් වැනි කටයුතුවල ගැටලූ මතු වනු ඇත. තමාට ලැබෙන දේපල පවා නැති විය හැකිය.

රැකී රක්ෂා කටයුතු

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම වසරේ මුල් මාස 6 න් පසු රැකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරි නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප‍්‍රියතාව වර්ධනය වෙයි.

ධනය හා ලැබීම්

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වෙනවා. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.

අධ්‍යාපනය

ඉගෙනුම ලබන දරුවන්ට මෙම වසර සුබදායක වනු ඇත. වසරේ මුල් මාස කිහිපය තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි.

ශරීර සෞඛ්‍යය

මෙම උදාවන්නා වූ නව වසරේ ඔබ සෙම් ආශි‍්‍රත රෝගාබාධ තත්ත්වයන් හා හිස සම්බන්ධ රෝගාබාධ තත්ත්වයන්ගෙන් පරිස්සම් විය යුතුය. සීනි කොලෙස්ටරෝල් තත්ත්ව ඇති විය හැකි බැවින් ශරීරයට අවශ්‍ය ව්‍යායාමවල යෙදීම ඉතාම යහපත් වේ.

ජය වර්ණ – කහ පාට, කී‍්‍රම් පාට හා රතු පාට
ජය අංක – 9, 4, 2, 7

—————————————————-

ධනු
ලොතරැයි ජය

විවාහය හා ගෘහ ජීවිතය

මෙම උදාවන්නා වූ 2020 නව වසර ඔබට සුබ අසුබ මිශ‍්‍රව ලැබෙන වසරකි. ගුරුට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත‍්‍රයේ ශනි ග‍්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ ගමන් කිරීම ලග්න ඒරාශ්ඨක අපල තත්ත්වයයි. එම තත්ත්වය මෙම වසර පුරාවට ද තවදුරටත් පවතී. එසේම ඔබගේ ලග්නාධිපති ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා ද ලග්නයේ ගමන් කිරීම මත ධනු ලග්න හිමි ඔබට මෙම වසරේ මධ්‍යම සුබඵල උදා කරනු ඇත.

නිවාස හා යාන වාහන

ගේ දොර දියුණුවට එතරම් උනන්දු නොවනු ඇත. නව නිවාස සෑදීම නව නිවාස මිලදී ගැනීම, මෙන්ම නව නිවාසවල පදිංචියට යෑමට ද වසරේ මාර්තුවලින් පසු අවස්ථාව උදා වනු ඇත. මුල් මාස 3 ක කාල සීමාව තුළ මිතුරු සම්බන්ධය යහපත් වනු ඇත. ඔබට විදෙස් ගමන් මෙන්ම දුර ගමන් බිමන් යෑමට අවස්ථාව වසර ආරම්භයේදීම විටින් විට උදා වනු ඇත.

රැකී රක්ෂා කටයුතු

ඔබට මෙම වසර රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල එතරම් උදා නොකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක අවාසියක් අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට පහළ යනු ඇත. කෙසේ වෙතත් ලග්න ඒරාශ්ඨකයක් ගත කරන නිසාවෙන් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප‍්‍රශ්නවලට ද මුහුණ දීමේ අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්ථානයෙන් ස්ථාන මාරුවක් හිමි වීමට ද ඉඩ පවතී.

අධ්‍යාපනය

ඉගෙනුම ලබන දරුවන්ට මෙම වසරේ මාර්තුවලින් පසු සුබදායක වනු ඇත. එම කාලය තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි.

ශරීර සෞඛ්‍යය

මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට සුව වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවා ද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැති වී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

ජය වර්ණ – කහ පාට, රතු පාට
ජය අංක – 7, 3, 1, 8

———————————————————————

මකර
මවට සුබඵල

විවාහය හා ගෘහ ජීවිතය

නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්ථාවන් උදා වනු ඇත. ඔබ ප‍්‍රධානීන්ගේ ඇගයුමට ලක්වන වසරකි. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුඵල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 07 තුළ යහපත් ප‍්‍රතිඵල උදා වනු ඇත. ඉන් පසු වසරේ ඉතිරි මාස කීපය සුබදායක නොවනු ඇත. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 09 තුළ උදා වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 07 න් පසුවයි.

ධනය හා ලැබීම්

ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවති. වැය පක්ෂය ඉහළ යන අවස්ථා උදා වනු ඇත. අතට ලැබෙන මුදල් නිකරුනේ වියදම් වන අවස්ථා උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 07 තුළ තමාගේ මවට සුබඵල උදාකරනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලූ හා සුළු වශයෙන් මතබේද මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. භූමිය ආශි‍්‍රත ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී මෙන්ම ගැනීමේදීත් ප‍්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ව හා රථවාහන අනතුරු තත්ව ඇති විය හැකිය.

අධ්‍යාපනය

මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි‍්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප‍්‍රතිඵල උදා කරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන මෙම ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන මෙම ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි. කී‍්‍රඩා කටයුතුවල නිරත ඔබට මෙම වසර ඉතා යහපත් වනු ඇත.

ඔබ විවාහක නම් ගේ දොර කටයුතුවලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා ඉතාමත් යහපත් කාලයක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගමන්වලට ද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුළු අනතුරුවලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතුවලට සිත යොමු වනු ඇත.

රැකී රක්ෂා කටයුතු

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ඔබේ ජනප‍්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ගොඩනැගිලි ද්‍රව්‍ය වැනි ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.

ශරීර සෞඛ්‍යය

විශේෂයෙන් ඔබ මෙම වසර කාන්තාවන්ගෙන් පරිස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. ශරීරයේ උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශි‍්‍රත රෝග, වැළඳීමේ අවදානමක් වසරේ මුල් මාස 03 තුළ පවතී.

ජය අංක – 6, 5,
ජය වර්ණය – නිල් පාට

කුම්භ
නීතිමය ගැටලූ

විවාහය හා ගෘහ ජීවිතය

වසරේ මුල් මාස 3 ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක කුම්භ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්ථාවන් උදාවනු ඇත. ගේ දොර වාසනාව ඇති වන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. පස්කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි. විශේෂයෙන්ම අවිවාහක කුම්භ ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම කාලය තුළ පෙම්වතුන්ගේ පේ‍්‍රම සම්බන්ධතා සාර්ථක වන කාලසීමාවකි. තරුණ වයසේ පසු වන ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාල සීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 තුළය. වසරේ අග භාගයේ ග‍්‍රහ ගමන අනුව අඹු සැමි සතුට හීන වන කාලයකි.

ධනය හා ලැබීම්

මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභවලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප‍්‍රබල ධන හානි ද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාල සීමාව මිල මුදල් අතින් යහපත් කාල සීමාවකි. ලොතරැයි වාසනා වැනි ධන ලාභ ලැබීමට අවස්ථාවන් උදා වේ. ඔබගේ බාල සහෝදරයෙකුට උසස් වීමක් ලැබීමට අවස්ථා උදා වනු ඇත.

රැකී රක්ෂා කටයුතු

රැකීරක්‍ෂාවල උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථා ලැබෙන කාලයකි. නමුත් වසර අග කාල සීමාව තුළ තමා රැකියාව කරන ස්ථානයේ යම් යම් මානසික පීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදා විය හැක. විශේෂයෙන් සමාජයෙන් ගරු නාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක් ඇති වේ. රැකියාව හේතු කොට ගෙන ආදායම් මාර්ග සරු වන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙඳ ව්‍යාපාරවල යෙදෙන කුම්භ ලග්න හිමියන්ට එමගින් ලාභ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාරවලට සුබදායක වසරක් වනු ඇත. කෙසේ වෙතත් රාහු මහ දශා හා අන්තර් දශා ගත කරන හා සෙනසුරු ජන්ම හෝ චන්ද්‍ර අෂ්ඨම ඒරාශ්ඨක ගත කරන ලග්න හිමියන්ට ව්‍යාපාර අතින් එතරම් සුබදායක නොවනු ඇත. අධික ලෙස මුදල් වියදම් කිරීමට සිදුවීම හේතුවෙන් ඒවායින් අලාභ හා පාඩු සිදුවිය හැකිය. එම නිසාවෙන් ඔවුන්ට මිල මුදල් අතින් එතරම් සුබ නොවනු ඇත. හවුලේ කරන රැකියා හෝ ව්‍යාපාර කටයුතුවලින් ද පාඩු සිදුවේ.

අධ්‍යාපනය

ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක් පිළිබඳ ඉගෙනීමට ද අවස්ථාව ලැබේ. තරග විභාග වලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් ජය හිමිවන අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමට ද කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්වභාවයක් ඇත. වසරේ මුල් මාස 3 කාලයේදී නොගැලපෙන බැඳීම්වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ.

ශරීර සෞඛ්‍ය

ශරීරයේ බර වැඩිවේ. උදරාශ‍්‍රීත රෝග ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ආබාධ සිදු වනු ඇත. එම තත්ත්වයන් මෙන්ම විශේෂයෙන්ම මෙම කාලය තුළ පාදවලට අනතුරු ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී ඉතාමත් පරිස්සම් විය යුතු කාලයකි.

ජය වර්ණය – නිල් පාට
ජය අංකය – 07 /09

————————————————————————————————————

මීන
කී‍්‍රඩා ජය

ධනය හා ලැබීම්

මෙම 2020 වසර යහපත් වසරකි. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත. මෙම වසර ආරම්භයත් සමග ආදායම් තත්ත්වය ඉහළ යන කාරණා යෙදෙනු ඇත. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප‍්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මැද දී ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ දොළ ගංගාවලදී සිදුවන අනතුරු තත්ව හා රථවාහන අනතුරු තත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 03 න් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් එතරම් උදා නොවනු ඇත.

විවාහය හා ගෘහ ජීවිතය

මෙම වසර ඔබගේ සහෝදර සහෝදරියන්ට සුබදායකයි. මෙම වසරේ මුල් මාස 06 තුළ මීන ලග්න හිමි පෙම්වතුන්ට සුබදායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි‍්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප‍්‍රතිඵල උදා කරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන මීන ලග්න හිමියන්ට මෙම වසර සුබ දායක වනු ඇත. භූමිය ආශි‍්‍රත ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප‍්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී මෙන්ම ගැනීමේදීත් ප‍්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, රථවාහන පැදවීම් වලදී සිදුවන අනතුරු තත්ව හා උස් ස්ථානවලදී අනතුරු තත්ව ඇති විය හැකිය. තදබල ලෙස කේන්ති යන අවස්ථාවන් ඇති වනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුල මීන ලග්න හිමි පෙම්වතුන්ට සුබ දායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි‍්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප‍්‍රතිඵල උදා කරනු ඇත. රෙදි හා විසිතුරු භාණ්ඩ කර්මාන්තවල යෙදෙන මීන ලග්න හිමියන්ට මෙම වසර සුබදායක වනු ඇත. ගොවිතැන් කටයුතු කරන මීන ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි. කී‍්‍රඩා කටයුතුවල නිරත මීන ලග්න ඔබට මෙම වසර සුබදායක යහපත් වසරක් වනු ඇත.

කාන්තාවන් නිසා කරදර ඇති වන වසරකි. ඔබගේ අතට ලැබෙන මුදල් නිකරුනේ වියදම් වන අවස්ථා මෙම වසර තුළ බෙහෙවින් උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේ පියාට සුබඵල උදාකරනු ඇත. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබදායක නොවනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමිප වන වසරකි. ඔබගේ වැඩිමහල් සහෝදරයකුට වසරේ මුල් කාල සීමාව තුළ අපල තත්ත්වයක් උදා වනු ඇත. හිතමිතුරන් ඔබ හා එක්වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාර ද වසරේ මුල් මාස 06 තුළ හිමි වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි‍්‍රතව යම් යම් ගැටලූ හා සුළු වශයෙන් මතබේද මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. රජයෙන් හා ආයතන ප‍්‍රධානීන්ගෙන් පැසසුම් ලැබෙන වසරකි. ගුරු මහ දශා හා අතුරු දශා ගත කරන මීන ලග්න හිමියන්ට සුබදායක වන අතර රාහු හා ශනි දශා ගත කරන්නන්ට එතරම් සුබදායක නොවනු ඇත.

රැකී රක්ෂා කටයුතු

ඔබට මෙම වසර රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල උදාකරනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප‍්‍රශ්නවලට ද මුහුණ දීමේ අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම වසර සුබදායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි.

නිවාස හා යාන වාහන

කුලී නිවාසවල රැඳී ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම වසරේ ඉටුවනු ඇත. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන්වලට ද එවැනිම බාධා එල්ල විය හැකිය. රෙදිපිළි හා ගොඩනැගිලි ආශි‍්‍රත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම වසර යම් පමණකට සුබ දායක ය.

ශරීර සෞඛ්‍යය

මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමනකට සුව වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවා ද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැති වී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

ජය වර්ණය – රන්වන් පාට
ජය අංකය – 01 /06

උදාවන්නා වූ 2020 නව වසරේ සියලූ වාද බේද අමතක කොට එකාවන්ව එක්සිත්ව මේ සුවිශේෂි නව වසර සමරමු. ඔබ සැමට සියලූ සිතම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වේවා!

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටී නැකැත් හා 22 දෙර්කාණාධිපත,ි 64 නවාංශකාධිපතිගේ තත්වයන්, හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button