පළකල දිනය : Tue, Dec 31st, 2019

බ්‍රේල් මාධ්‍යයෙන් විභාගෙට මුහුණ දීලා “A” තුනක් ගත්තු යසල්

බ්‍රෙල් මාධ්‍යයෙන් විභාගය ලියා ඒ සාමාර්ථ ත්‍රිත්වයක් ලබාගෙන අපි හැමෝමටම ආඩම්බරයක් ගෙනාපු උඹ ගැන කතා නොකර බෑ.

පෙනීම 10% ක් වගේ ප්‍රමාණයක් එක්ක බ්‍රේල් මාධ්‍යයෙන් විභාගෙට මුහුණ දීලා ඔහු A සාමාර්ථ තුනක් එක්ක විශ්ව විද්‍යාල වරම් අරන් තියෙනව. දිස්ත්‍රික්කයේ 100 ස්ථානයත් අරගෙනම.හැමෝගෙම ප්‍රතිඵල මැද්දෙ ඇත්තටම යසල්ගේ ප්‍රතිඵලය ගැන මම අමුතුවෙන් පුදුම වෙන්නෙ නෑ.ඒ කැපවීම ඒ උත්සහය වෙනුවෙන් ඔහු ඒ වගේ ජයග්‍රහණයක් ලබාගන්නව කියලා මන් දැනගෙන හිටියා. ඔයා ඒක කරනව කියලා මන් දැනගෙන හිටියා. මගේ ජයග්‍රහණය වගේම මන් ඔයා ගැනත් සතුටු වෙනව. උඹගේ අම්මා තාත්තා උඹ ගැන සතුටු වෙන තරමටම මාත් සතුටු වෙනව මේ ලැබුන ප්‍රතිඵලය වෙනුවෙන්.

ඉස්කෝලෙ උගන්නන හැම විෂයකම උඹ හරි විචාරශීලි වුනා.ඒ වගේම තමා තියෙන සමාජ අවබෝධය එක්ක ප්‍රශ්නයකට උත්තරයක් වුනත් ලියනකොට ලිවේ ගිරා සංස්කෘතියෙන් මිදිලා හරිම ප්‍රායෝගික බව පිරුණ විදිහට.. දේශපාලන විද්‍යාව නොකළත් ඒ වෙලාව යසට ෆ්‍රි පීරියඩ් එකක් නම් හැමතිස්සෙම යසල් එතන හිටියා. එදාට ඉතින් මැඩම් එක්ක පාඩමටත් සම්බන්ධ වෙන්න අමතක කළේ නෑ.ඉතින් ඒ වගේ හැම දෙයක් එක්කම අපි දැනගෙන හිටියා මේ ඉලක්කය හරි ලස්සනට උඹ දිනයි කියලා.

ජීවිතේ මොන තරම් අභියෝග අපි ලගට ආවත් අපි ඒවට මුහුණ දෙන විදිය අපේ ජීවිතය වෙනස් කරනව.ඇත්තටම අපිටත් හයියක් වුනා පාඩම් වැඩ වගේම හැම දෙයක්ම හරි පිළිවෙලට කරන විදිය අපිටත් ඉගැන්නුවා.ඇත්තටම ඒ ගැන හදවතින්ම සතුටු වෙනවා.

උඹගේ ජීවිතයේ හෙවනැල්ල වගේ හැමදාම අම්මා අප්පච්චි දුන්න සහයෝගය නිසයි අද මෙහෙම ප්‍රතිඵලයක් ගත්තේ.අම්මයි අප්පච්චියි දහසක් වැඩ රාජකාරි එක්ක ඉස්කෝලෙන් උඹව එක්කන් යන එකේ ඉදලා හැම වෙලේකම උඹට දුන්න හයිය අපි හැමෝම දැක්කා.ඒ වගේම අම්මා, අප්පච්චි, පුංචි ,ගුරුවරු හැමෝගෙම ආදරණීය කැපවීමට උඹ උපරිම සාධාරණය කළා.

උඹේ ඔය හොද ගතිගුණ හැමදෙයක්ම හැමදාමත් තියාගන්න ඒ හැම දෙයක්ම උඹේ ප්‍රතිඵලය ලස්සනට හැදුවා.අධ්‍යාපනය තුළින් අපි බලාපොරොත්තු වෙන දැනුම වගේම යහපත් ගුණධර්ම වලින් උඹ සම්පූර්ණයි.ඒ හැම දෙයක්ම අනාගතයටත් තියාගන්න .. උඹ වගේ ඉගෙනගන්න හැම ළමෙක්ටම ආදර්ශයක් වෙන්න කොල්ලො.. ඉහළින් ඉහළටම යන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව වගේම මතුවටත් අපි උඹ එක්ක ඉන්නව.

ඇත්තටම උඹ පොරක්. හරියටම කිව්වොත් උඹ පට්ට චරිතයක්. අම්මටයි අප්පච්චිටයි ගුරුවරු ,යාළුවො අපි හැමෝටම ආඩම්බරයක්. ආයෙත් පාරක් හදවතින් සුබ පැතුම් කොල්ලො..ජයම වේවා..

හිතමිත්‍ර සංජු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button