පළකල දිනය : Wed, Jan 8th, 2020

ලක්ෂ 100ක මැෂිම කපා බේරාගැනුනු සේවකයා අයිතිකරුගෙන් වන්දි ඉල්ලයි

අම්පාරේ තරිඳු ඕෆ්සේට් ප්‍රින්ටර්ස් හිමි මෙත්තානන්ද රූබසිංහ මහතා බොහෝ දෙනෙකුට මතක ඇතුවා නිසැකය.

2018 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුගේ මුද්‍රණාලයේ සේවය කළ සේවකයෙකුගේ අත වැරදීමකින් මුද්‍රණ යන්ත්‍රයට හසුවූ අතර ,ඔහු දෙවරක් නොසිතා මැෂිම කපා දමා එම සේවකයා බේරා ගැනීමට කටයුතු කළේය. මුණසිංහ නම් සේවකයෙකු මෙසේ බේරා ගැනුනු අතර අදාළ යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ 100කට අධික විය. කෙසේ වෙතත් මේ වන විට අදාළ ව්‍යාපාරික මහතා දැඩි ගැටලුවක මුහුණ පා ඇති බව දැනගන්නට ලැබේ.

ඒ බේරාගනු ලැබූ සේවකයා මෙම ව්‍යාපාරික මහතාට විරුද්ධව වන්දි නඩුවක් පැවරීම හේතුවෙනි . ඒ තමන්ට සිදුවූ හානියට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්නැයි ඉල්ලමිනි.

එමෙන්ම ඉහත කෑලී වලට කැපූ මුද්‍රණ යන්ත්‍රය නැවත අලුත්වැඩියා කිරීමට ලක්ෂ 35ක් අධික මුදලක්ද වැයවී ඇති අතර ඔහුගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය බැංකුවට උකස් කර එම මුදල සොයාගෙන ඇත. එමෙන්ම මුද්‍රණ කටයුතු සඳහා එම යන්ත්‍රය අලුත්වැඩියා කර ගැනීමට මාස 6 අධික කාලයක් ගතවී ඇති අතර,එම කාලය තුළ කිසිදු ආදායමක් නොවීම හේතුවෙන් ව්‍යාපාරික ණය වල වාරිකත් දිනෙන් දින ඉහළ ගොස් තිබේ.

මෙත්තානන්ද රූබසිංහගේ හදවතේ මානූෂීයත්වය ඔහු අද ණයකාරයකු කර ඇත්තේ මෙසේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button