පළකල දිනය : Sun, Jan 12th, 2020

ස්කූටි අක්කාගේ තාත්තා පෙරපු බඩු අහුවුන හැටි

වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර දුලක්‍ෂි ප‍්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වෙන්නප්පුව, සිරිගම්පල ප‍්‍රදේශයේදීයි.

සැකකරු තමන්ට අයත් යතුරු පැදියකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් 48 ක් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර දුලක්‍ෂි ප‍්‍රනාන්දු ඉකුත් සමයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.

ඒ ඇයගේ නැගණිය හෙල්මට් රහිතව මෝටර් සයිකලයක ගමන් ගනිද්දී පොලිසිය සිදු කළ පරීක්ෂාවකදී හෙල්මට් නැතිවීම, අධික වේගයෙන් ධාවනය කිරීම සහ රියදුරු බලපත්‍ර ඇතුළු අනෙකුත් බලපත්‍ර නැතිවීම යන වරදවලට හසුවුන අවස්ථාවේදී පොලිසියට ‍බාධා කිරීම සම්බන්ධයෙන්.

එසේම මන්ත්‍රීවරියගේ පියා මීට පෙරද නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button