පළකල දිනය : Mon, Jan 13th, 2020

හඬ පට සම්බන්ධයෙන් අශේන්ගෙන් ප්‍රශ්න කරයි

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට සමාජ ගත වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන අශේන් සේනාරත්න යන අයගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ඊයේ(12) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

මෙම ප්‍රශ්න කිරීම් වලදී අදාළ හඬ පට සමාජගත වීම සම්බන්ධයෙන් ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ද බව ද පොලිස් මුලස්ථාන සඳහන් කරනවා.

සමාජ ජාල ක්‍රියාකාරකම් වලට අදාලව තමා රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මාදිවෙල පිහිටි නිවසට ගොස් ඇති බව ද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබෙනවා.

තවද හඬපට සමාජ ගත වීම සම්බන්ධයෙන් සැක කෙරෙන රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිවසට නිතර ගොස් ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම්ද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button