පළකල දිනය : Tue, Jan 14th, 2020

මම ඉක්මණටම විවහා වෙනවා, නිදහසේ ඉන්න දෙන්න

රන්ජන් රාමනායක.. අම්මෝ ඉතින් එයා නම් කියලා තමා හැමෝම කතා වෙන්නේ නේද ?

මේ දවස්වල එයාගේ පිටවෙන අලුත්ම හඬපටේ මොකක්ද කියලා නිතරම අහන එක “කොහොමද ජිවිතේ ” කියලා අහන එකටත් වඩා සාමාන්‍ය පුරුද්දක් වෙලා හැමෝගෙම.

මෙහෙම ලීක් වෙච්ච හඬපට අහලා ගොඩක් අයගේ හිත රිදුනා වගේම රෙදිත් ගැලවිලා තියෙනවා. හැබැයි අපි කියන්න ඕනේ ඔය හඬපට වලින් නළු නිළියන්ගේ ලීක් වෙන දේවල් නම් මහා ලොකු දේවල් නෙමේ ඒවා සාමාන්‍ය දේවල්. ඕනෙම කෙනෙකුට තමන් කැමති විදියට ජිවිත් වෙන්න අයිතිය තියෙනවා. ඒ ජිවත් වෙන සිස්ටම් එකට ලන් වෙන්න හෝ ඒකට අකමැති බොහෝ දෙනෙක් කරන්නේ ඒ අය හෙළාදකින එක.

ඉකේ අපොයි මහා ජරාවක් නේද කියලා කිව්වට ගොඩක් අය ඔය ජරාවම කියන එක කරනවා. හරි ඒ මොනවා වුණත් අපි කියන්න යන්නේ රන්ජන්ගේ හඬපටියකින් ජනප්‍රිය නළු සුරාජ් මාපාගේ නමත් කරළියට ආවා නේ අන්න එක ගැන. ඉතින් මේ හඬපටයට උත්තරයක් විදියට එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු වැඩසටහනකදී සුරාජ් මාපා මෙහෙම කියනවා.

“මට කියන්න තියෙන්නේ මේකයි මම රඟපාන්න ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. එතකොට මම නර්තනය හදාරන්න අවුරුදු 20ක් විතර වෙනවා. ඉතින් මම ක්ෂේත්‍රයට ඇවිල්ලා ගොසිප් වලින් නම් කවදාවත් ජනප්‍රිය වෙලා නැහැ මගේ චරිත වලින් තමා ජනප්‍රිය වුණේ. විශේෂයෙන්ම මගේ අම්මා තාත්තා ගැන ඔක්කමල දන්නවා නේ. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් අපේ ගෙදර ඇවිත් තියෙනවා. ගෙදර එනකොට අම්මගේ අතින් තමයි කෑම හදලා දෙන්නේ හැමෝටම. අපේ අම්මයි තාත්තයි හැම වෙලේම අපට කියලා තියෙන්නේ අනිත් අයට ගරු කරන්න අනෙත් අයට ගරු කරන්න කියලා ඉතින් ඒ ගරුත්වය තමයි හැමදාම තියෙන්නේ.

මගේ කලාකරුවන්ට ආදරෙයි මගේ යාළුවන්ට ආදරෙයි මම හැමෝටම ආදරෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ මට මේ වෙලාවේ ගොඩක් ආදරෙයි විශේෂයෙන් මගේ කලාකරුවනට මට ආදරේ කරනවා. මගේ යාලුවෝ මම කවුද කියලා දන්නවා. ඉතින් මගේ සහෝදරියන් දෙන්නා මම කවුද කියලා දන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ මාව දන්න මිනිස්සුන්ට මාව වටිනවා. ඒ වගේම මගේ ප්‍රේක්ෂකයන් මට කැමතියි මට ආදරෙයි. එන්න එන්න ඔහුන්ගේ ගරුත්වය ලබාගන්න උත්සහ කරනවා.

ඒ ඇරෙන්න මම පුළුවන් තරම් සතුටෙන් විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඉක්මණට මම විවහා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ ඇරෙන්න මම වෙන මුකුත් දේවල් ගණන් ගන්නේ නැහැ. හැබැයි මට විනෝදයෙන් නිදහසේ සතුටෙන් ඉන්න මට ජිවත් වෙන්න මේක බෞද්ධ රටක් හින්දා ඒ වගේම අපි අනුන්ට ගරු කරන්න ඕන හින්දා මට ඒ නිදහස ලබාදෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා එච්චරයි මට කියන්න තියෙන්නේ.”

අන්තිමට අපට කියන්න තියෙන්නේ අපි හැමෝම මැජික් වගේ අහන නළු නිළියන්ගේ දේවල් මැජික් නෙමේ වගේම සුරාජ් මාපා ඕකට උත්තරයක් දෙන්න උවමනාවකුත් නැහැ කියලයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button