පළකල දිනය : Tue, Jan 14th, 2020

ව්‍යාපාරයක් පටන් ගන්න. අරමුදල් රජයෙන් දෙන්නම් – ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපූරු දැක්ම ප්‍රකට වූ අවස්තාවක් පසුගියදා සිදු වුනා. ඒ පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් පිරිසක් ඉකුත් දා හමුවූ අවස්ථාවේදීය.

එහිදී පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ සිය රැකියා ස්ථිර කර දෙන ලෙසයි.

මෙම කෘෂි විද්‍යා පීඨයේ සිදුකෙරෙන කාර්යයන් පිළිබඳ නිසි අවබෝධයක් ඇත්දැයි ජනාධිපතිවරයා එම කම්කරුවන්ගෙන් විමසා තිබුණා.

එහිදී එම කම්කරුවන් පිරිස සඳහන් කර ඇත්තේ තමන්ට කෘෂි විද්‍යා පීඨයේ සිදුකෙරෙන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ඇති තමන්ට ඇයි බවයි.

එසේනම්, තමන්ගේම පෞද්ගලික ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් එම දැනුම යොදා නොගන්නේ ඇයිදැයි ජනාධිපතිවරයා අදාළ කම්කරුවන්ගෙන් විමසා තිබෙනවා.

එවිට ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ අවශ්‍ය උපකරණ හා වෙනත් පහසුකම් සලසා ගැනීමට තමන්ට මූල්‍යමය ශක්තියක් නොමැති බවයි.

ව්‍යවසායකයෙකු ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදීමට හැකිනම් එයට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කම්කරුවන්හට පවසා තිබෙනවා.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button