පළකල දිනය : Fri, Jan 17th, 2020

රන්ජන් එක්ක දෙවෙනි එකේ හිටියේ මම නෙවෙයි අනේ

අත්අඩංගුවට පත්ව සිටින පර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකතන සංවාදයේ යෙදුනු බව කියන බොහෝ දෙනෙකුගේ හඬ පට මේ වෙද්දී සමාජ මාධ්‍ය කළඹවා අවසන්. ඉතින් ඔහොම එලියට ආපු හඬ පට අතරේ පාර්ලිමේන්තු අන්ත්රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේත් හඬ පට කිහිපයක් තිබුනා. එක එක අය එක එක කතා කියද්දී මේ ගැන තමන්ම කතා කරන්න ඕන කියලා හිතපු එතුමිය මීට ටික වෙලාවකට කලින් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝ එකක් දාලා තියනවා.

තමන්ගේ නම ගාවමින් එලියට ඇවිත් තියන හඬ පට සම්බන්ධව ඇය එහිදී අදහස් පල කරනවා.

“මම ඉල්ලීමක් කරනවා ලංකාවේ ජනතාවගෙන් මේ හඬ පට 2ම ඉතා හොඳින් අහන්න. 1 වෙනි එකේ මගේ කටහඬත් 2 වැනි එකේ මගේ කියන කටහඬත් පැහැදිලිව අහන්න. මේ දෙක අතරේ ලොකු වෙනසක් තියනවා. එතකොට ඔබට පැහැදිලිව පෙනෙයි මේ 2වන පටය ඉතාම අශෝභන ලෙස විකෘති කල හඬ සංස්කරණය කල එකක් බව.

මේ හරහා මගේ චරිතය ඝාතනය කරන්න ගොඩක් අය පෙළඹෙද්දී තවත් ගොඩක් අය මට කතා කරලා මාව ශක්තිමත් කළා. නමුත් මේ වෙද්දී හැමෝටම තේරිලා තියනවා මේ රටේ ප්‍රධානම ප්‍රශ්න යට ගහන්න මේ හඬ පට කතාව එලියට ඇදලා අරගෙන තියනවා කියලා. අද මට වුන දේ හෙට තව කාන්තාවකට වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ 225 ඉන්නවා. රන්ජන් රාමනායක කතා කරලා තියෙන්නේ මට විතරද? නෑ. හැබැයි එලියට එන්නේ මගේ හඬ පට විතරයි. මේ වෙද්දී මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ දුමින්ද සිල්වා මාධ්‍ය එක්ක එකතු වෙලා රට තුල ඇති කරගෙන යන මතයක් මේකට හේතුව වෙලා තියනවා.

මම වගකීමෙන් කියනවා කිසිම විදිහකින් මම මේ වගේ සංවාදයක් කිසිම කෙනෙක් එක්ක පවත්වලා නෑ. මම අභියෝග කරනවා පුළුවන්නම් මේ ඇත්ත හඬ පට එලියට දාලා පෙන්නන්න.

කිසිම අවස්ථාවක මම දෙරණ නාලිකාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ කරලා මොන වෙලාවකවත් අදහස් දැක්වීමක් කලෙත් නෑ. එහෙම දෙයක් මම කිසිම දවසක අහලවත් නෑ. මේක තරගකාරී මාධ්‍ය වෙළඳපොලේ ඝට්ටනයක් විතරයි. එකට මාවත් සම්බන්ධ කරගෙන.

මේ හඬ පට මගේ යැයි රස පරීක්ෂණ වාර්තාවකින් පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නන කියලා මම අභියෝග කරනවා.”

හඩ පටයේ වීඩියෝව පහතින් බලන්න

හිරුණිකාගේ පිළිතුරු වීඩියෝව පහතින් බලන්න

මාගේ නාමය භාවිතා කරමින් ප්‍රචාරය වන සාවද්‍ය හඬපට සම්බන්ධයෙන් දැක්වූ අදහස්

මාගේ නාමය භාවිතා කරමින් ප්‍රචාරය වන සාවද්‍ය හඬපට සම්බන්ධයෙන් දැක්වූ අදහස්

Posted by Hirunika Premachandra on Thursday, January 16, 2020

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button