පළකල දිනය : Sat, Jan 18th, 2020

ලීක් වුණ හඬපට ගැන පියුමි දැන් කියන කතාව

පියුමිගෙයි රන්ජන්ගෙයි පෞද්ගලික දුරකථන ඇමැතුම් කිහිපයක් එළියට ඇවිත්. ආයෙත් පියුමි මාතෘකාවක් වෙලා. මොකක්ද ඇත්තටම වුණේ?

රන්ජන් අයියයි මමයි කතා කරපු, ඒවනේ ඔය එළියට ඇවිත් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි අපේ හොඳ යාළුවෙක් එක්ක කතා කරද්දී එක එක දේවල් කතා කරනවනේ. අවාසනාවකට අපේ කතා එළියට ආවා. රන්ජන් අයියයි මමයි ෆිට් එකේ කතා කරනවා ගොඩක් වෙලාවට. ඔහුගේ දේශපාලන ක්‍රියාවන් එක්ක හඬපට එළියට ආපු එක තමයි ප්‍රශ්නය. මට සාමාන්‍යයෙන් දරා ගැනීම තියෙන කෙනෙක්. පසුගිය දවස් ටිකේ මේ වුණු දේ ගැන  මම දුකෙන් හිටියා. පියුමි හංසමාලි කවදත් ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. මේ ප්‍රශ්නෙදීත් මම ඒකට මුහුණ දෙනවා. අපේ ලංකාවේ අය ජනප්‍රිය අයගේ දේවල් කතා කරන්න, එයාලා ගැන හොයන්න කැමැතියි. මම රන්ජන් අයියා එක්ක කතා කළා වගේ තව නිළියෝ රන්ජන් අයියා එක්ක දේවල් කියනවා. ඒක සාමාන්‍ය දෙයක්.

හඬපට එළියට ආවට පස්සේ රන්ජන් රාමනායක පියුමිට කතා කළාද?

ඔව්. මේ ප්‍රශ්නය වුණු දවසේ ඉඳන් එයයි මමයි කතා කළා. මේ වෙලාවේ රන්ජන් අයියගේ මානසික පීඩනය මම බලන්න ඕනේ. එයාගේ පෞද්ගලික දුරකථන සංවාද එළියට ඇවිත් තියෙන වෙලාවේ මගේ හඬපට එකකට, දෙකකට රන්ජන් අයියට මම පීඩනයක් දෙන්නේ කොහොමද? එයා වුවමනාවෙන් ඔය දේවල් කළේ නැහැනේ. සමහර ෆෝන්වල හැම දුරකථන ඇමැතුමක්ම පටිගත වෙනවා. මම දැන් පාවිච්චි කරන ධ් නඩධදඥ එකෙන් මම කවදාවත් කතා කරන ඒවා, වීඩියෝ දුරකථන ඇමැතුම් රෙකෝඩ් කරන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්. රන්ජන් අයියගෙන් මම ඇහුවා ඇයි ඒ ඇමැතුම් රෙකෝඩ් කළේ කියලා. එන දුරකථන ඇමැතුම්, ගන්න දුරකථන ඇමැතුම් රෙකෝඩ් වෙනවා කියලා එයා කිව්වා. වැදගත් දුරකථන ඇමැතුම් වුවමනාවෙන් රෙකෝඩ් කළත් එක එක අයට කතා කළ අනෙක් දුරකථන ඇමැතුම් රෙකෝඩ් කරන එක වැඩක් තියෙනවද කියලා එයාම හිනා වෙවී කියනවා.

මේ වෙච්ච දේවල් එක්ක රන්ජන් එක්ක  තරහක් නැද්ද?

රන්ජන් අයියට මම මේ වෙලාවේ මොනවා කියන්නද? එයාට බැන්නා කියලා මොනවා කරන්නද? මම ඉතින් පාඩුවේ හිටියා.

අන්තිමට පියුමිට ඉතිරි වුණේ රන්ජන් විතරද? ක්‍ෂේත්‍රයේ අනෙක් යාළුවෝ නැති වුණාද?

මම ලොකුවට ක්‍ෂේත්‍රයේ අයව ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි. ඒ මගේ හැටි. මට ඉන්නේ සාමාන්‍ය යාළුවෝ ටිකක්. මට කරදරයක්, දුකක් වුණොත් ඒ අය මාත් එක්ක ඉන්නවා. මගේ පවුලේ අය මට ඉන්නවා. මට ක්‍ෂේත්‍රයේ යාළුවෝ ඕනේ කියන තැන මම නැහැ. මම මුට්ටි අල්ලලා අධ්‍යක්ෂවරුන්ගෙන් ෆිල්ම් ඉල්ලගෙන නැහැ. රන්ජන් අයියා මගේ යාළුවා වුණත් එයා කතා කළත් එයාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකටවත් මම ගිහින් නැහැ. රන්ජන් අයියට මම පෞද්ගලිකව ආදරෙයි. හරි කැමැතියි. එයා ඇත්ත කතා කරන කෙනෙක් නිසා. එයාගේ මොනවා හරි වැරැදි ඇති. එයාගේ තියෙන හොඳ පැත්තට මම කැමැතියි. පාසල් යන කාලේ මම රන්ජන් අයියගේ රසිකාවියක්. ඊට පස්සේ අපි යාළුවෝ වුණා. රෑට ඉතින් අපි දෙන්නම කම්මැළිකමට චැට් එකක් දාගෙන ඉන්නවා. මම වගේ එයාට තව කතා කරන අය ඉන්නවා. මාව ළඟින් ආශ්‍රය කරන අය මම කවුද කියලා දන්නවා.

පියුමි එකට ආශ්‍රය කළ කිහිප දෙනෙක්වම රන්ජන් එක්ක විවේචනය කළානේ. ඒ අය දැන් පියුමි එක්ක කතාබහ කරනවාද?

සමහර අය මාත් එක්ක තරහයි. සමහර අය නම් මාත් එක්ක කතා කරනවා. සමහර අය හිතට එකඟව දන්නවා මම කියන්නේ මම හදපු කතා නෙවෙයි. ඒ අය ගැන මම ආශ්‍රය කරන අය කියන දේවල් මිසක් මම හොයාගෙන ගිය දේවල් නෙවෙයි කියන්නේ.

පියුමි කියපු දේවල්වලින් කලා ක්‍ෂේත්‍රයේ ඒ චරිතවලට වුණේ හානියක් නේද?

කවුරු හොඳට හිටියත්, නරකට හිටියත් මොනවා කළත් චරිතවලට හානි සිදුවෙනවානේ. මම ඕවා කිව්වේ නැතත් ඒ ඒ චරිත ගැන එක එක අය එක එක කෙනාට දේවල් කියා ගන්නවා. ඕන කෙනෙක්ට දේවල් දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ.

පියුමි ආශ්‍රය කරන යාළුවන්ට හොඳ මුහුණ පෙන්නන්නේ බොරුවටද? ක්‍ෂේත්‍රයේ හොඳ යාළු මිත්‍රකම් ඔබට නැද්ද?

අපිත් එක්ක හොඳට කතා කරලා තැන් තැන්වල අපිට බනින ඒවත් කෝල් රෙකෝඩින් තිබ්බා නම් ලංකාවට පෙන්නන්න තිබ්බා. රන්ජන් අයියා අහන දේවල්වලට මම දන්න දේවල් කියනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. මම බොරු කියන කෙනෙක් නෙවෙයි. මම කිව්ව දේවල් බොරුවක් නෙවෙයි කියලා මම ඔප්පු කරනවා.

අනෙක් අයට මඩ ගහන පියුමි හොඳ කෙනෙක්ද කියලා බොහෝ අය සමාජ මාධ්‍යවල ප්‍රශ්න කරලා තිබුණා?

මෙහෙමයි මම පත්තිනි අම්මා නෙවෙයි. මගේ පත්තිනි, තුත්තිරි සළු නැහැ. මම මගේ ජීවිතේ හොඳට විඳින, උපරිම සතුටෙන් ඉන්න කෙනෙක්. උඹට මේ කොල්ලා එක්ක සම්බන්ධයක් තිබුණාද කියලා රන්ජන් අයියා මගෙන් ඇහුවා නම් මම ඒක තිබ්බා නම් ඔව් කියනවා. වෙන දෙයක් වුණා නම් මම ඒකත් කියනවා. මම දකින දකින මිනිහා එක්ක යන, ෆේස්බුක්වල එක එක කොල්ලෝ එක්ක චැට් කරන කෙනෙක් නෙවෙයි. ගමේ ඉඳන් කොළඹට ඇවිත් ගණිකා වෘත්තියේ යෙදෙන අය ගැන අහද්දී මම මගේ නම කියන්නද? රන්ජන් අයියා අහන වෙලාවට මම දන්න දේවල් කියනවා. ගම්වලින් කොළඹට ඇවිත් සුපිරි එපාර්ට්මන්ට්වල ඉන්න, එක එක දේවල් කරන අය ගැන මම කිව්වේ. මගේ යාළුවෙක් වුණත් මට එයාට කියන්න බෑ රන්ජන් අයියා එයාට කැමැතියි  කියලා. ඒ වෘත්තිය කරන අය මට පෙන්වන්නේ නැහැ එයාලා එහෙමයි කියලා. නමුත් ඒ ඒ අය එහෙමයි කියලා මං දන්නවා. ඒවට මම ළඟ සාක්ෂිත් තියෙනවා.

පියුමිටත් කැත නාමයක් වැදිලා ඉවරයි?

ලොකු කැත නාමයක් ගෑවුණා ඉතින්. ප්‍රශ්නයක් නැහැ. මගේ හිතට වේදනයි. ලෝකයේ එච්චර කැත නාමයක් ගෑවුණ පළමුවැනි කෙනා මම කියලා හිතනවා නම් මට ලැජ්ජයි. මීට වඩා කැත නාම ගෑවුණ අය සෑහෙන ඉන්නවනේ. ඒ නිසා මම හිත හදාගෙන ඉන්නවා. ගෑවුණු කැත නාමය කාලයත් එක්ක හරි යයි කියලා මම හිතනවා. ලෝකයාට ඇත්ත තේරෙයිනේ.

ප්‍රියාන් එක්ක තිබ්බ සම්බන්ධය මොකක්ද?

ප්‍රියාන් සහ මම ගනුදෙනුවක් කළා. ඒක අද ඊයේ වුණු දෙයක් නෙවෙයි. ඒ ගනුදෙනුව කරලා අවුරුදු දෙකක් විතර ඇති. ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිත දෙක තමයි මමයි, රන්ජන් අයියයි. ප්‍රියාන් බිස්නස් කරන කෙනෙක්. එයා එක්ක මගේ කිසි සම්බන්ධයක් නම් තිබුණේ නැහැ. එයත් ඒක පිළිගන්නවා. අපි අතර ගනුදෙනුවක් විතරයි වුණේ. කවදාවත් අපි අතර විශේෂ සම්බන්ධයක් තිබුණෙත් නෑ. ඉදිරියේදී ඇති වෙන්නෙත් නැහැ. මගේ හිටපු පෙම්වතා වෙනුර, ප්‍රියාන්ගෙන් අහලා තිබුණා අපි අතර සම්බන්ධයක් තිබුණාද කියලා. එයත් ඒ වෙලාවේ එහෙම එකක් තිබුණේ නෑ කියලා වෙනුරටත් කියලා තිබුණා.

වෙනුර දැන් පියුමිගේ පෙම්වතා නෙමෙයිද?

වෙනුර මගේ ජීවිතේ දැන් නැහැ. එයාට සමහර වෙලාවට දැන් පෙම්වතියක් ඉන්නවත් ඇති. මට කතා නොකළත් එයා මං ගැන විස්තර වෙන අයගෙන් දැනගන්නවා.

මේ දවස්වල පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා?

ඔව්. මම රංගන කටයුතු බදාගෙන කරපු කෙනෙක් නෙවෙයි. මම සම්බන්ධ වෙන ‘රැස්’ නාට්‍ය විකාශය වෙනවා. එහි වැඩ ටික ලස්සනට කරගෙන යනවා. හොඳ නාට්‍යයක් කාලයකින් හම්බ වුණා. ඒ වැඩ ටික කරනවා.

පියුමි වැඩ ගොඩක පේන්නත් නෑ. එහෙම පියුමිගේ අතමිට සරු වෙන්නේ කොහොමද?

මට හොඳ ආදරවන්තයෙක් ලැබිලා ඉන්නවා. එයා මාව තාත්තා කෙනෙක් වගේ බලාගන්නවා. මම මහා ලොකු සුපිරි ජීවිතයක් ගත කරන්නේ නැහැ. මම සාමාන්‍ය විධියට මගේ අම්මයි, දරුවයි එක්ක ඉන්නවා. සුපිරි එපාර්ට්මන්ට් එකක නෙවෙයි සාමාන්‍ය ගෙදරක මම ඉන්නේ. අපේ සමහර නිළියෝ BMW,  අවුඩි අරගෙන ඉන්නේ. රඟපාලා එයාලට එච්චර දේවල් ගන්න බෑ. සුපිරි තැන්වල ඉන්නේ. අනේ මම තාම යන්නේ ත්‍රීවීල්වල. මිනිස්සුන්ට පෙනෙන තරම් සුපිරි ජීවිතයක් මගේ නෑ. එදාවේල කාලා ජීවත් වෙන්න හැකියාවක් මට තියෙනවා.

පියුමි ආයෙත් විවාහ වෙයිද?

හොඳ කෙනෙක් මට ලැබිලා ඉන්නවා. කිසි අඩුවක් නෑ මගේ ජීවිතේ. මම ආයේ මේ ජීවිතේ කාවවත් කසාද බඳින්නේ නැහැ. මම ආදරෙන් කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා. ඒ කෙනා මාව බලාගන්නවා. ඉදිරියේදී මොනවා වෙයිද කියන්න දන්නේ නෑ. සමහර විට විදේශගත වෙන්නත් පුළුවන් මම. ජීවිතේ මොනවා වෙයිද කියලා දන්නේ නෑ. අපේ අනාගතය කොහොම ලියවිලා තියෙනවාද දන්නේ නෑනේ ඉතින්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button