පළකල දිනය : Mon, Jan 20th, 2020

යලිත් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි. තීන්දුව රන්ජන් කලින්ම කියයි

තමන්ට වසර ගණනාවක බරපතළවැඩ ඇතිව සිරදඬුවම් ලැබෙනු ඇති බව දැනට බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත.

ඔහුගේ සුදු බැලීමට ගිය සමීප කිහිපදෙනකු සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමනට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවේ තීන්දුව නුදුරෙහි දීම ලැබීමට නියමිතව ඇති බව කියමිනි.

පවතින තත්ත්වය මත තමන්ට මෙම නඩුවෙන් සිර දඬුවම් ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම දැනට චෝදනා එල්ල වන අධිකරණයට බලපෑම් කිරීම මත ද තමනට නැවතත් සිර දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව තමන් දීර්ඝ කාලයක් සිර දඬුවම් හිමිවනු ඇති බවත් බොහෝ දුරටත් නැවතත් තමන් පාර්ලිමේන්තුවේ දැකීමට ඉඩ නොලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button