පළකල දිනය : Tue, Jan 21st, 2020

රන්ජන්ගේ පාර්ලිමේන්තු කතාව

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අනාවරණයන් කිහිපයක් සිදුකරනු ලැබුවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේ_න්පානය කිරීම පිළිබඳව තමන් සොයාගත්තේ පියුමි හංසමාලි සමග කතාබහ කිරීමෙන් පසුව බවට රන්ජන් රාමනායක පවසනවා.

තමන් පියුමි හංසමාලිව යොදාගත්තේ උපාය ධුතයෙක් වශයෙන් බවටද රන්ජන් පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා. එමගින් කොකේ_න් පාවිච්චි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධව තොරතුරු තමන් සතුව ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් අගමැතිවරයා තමන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධව කොමිසමක් පත් කිරීමට සූදානම් බවට මේ වනවිට වාර්තා වන නමුත් ඔහු එලෙස සිදුනොකරන බවට තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවට රන්ජන් රාමනායක පැවසුවා. එහිදී ඔහු පැවසුවේ ”’මේකට නඩු දාන්නෑ පුතා, මම දැන් කියනවා”’ කියායි. මොකද අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති දුරකථන සංවාදද තමන් සතුව ඇති බවට රන්ජන් මෙහිදී පැවසුවා.

ඒ කාලේ කෝල් කරලා මහින්ද මහත්තයා කිව්වා මම එළියේ ඉන්නේ එතුමා කියලා , ඒ දුරකථන සංවාදද මගේ ළඟ තියෙනවා යනුවෙන් රන්ජන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.

Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button