පළකල දිනය : Fri, Jan 24th, 2020

ගෝඨාගේ “පෞර්ශය බිඳ දැමීමට” සමාජ ජාල මෙහෙයුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞර්ශය බිඳ දැමීමට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාපෘතියක් අරඹා ඇති බවට අපට තොරුතුරු වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය පිටුපස කොළබ ප්‍රදේශයේ හීන දකින හිටපු ඈමතිවරයකු සිටින බවත්, ඔහුගේ මූලිකත්වයෙන් ෆේස්බුක් පිටු කිහිපයක් මෙන්ම සමාජ ජාල ක්‍රියාකරුවන් පිරිසක් මේ සඳහා මිලට ගෙන ඇති බවත් වාර්තාවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩරුව සහිත පුද්ගලයෙකු යොදාගෙන,ඔහු දුම්රියේ ,කඩපිලේ සිටින ඡයාරූප ගෙන ඒවා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙත මුදාහැරීම මෙම ව්‍යාපෘතියයි.

දැඩි පෞර්ෂයක් ඇති නායකයෙකු ලෙස පක්ෂ විපක්ෂ බොහෝ දෙනා පිළිගන්නා ගෝඨාභය රාජපක්ෂ මහතාව, ඉතා සරළ , පෞර්ෂයක් නොමැති සිරිසේන පන්නයේ බෙලහීන නායකයෙකු ලෙස සමාජයට හැඟවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

දෑනටමත් ආරක්ශක නිළධාරීන් විසින් මෙම කන්ඩායම පිළිබදව පරීක්ශණ සිදු කරන අතර ඉදිරියේ ඔවුන්ට විරුද්ධව ක්‍රියාමර්ග ගනු ඈත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button