පළකල දිනය : Sat, Jan 25th, 2020

වුහාන් වල වෙසෙන ශ්‍රී ලාංකික මවකගෙන් ආයාචනයක්

කොරෝනාවෛරසය පැතිරෙමින් පවතින චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු ඉවත් කිරීමට හෝ නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව බීජිංනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මේ අතර එරට වෙසෙන ශ්‍රී ලාංකික තැනැත්තියක් වන හර්ෂනී අනුරාධා සිට ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණා.

එහි ඇය සඳහන් කර තිබුණේ මේ වනවිට ආහාර පාන ලබා ගැනීමේ ගැටළුවකට පවා සියල්ලන්ම මුහුණ පා ඇති බවයි.

එමෙන්ම ගුවන්තොටුපළ පවා වසා දමා ඇති බැවින් නැවත ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

වුහාන් නගරයේ පමනක් ශ්‍රී ලාංකික සිසුන් 44 දෙනෙක් සිටින බවයි ඇය සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර කෙසේ හෝ චීනයේ රැඳී සිටන ශ්‍රී ලාංකිකයින් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටිනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button