පළකල දිනය : Tue, Jan 28th, 2020

රණවිරුවන් වෙනුවෙන් ගෝඨා

රණවිරුවන්ට එරෙහිව පසුගිය රජය විසින් යොමු කළ නඩු කිහිපයක් නවතා දැමීම පිළිබඳ පරීක්‍ෂා කිරීමට පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව ඊයේ (27 දා) නීතිපතිවරයාට නියම කර තිබේ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් 14 දෙනකුට එරෙහිව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව සිය කොමිෂන් සභාවේ අවසන් නිර්දේශය නිකුත් කරන තෙක් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සිදුනොකිරීමට වගබලා ගන්නැයි මෙලෙසට ජනපති කොමිසම විසින් දන්වා තිබේ.

වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායක යන රණවිරුවන් විසින් එම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් මෙහිදී සිදු කළ දේශපාලනපලිගැනීම් පෙන්වාදී තිබුණි.

එබැවින් නීතිපතිවරයා විසින් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සහ ඊට අදාළ සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කර සාක්‍ෂි කැඳවීම වළක්වමින් නීතිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයන් කටයුතු කිරීම වාරණය කිරීමට තම කොමිෂන් සභාව තීරණය කළ බවද එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වාදී ඇත.

2015.01.08 සිට 2019.11.16 වැනිදා යන කාලසීමාව තුළ සිදුවී ඇත්දැයි කියන දේශපාලනමයපළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවක් පත් කළ අතර විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස පත්කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button