පළකල දිනය : Wed, Feb 12th, 2020

සහල් ආනයනය නොකිරීමට තීරණය කරයි

සහල් ආනයන නොකිරීමට රජයප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර්මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

මෙවර මහකන්නයේවී අස්වනුනෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික්ටොන් ලක්ෂ30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

(අජන්ත කුමාර අගලකඩ)
Source – ලංකාදීප

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button