පළකල දිනය : Sat, Feb 15th, 2020

මාර්තු 02 පාර්ලිමේන්තු සැසිය අවසන්. රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවයි

එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය සහ ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි තරග කිරිමට යොදාගන්නා සලකුණ සම්බන්ධයෙන් පැන නැගි ඇති අර්බුධය හමුවේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ජනාධිපතිවරණය්දි ලබා ගත් ජන්ද ප්‍රතිශතයට වඩා අඩු ජන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සහ දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි.රත්නායක රාජ්‍යය අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන නගරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මාර්තු 2 දින පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වන බවත්, එදිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවයි සි.බි.රත්නායක රාජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයට මුහුණ දිම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත්ව කටයුතු කරන බවත්, කටමත දොඩවන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මේ රටේ ජන්ද දායකයා බුද්ධිමත් තිරණයක් ගන්නා බවයි සි.බි.රත්නායක රාජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ.

මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සදා ගන්නා ශක්තිමත් ආණ්ඩුවක් තුල දුම්රිය සේවය සදහා රාජ්‍යය ප්‍රතිපත්තියක් සකස් කිරිමට කටයුතු කරන බවද සි.බි.රත්නායක රාජ්‍යය අමාත්‍යවරයා මාධ්‍යය හමුවේ වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button