පළකල දිනය : Sat, Feb 15th, 2020

හමුදාපති වීර හෙලයෙක් බව පෙන්වයි. ඇමරිකාවට පිලිතුරක්

තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරයි.

ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීමතහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩිවිරුද්ධත්වයප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාහමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේජ්‍යෙෂ්ඨත්වය සහ මානවහිමිකම්උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරුකිරිම සඳහා කිසිඳුචෝදනාවක් නොමැති නිසා බව විදේශ සබදතා අමාත්‍යාංශය අවධාරණය කරයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයමත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂකමාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළිසමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටඑරෙහිව ඊයේ සංචාරකතහනමක් පැනවූයේ ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button