පළකල දිනය : Wed, Feb 19th, 2020

ඇන්තනී පවුල ඉස්සරහට ගෙනියන්න ඉන්න ඕනේ පුතෙක්

අකිල ධනුද්දර කියන නම මුලින්ම කවුරුත් හදුනා ගත්තේ ජැක්සන් ඇන්තනිගේ පුතා හැටියටයි. නමුත් මේ වෙද්දී සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේම අනන්‍යතාවයක් අකිල ගොඩනගාගෙන තිබෙනවා. විවිධ චරිත එක්ක ජනතාවට සමීප වෙන අකිල දැන් ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණිය බිරිද තමයි එමී.

දැන් බොහෝ දෙනෙක් එමීවත් හදුනනවා. අකිල හා අලුත උපන් දියණිය ගැන එමී හරි අපූරු කතා ටිකක් කියලා තිබුණා.

එමී කියන්නෙ තනිකඩ ජිවිතේට වඩා මේ ජිවිතේ ලොකු වෙනසක් දැනෙනවා කියලයි. මොකද මේ වෙන කොට එමී මවගේ රාජකාරිත් එක්ක ගොඩාක් කාර්යබහුල වෙලානෙ ඉන්නේ.

මේ පුංචි පවුල සම්පූර්ණ වෙලා ඊයේට (18) හරියටම මාසයක් වෙනවා.

මුල් දවස්වල බබාත් එක්ක නිදාගෙන ඉන්නකොටත් එමීයි අකිලයි දෙන්නම එකවරම ගැස්සිලා ඇහැරෙනවලු. ඇහැරිලා බබා ඉන්නවද බලනවාලු. එයා හුස්මගන්නවද කියලා හොයනවලු.

පුංචි බබාලා ඉන්න ගොඩක් ගෙවල්වල වගේ මේ දවස්වල අකිලගෙ සහ එමීගෙ ගෙදරත් හරියට නින්දක් නැහැ. සමහර දවස්වලට දුව නිදාගන්නේ නැතුව අඬනවාලු. නලවගන්න හරිම අමාරුයි කියලත් කිව්වා.

එමී කියන්නේ අකිල නැති වුණාම එයාට පිස්සු වගේ කියලයි.. තනියම හැමදේම කරගන්න ඕන කියලා හිතුවට ඒක හරිම අමාරුයිලු.

දියණිය ඉපදෙන්න ඉන්නකොට එමීව පරික්ෂා කළ ඩොක්ටර් පවා කියලා තිබුණේ “ඉපදෙන්න ඉන්න බබා නම් තාත්තා වගේම දිගයි කියලා..” හම්බුණාට පස්සේ රූපයත් හැඩයත් එයා වගේම තමයි ලු.

එමී ස්භාවික දරු ප්‍රසූතියකට තමයි ලෑස්ති වෙලා හිටියේ. නමුත් ඒ මොහොතේ වෛද්‍යවරු තීරණය කළා ලු ඇයගෙ තත්ත්වය අනූව සැත්කමකින් දරුවාව ගන්න. ඒ මොහොතේ ඇත්තටම එමීත් හොදටම බය වෙලා ඉඳලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි අකිලත් හොදටම බය වෙලා තමයි ඉඳලා තියෙන්නේ.

එක මොහොතකදී එමීගෙ හුස්ම හිර වුණා වගේ වුණා ලු. ඒ වෙලාවෙ නම් අකිල හොඳයම බය වෙලා.

මේ සිද්ධිය අතරේ වෙච්ච බොහොම සංවේදී සිදුවීමකුත් එමී මතක් කළා.

“සැත්කම කරලා බබා එළියට අරගෙන සුදුම සුදු බබෙක් මගේ අතටත් අකිලගේ අතටත් දුන්නා. ඊට පස්සේ බබාව ක්ලින් කරලා ඩොක්ටර් කිව්වා තියටර් එකෙන් එළියේ හිටපු අම්මා, අප්පච්චි ඇතුළු කට්ටියට බබාව පෙන්නලා එන්න කියලා අකිලට. ඒ මොහොතේත් මගේ සැත්කම සිදුවෙමින් තිබුණේ. අකිල කිව්වා අනේ ඩොක්ටර් මගේ වයිෆ්ගේ බඩ කපලා ඇරලා තියෙද්දී මම කොහොමද මෙයාව දාලා යන්නේ. මම වයිෆ් ලග ඉන්නම් කියලා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් බබාව පවුලේ අය ලගට අරගෙන ගියා. මාව තියටර් එකට ගත් මොහොතේ ඉදලා අවසන් වෙනකල්ම අකිල සියල්ල බලාගෙන හරිම වේදනාවෙන් එතැන හිටියා. ඔහු ලග හිටපු එක මට ශක්තියක් වුනා.” ඇය කියා සිටියා.

දුවක් ඉන්න නිසා පවුලට පුතෙක් එකතු කරගන්නත් එමී ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ..
එමී විතරක් නෙමෙයි දෙන්නම පුතෙකුත් හදන්න කැමැත්තෙන් ඉන්නේ. මොකද ඇන්තනි පවුල ඉදිරියට ගෙනියන්න පුතාලා ඉන්න ඕන ලු.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button