පළකල දිනය : Thu, Feb 20th, 2020

එයාබස් ගණුදෙනුවෙන් මුදල් ලබා ගත් මෙරට ප‍්‍රබලයා

කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, සේබර් විෂන් හෝල්ඩින් සමාගම අයත් නිමල් පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත්අධිකරණයේදී හෙළි විය.

නිමල් පෙරේරා මහතා,, කොටුව මහේස්ත්‍රාත්අධීකරණය හමුවේ පැවැති,, මේ වන විට බහා තබා ඇති මුදල්විශූද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවරුණුනඩුවකපැමිණිල්ලේ සාක්ෂිකරුවෙකි.

ඒ අනුව, නිමල් පෙරේරා මහතාට විදෙස් ගමන්තහනමක් පැනවුණු අතර, ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක විස්තර ලබා දෙනලෙස ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක මහත්මියට අයත් ගිණුමෙන්, යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස් නමැති සාමාගමකට එවා ඇති බවයි.

එම සමාගමට ස්ථීර ලිපිනයක් නොමැති අතර, එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් සහෝදරයින් බවත් අධිකරණයේදී
අනාවරණය විය.

බාල සහෝදරයාගෙන්අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අනෙක් සහෝදරයාට හෙටඅපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසකැඳවීම් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධවිමර්ශන මන්දගාමී ඇයිදැයි කොටුවමහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අදඅපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසී ය.

ඒ සම්බන්ධයෙන් යම්බලපෑමක් තිබේදැයි විමසු මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, එවැනිබලපෑමක් තිබේ නම්අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

මේ පිළිබඳවවිමර්ශනය කරන ප්‍රධානවිමර්ශන නිලධාරීයා සති 2 ක් විදේශ ගතවීම නිසාවිමර්ශන ප්‍රමාද වූ බව,අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදීඅධිකරණයට දැනුම් දුන්නේ ය.

Source – newsfirst

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button