පළකල දිනය : Fri, Feb 21st, 2020

එක්දරු පියාගේ කතාව

අතුරුගිරිය, තලවතුගොඩ ප්‍රදේශයේ ඉකුත් 18 වන දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර්රථයේගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකුමරණයට පත්ව ඇත.

මෙසේමරණයට පත් වූයේමීගහතැන්න වෙලපහළ, මාවතවත්ත ප්‍රදේශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස්‌ දෙහැවිරිදි එක්‌ දරු පියෙකි.

තලවතුගොඩ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී රාත්‍රි 12.40 ට පමණ වේගයෙන් පැමිණ ඇති මෝටර් රථයඅනතුර සිදුකරපලාගොස්‌ තිබේ. එහිදී එම ස්‌ථානයේ සිටි පිරිසක්‌ මෝටර් රථය පසුපසහඹාගොස්‌ රංගන ශිල්පියාඅල්ලා ගෙන ඇතැයිදපොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරටලක්‌වී බරපතළතුවාලලැබූ අය රෝහලට ඇතුළත් කරන විටදමියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන්මරණයට පත්වූ අයට මාස දෙකක්‌ වයසැති දියණියක්‌ සිටින අතර,සිද්ධිය වූ ස්‌ථානයේ සිටිමියගිය අයගේ වැඩිමහල් සොයුරු වන ගම්මන ලියනගේ නිලන්ත මෙසේ පැවසීය.

මියගොස්‌සිටින මගේ මල්ලි සහ මම ජී. එන්. එල් සුපර්ලේයර් කියන පුද්ගලික ආයතනයට අනුයුක්‌තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවෙ අපි ෂෙඩ් එක ඉස්‌සරහ පදික මාරුවේ තීන්ත ආලේප කරමින් සිටියේ. අපි හත් දෙනෙක්‌ පමණ එම ස්‌ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා. මම පදික මාරුවලකුණු කරදී මඳක්‌ ඉදිරියට ගිහින් අනිත් වැඩ කටයුතු සොයා බලද්දී එක පාරටම මල්ලි මෝටර්රථයේවැදුණු සද්දෙ ඇසුණා. ඒ සමගම මම මල්ලි ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථයපලාගියා. එතැන සිටි පිරිසක්‌ මෝටර් රථයේ පසුපසහඹාගොස්‌ ඔහුඅල්ලාගෙන තිබෙනවා.අනතුරෙදීමෝටර් රථයේ යම්ආබාධයක්‌ සිදුවී ඇති බැවින් වේගෙන් යන්න බැරි වෙලා තියන බවත් එසේ නොවන්නට මෝටර් රථයපලායන බවත් දැනගන්න ලැබුණා. පසුව දැන ගත්තේඅනතුරසිදු කළ අය රංගන ශිල්පියෙක්‌ කියලා. ඔහුබීමත්වසිටි බව වෛද්‍යපරීක්‌ෂණවලදීසනාථ වූ බව ද දැන ගන්නට ලැබුණා.

මල්ලි බොහෝ අහිංසක චරිතයක්‌. එයාගේ දුවට මාස දෙකයි.බීමත්වමෙවන්අනතුරු කරන සෑම කෙනෙකුටම තරාතිරම නොබලාඋපරිමදඬුවම්දිය යුතුයි.

මියගියඅයගේ සොයුරිය වන ගම්මන ලියනගේ චන්ද්‍රලතා මහත්මිය මෙසේ පැවසුවාය.

” අනේ මගේ මල්ලි හරිම අහිංසකයෙක්‌ බව ගමේ හැමෝම දන්නවා. මේ දුක අපේ පවුලේ අයට වාවගන්න බෑ. මේඅවාසනාවන්තඅනතුර නිසා මාස දෙකක දුවත්, මල්ලිගේ නෝනාත්ඉතාඅසරණ තත්ත්වයට පත් වෙලා. මල්ලිජීවත් වෙන්න ලොකුසටනක්‌කරගෙන ගිය කෙනෙක්‌. රැයක්‌ දවාලක්‌ නොබලා රස්‌සාව කළේ දරු පවුලරැක ගන්න සැලකිය යුතු ආදායම් මාර්ගයක්‌ නොමැති නිසයි.

අපිට දැන ගන්න ලැබුණාඅනතුරට සම්බන්ධ රංගන ශිල්පියා ඒ අවස්‌ථාවේබීමතින් සිටි බව.බීමත්කම නිසා මේ රටේ සිදුවනඅනතුරුවලින් පවුල් කීයක්‌අනාථවෙනවාද? දැන් අපිට මල්ලිඅහිමි වෙලා ඉවරයි. ඒත් මේ දේ තවත් කෙනෙකුට නොවන්නට උපරිමයෙන්නීතික්‍රියාත්මක කළ යුතු යෑයි අපි ඉල්ලා සිටිනවා.

අනතුරින්මියගියඅය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන් ද සමග ඉතා සුහදව කටයුතු කළ කිසි කෙනෙකුටවදරක්‌නොකරන අයකු බව ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක්‌ පවසා සිටියහ.

මෙයට සම්බන්ධ රංගන ශිල්පියාඋසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුරක්‌ෂිතබන්ධනාගාරගත කර ඇති අතර තලංගම පොලිසිය වැඩිදුරපරීක්‌ෂණ පවත්වයි.

Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button