පළකල දිනය : Sat, Feb 22nd, 2020

සිවු දෙනෙකුට ජනාධිපති සමාව සූදානම්

උතුරේ මානුෂිකමෙහෙයුම අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවටචෝදනා කරමින් අධිකරණයේවරදකරු කරසිරගතකර සිටින හමුදා නිලධාරියකුට සහසෙබළුන් තිදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීතිඅංශආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙනවරදකරුවන්ටසමාව දීමේ බලයප්‍රකාරව ක්‍රියා කරමින් මෙකීසමාවප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලයමහාධිකරණයේ විභාග වූ නඩුදෙකකට අදාළව මෙම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරියා වරදකරුවන් වී දැනටසිරදඬුවම්විඳිමින් සිටිති.

මේ සිව් දෙනාම මහාධිකරණය මගින්මරණීයදණ්ඩනය නියම කළ තැනැත්තන් බවද වාර්තා වේ.

මොවුන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති ජනපතිවරයා එසේ සමාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මෙකී නඩුවිභාගසිදුකළ මහාධිකරණවිනිසුරුවරු තිදෙනාගෙන් විධිමත් වාර්තා ලබාගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව මහාධිකරණආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Source – deshaya

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button