පළකල දිනය : Sun, Feb 23rd, 2020

සිරිසේන එක් කර ගැනීම නිසා වෙච්ච දේ මහින්ද කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පාර්ශ්වයට එක්කරගැනීම හේතුවෙන් විශාලවිරෝධයක්එල්ල වී තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරනයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුම්ගත වී ඇති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන ලද පුද්ගලයා පිළිගැනීමට සිදු වූයේ යයිද ඔහු සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට වෙනත් පුද්ගලයෙකු ශ‍්‍රීලනිපය විසින් එවුවේ නම් ඔහු පිළිගන්නා බවද අගමැතිවරයා පැවසීය.

අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදකින්නට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කරන ලදී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button