පළකල දිනය : Sun, Feb 23rd, 2020

උපුල් තරංග එළියේ තියන්නේ ඇයි

දේශපාලනය සහ පෞද්ගලික ඇරියස් කවර් කරගැනීම නිසා ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති බව තරුණ සේවා හිටපු සභාපති එරන්ද වැලිඅංගේ කියා සිටිනවා.

ජනහමුවක් අමතමින් ඒ මහතා සඳහන් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැරදි වහා නිවැරදි කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න, ජාත්‍යන්තර ගෞරවයක් ගේන්න තිබුනේ ක්‍රිකට් ක්‍රීඩාව විතරයි. දැන් බලන්න ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන දේ. එක්තරා කල්ලියක් ක්‍රිකට් ක්‍රීඩාව සින්නක්කර අයිතිකරගෙන විනාශ කරමින් ඉන්නවා.

පුහුණුකරුවො, කාර්ය මණ්ඩල විතරක් නෙවෙයි ක්‍රීඩකයෝ පවා තෝරන්නේ මේ ක්‍රිකට් මුදලාලිලාගේ නිර්නායක වලට.. සැබෑ දක්ෂයො කැපිලා අවස්තාව හිමි වන්නේ තෝරාගත් විශේෂ පිරිසකට. අපි අද ලෝකේ යටටම වැටිලා ක්‍රිකට් වලින්.

ආසන්නම උදාහරණ දෙකක් කියන්නම්.. පහුගියදා පැවති යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ලෝකයේම 10. බංග්ලාදේශය ලෝක ශූරයො වෙද්දි, ඇෆ්ගනිස්ථානය හොදම අට අතරට යද්දි අපි ලෝකයෙන්ම 10. මේ දක්ෂ යොවුන් ක්‍රීඩකයො නැතුවද අපිට.

එතකොට අද බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සංචිතය නම් කළා. පුහුණු තරගයේ සීයක් ලබා ගනිපු උපුල් තරංග සංචිතයේ තබා දෙවෙනි පුහුණු තරගයේවත් නෑ..

මේවා අහඹු සිදුවීම් කියලා හිතන්න බෑ. ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ නිල නොවන ජාතික ක්‍රීඩාව. මේ මුදලාලිලාට එරෙහිව ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ඕන සහයක් අපි විපක්ෂය විදියට ලබා දෙනවා.” යනුවෙන් පැවසූවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button