පළකල දිනය : Mon, Feb 24th, 2020

පූජිත විශ‍්‍රාම යයි

දැනට අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර එළැඹෙන මාර්තු 15 වනදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.

ජයසුන්දර මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ඔහු එදින විශ්වාස විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව එදිනට පසු නව පොලිස්පති වරයෙක් පත් කිරීමට නියමිතව ඇත.

ඒ සඳහා මේ වනවිට කිහිපදෙනෙකු අතර තරගයක් ඇති වී තිබෙන බව ආරංචි මාර්ග කියයි.

දැනට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන චන්දන වික්‍රමරත්න මහතාජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටියි.

නව පොලිස්පතිවරයා පත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නම් හෝ නම් සදහා අනුමැතිය දීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදු කිරීමට නියමිතය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button