පළකල දිනය : Tue, Feb 25th, 2020

මහනුවර අධිවේගයේ ඇති කෲඩියා ශාකය රැකගනිමු

අවසන් වරට කළුතර දිස්ත‍්‍රික්කයෙන් 1911 දී වාර්තා කරන ලද ඉන්පසුව එම ගසදකපාදමා ඇති නිසා ලොවෙන්මවඳවීගොස් ඇතැයි සිතූ ලංකාවට ආවේණික ගස ගැනත් ඒ සම්බන්ධයෙන් දකින දුක්මුසුදේවල් කීපයකුත් මාගේ දැනුමේ හැටියට ඉදිරිපත් කරන එක සුදුසුයි කියලා හිතුනා පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට. ඒ එක්කම යෝජනා කීපයක් කරන්නත් කැමතියි.

හිමේෂ් දිල්රුවන් ජයසිංහ ප‍්‍රවීණ ශාක සහ සමනල් ගවේෂකවරයාගේ නොපසුබට උත්සාහය නිසා මෙම ගස නැවත අපට හඳුනාගන්න ලැබෙනවා. තවත් එවැනිම ශාක ගවේෂකවරයෙකුගේ දැනුවත් කිරීම මගින් බස්නාහිර කලාපය බාර වනජීවි සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහත්මයා ගසේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කරමින් කටයුතු ආරම්භ කරනවා. ජාතික ශාකාගාරය ගසේ සංරක්ෂණය සහ වැඩිදුර අධ්‍යයනය ආරම්භ කරනවා.

මූලික සැපයුම් මාර්ග ඉදිකිරීම අරඹා මීට වසර කීපයකට පෙර තාවකාලිකව වැඩ නැවතූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ගම්පහ දාරළුව ප‍්‍රදේශයේදුෂ්කර වගුරු පරිසර පද්ධතියක තමයි ගස තිබෙන්නේ. අප කුඩා අවධියේ සිටම දුම්රියේ ගමන් කරද්දී මෙම පරිසර කොටස පසුකර යන විට ඒ දෙස නොබලා සිටිය නොහැකි තරම් කුඩා සුන්දර පෙදෙසක්. දැඩි නියඟ කාලයකදී පවා මෙම අක්කර භාගයක පමණ කුඩා කොටස ජලයෙන් යුක්තයි.

ගොයම්කපා අවසන්වී කුඹුරුගිනිතැබීම්, දුම්රියේ යන අය විසිකරනගිනිපුපුරු ආදියෙන් මුළු ගම්පහදාරළුව අවට කුඹුරුගිනිගත්තත් මෙම ප‍්‍රදේශය ආරක්ෂිතවතිබීමට මෙය හේතුවක් වෙන්න ඇති. වට අඩි අටක් පමණව අඩි හතළිහක් පමණ උසට මෙම කෲඩියා ගස සහ අනෙක් කුඩා ගස ඇතුළු පරිසර පද්ධතිය අවම මිනිස් පහසකින්රැකී තිබෙන්න ඇති. ගසට ලාංකික නමක් ගැන දැනගන්නට නෑ. ඒ අවට නිවැසියෙක් මේ ශාකයටපණුකරඳ ලෙස නමක් ඇති බව පවසන ලදී. එය බොහෝ දුරට මෙම ශාකයට ද ගැළපෙන නමකි.

කරුණු එසේ වෙද්දී ගස ගැන කරළියට ආ පසු සුපුරුදු මාධ්‍ය හරඹය පටන් ගත්තා (කිසිවකුගේ සිත්රිදවීමේ අරමුණක් නෑ). මූලික පරීක්ෂණආරම්භ වෙන්නත් කලින් කට්ටිය තීරණ දීලත් ඉවරයි. ඒ තුළින් වැරදි රාශියක් සමාජගත වුණ අතර ගසේආරක්ෂාව මග හරවා අවධානයවැරදිපැති වලට යොමුකිරීමට සමහර අය ඒවා උපකාර කර ගනිමින් සිටිනවා. තමන්ගේ මුහුණු පොතේ පිටුවේ ‘කැමති ගණන’ වැඩි කර ගැනීමටත් තමන්ගේ පුද්ගලික අරමුණු සහ ගැටුම් වෙනුවෙනුත් ගහ යොදාගෙන ඇති බවක් පේනවා.

දැනටත් බැලීමට හැකියාව ඇති ප‍්‍රවෘත්ති වල බැලූවොත් ගස දැකලාවත් නැති, ගස් ගැන දන්නෙත් නැතුව ලියපු ලිපි ඕනෙ තරම්. වෙනත් ගස් වල මල් කොළ දැමූ පින්තූර, වෙන රටවල ගස් සම්බන්ධ කරගෙන ලියපුවා සහ කරපු රූප රචනා පනහක් විතර. ඇත්තටම ඉගෙන ගන්න බලන අයඅසරණයි. ගහට ‘ආදරෙන් වගේ’ ලියපු ‘සමහර ලිපි’ වල නම් ගසේ කොටස් වල සමීප රූප තියෙනවා. නමුත් හොඳින් බැලූවම පේනවා ‘සමහර ඒවා’අත්තකපලා ගත්ත පින්තූර බව. අතේකොටසත්එක්කම (මේක දැක්කම ඒ ලිපි තවදුරටත් තියෙයිද දන්නෑ). සමහර ඒවා පිළිගත් මාධ්‍ය.

ඊළඟ කනගාටුදායකකරුණත අධිවේගී මාර්ගයේ මූලික නිරීක්ෂණ වලදී මෙම ගස හඳුනා ගත්තෙ නැත්තේ ඇයි? දැනගෙන මගහැරියද? බැරිවුණ අධිවේගෙ විරෝදෙවක‍්‍රවඅරන් එනවා? වගේ සමාජගත කරන්න හදන මතය. අපේ අත්තල මුත්තලවත් දැකල නැති, හරිහමන් නිදර්ශක නැති ගසක් දැකපු ගමන් අඳුනගන්න බැරි වෙන්න පුළුවන් කියන එක ක්ෂේත‍්‍රය ගැන දන්න අය දන්නවා. ඒ අසලම තිබෙන කරඳගසුත් ඒ වගෙමයි එකපාර බලද්දී. දෙවෙනි වටයක නිරීක්ෂණ අවශ්‍යයි කියලා හිතපු අයටත්, දැඩිඅපහසුතා මැද මේ ගස සොයාගත් පිරිසටත් මම නම් ස්තුතිය පුදකරනවා.

මෙම ගස් දෙක පමණක් නොව ඒ පරිසර පද්ධතියම එක් කුඩා ‘දැඩිරක්ෂිත’ ඒකකයක් සේ සලකා ක‍්‍රියා කළ යුතුය යන්න මගේ හැඟීමයි. කලින්වඳවී ගියා සේ සලකා නැවත හමුවූ ගස් සහදුර්ලභ වැල් වර්ග කීපයක්ම මේ කුඩා ඉඩ තුළින් නිරීක්ෂණය කරන්න පුළුවන්.

නිරන්තර පිරිස්වල ගැවසීම නිසා ගස හඳුනාගත් අවධියේ තිබූ සමහර එවැනි තැන් දැනටමත් විනාශ වී ඇති බව දක්නට ලබෙන එක නම්දුක්මුසුයි. එමෙන්ම කෲඩියා ගසේ සමහර පහත අතු කඩා දමා ඇති බවක් දකින්න පුළුවන්. අසල ප‍්‍රදේශයේත් කැපූ අතුකැබලි නිරීක්ෂණය වුණා. එන සෑම කෙනාම අත්ත ගානෙ මතක සටහන් අරන් ගියොත් ගහ ඇත්තටම මතකයක්ම පමණක් වෙයි.

වන සත්ව හා වෘක්ෂලතා ආඥපනතේ 42 වගන්තිය යටතේ මේ ශාක වලට මොනයම් හෝ හානියක් කිරීම, කපාඉවත් කිරීමතහනම් වන අතර එසේ කිරීමදඬුවම් ලැබිය හැකිවරදකි.

වනජීවි,මාර්ග සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසරය අධිකාරිය, ජාතික ශාකාගාරය වැනි අදාළ සියලූම අංශ එක්ව ගහ ගැන කටයුතු කරන එක සතුටට කරුණක්. ඔවුන් සියලූ දෙනාම දැඩි මතයක සහ අරමුණක සිටිමින් මෙම ගස රටේ වැදගත් සම්පතක් සේ සලකා ක‍්‍රියා කරනු ඇතැයි සිතනවා (ආර්ථික වටිනාකමක් නැතත් අපේම ගසක්). තවත් දුෂ්කර ස්ථාන වලත් මෙවැනි ගස් සැඟවීතිබෙනවා ඇති. සංරක්ෂණය මගින් වෙනත් ස්ථාන වලත් අනාගතයේ ගස් හැදෙයි. නමුත් එසේ වූ පමණින් වසර සිය ගණනක් පැරණී මෙම ගසවිනාශනොවිය යුතුයි.

දුක්බරමආරංචිය අන්තිමට ලියන්න තියාගත්තා. එයට පෙර කියන්න කැමතියි මෙය කිසිසේත්ම අධිවේගි මාර්ගයටවිරෝධතාවක් නෙවෙයි කියන එක. අපි නොඉවසිල්ලෙන් ඉන්නෙ ඉක්මනින්ම වේයන්ගොඩ මීරිගමහුවමාරු අපිට විවෘත වෙනකල්.

දැන ගන්නට ඇති පරිදි අධිවේගී මාර්ගයේ සැලසුම් කිසිසේත්ම වෙනස්නොකරන බවක් පෙනී යනවා (මමවැරදිවෙන්නත් පුළුවන්). මෙවර හටගත් මල් වල බීජ හැදුණු පසු කුඩා ගස විතැන් සංරක්ෂණය කරන්නත් (කුඩා කිව්වට ඒ ගහටත් අවුරුදු 50-60 ක් ඇති). අනිත් ගස මඳක්කප්පාදුකිරීම වැනි යෝජනාත් අසන්නට ලැබෙනවා (ඒ ගහටත් වසර සිය ගණනක වයසක් ඇති). මතක් කළ යුතු කරුණ නම් මෙය වගුරුඇළඉවුරු මත වැඩෙන ගසක් කියන එක. ඒවගේම

පසුගිය මාසයේ නිරීක්ෂණය වුණ බීජ කිහිපයෙන් විශාල ප‍්‍රමාණයක් පැවති අධික වර්ෂාව නිසා විනාශ වුණ බවක් පේනවා.

මාර්ගය මදක් එපිටට ගත්තත් සැපයුම් පස් පිරවිලි, ගැඹුරුකම්පන විඳීම් ආදිය නිසාගසටහානියක් නොවෙයි කියන එක සහ පරිසරය හෙළිපෙහෙළි වීම නිසා උණුසුම වෙනස් වීම ගසටබලපෑමක් නොවෙයි කියන එක ගැන සහතිකයක් දෙන්න කාටවත් පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. ගහබේරුණත් කුඩා සිංහරාජයක් වන් මෙම පරිසර පද්ධතියඉතුරු වෙන එකක් නෑ.

”ඉතින් එහෙම කියලා පාර නවත්තන්නද කියන්නෙ?”

”නෑ. පාර අපිට අවශ්‍යයි.”

ඒකටත් මගේ දැනුමෙ හැටියට ‘පුංචිවිසඳුමක්’ තියෙනවා. මම මේ පිළිබඳ විශේෂ දැනුමක් ඇත්තෙක් නෙවෙයි. බැලූ බැල්මට පැහැදිලිව පේන දෙයක් කියන්නෙ.

මම දන්නවා මාර්ග ඉංජිනේරුවරුන් මෙවැනි මත වලට කැමති වෙන එකක් නෑ. ඒත් රටේ සම්පතක් ගැන හිතලා ගන්න පුළුවන් හොඳම තීරණය අරන් ගෞරවනීය සේවයක් කරලා වටිනා සම්පතක් රටටරැකදෙන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි.

ගම්පහ දෙසින් පිවිසුමේ අවසන්සීමාව 12.200 නපවගේවෙයිලූ. එතැනින් පස්සේ දුම්රිය මාර්ගයට සමාන්තරව පාර සැලසුම් කරලා නිසා දුම්රිය පාර වගේම විශාල වංගු කීපයක් මගින් බෙම්මුල්ලප‍්‍රදේශය පසු කරනවා. පළමු වන රූප සටහනේ රතු පාටින් තියෙන්නේ සැලසුම් කළ පාර. තැඹිලි පාට සලකුණ තමයි ගහ තියෙන පැත්ත. දැන් මම කියන්න හදන එක තේරෙනවා ඇති.

12.700 නප සිට 17.700 නප දක්වා කහපාට ඉරේ විදිහට පාර දැම්මා නම් දාරළුව පුද්ගලික ඉඩම් මගහැරෙනවා (මේ පැත්තෙ මගෙ කිසිම දේපලක් නෑ). පාරෙ මහ වංගුකීපයක් දිග හැරෙනවා. දළ සටහනේම දුර මීටර් 400 විතර අඩුවෙනවා. වංගුඅඩුවුණා කියලා වේගසීමාගැටළු එනඑකක් නෑ. ගහ සහ වගුරු බිම අහලකින්වත්යන්නෑ පාර.

”ඉඩම් වලට ගෙවලාඉවරයි. දැන් කරන්න දෙයක් නෑ.” උත්තර එයි.

ඒත් හැඟීම තියෙනවා නම් කරන්න පුළුවන්. ආපහු ගෙවනවාවන්දි.

”බෑ සල්ලි නෑ පාඩුයි.”

උත්තරයපාඩු නෑ. මහ වංගු එක්ක පාර මීටර් 400 කට යන වියදම ඊට ගොඩක් වැඩියි.

ගස සහිත පරිසර පද්ධතියෙන් තවත් වැදගත් මෙහෙයක් ඉටු වෙනවා. දෙවෙනි රූප සටහනේ තැඹිලි පාටට තියෙන්නේ වගුරු (වගුරු කිව්වට ඩෙල්ටා වගේ). එතන දුම්රිය පාරෙන් අනිත් පැත්තත්, එතනින් උඩහත් ඒ වගේ ටිකක් වගුරු. ගම්පහට ඉහළ ප‍්‍රදේශ වලට වැසි ලැබුණාම දී ඇල්ල ඔය සහ අත්තනගලූ ඔයේ ක්ෂණිකව අධික ජල පරිමාවක් පහළට එනවා (මේව පොඩියට තිබුණට කැලණි ගඟ සහ මා ඔයට පසු ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැඩිම ජල ධාරිතාවක් දරන ඔයවල්).

ඒත් කවදාවත් ගම්පහ යටවෙන්නෙත් නෑ. කෙටවල ව්‍යාපාරයේ ප‍්‍රධාන අමුණු (කහපාට රවුම්) විනාශවෙන්නෙත් නෑ. ඒකට එක හේතුවක් අපි කියන පරිසර පද්ධතිය. වැඩි වතුර එකවර පහළට එන් නෑ. මුලින් ඩෙල්ටා ඇළවල් සහ කුඩා පහත්ඉඩම්පිරෙනවා (ගස් වල අඩි ගණනක් ඉහළට බැඳුණු මඩ තට්ටු වලින් පේනවා වතුර රඳාගන්නතරම). පසුව ටික ටික නිල්පාට ලකුණු කරපු ඇළ දිගේ කෙටවල ව්‍යාපාරය මග හැරලා අත්තනගලූ ඔයට මුදා හරිනවා. මුදාහරින ප‍්‍රදේශයේ ඉවුරුඉතා ගැඹුරින් තියෙන නිසා ආපසු ඒමක් නෑ. කෙටවල අමුණු වලට ක්ෂණිකපීඩනයක් දෙන්නෙත් නෑ. එමෙන්ම ඒ මුදා හරින ස්ථානය අසල ජලසම්පාදන යෝජනා ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මකයි. මොන වතුරක් ගැලූවත් ගම්පහ වෙල් යාය හැමදාම ලස්සනට වගාකරනවා අපි දකිනවා.

මෙවැනි වූ සුන්දර වටිනා ජාතික සම්පත අපගේ දරු මුණුපුරන්ටද එලෙසින්මඅත්විඳීමට ඉඩලබාදීමට සියලූම වගකිවයුතු ආයතන එකාවන්ව කටයුතු කරනු ඇතැයිද, අධිවේගී මාර්ගයද ඒ සුන්දරත්වය රැකදෙමින් ඉක්මනින්ම අපගේ ප‍්‍රදේශයේ ගමනාගමනයට එක්වනු ඇතැයිද බලාපොරොත්තු වෙනවා.

ප.ලි. – මගේ මේකඬේයෑමකවුරුවත් වෙනුවෙන් නෙමෙයි. පරිසරය වෙනුවෙන් පමණයි. මෙම ලිපියවිකෘතිනොකර ගසේ සහ අවට පරිසරයේ ආරක්ෂාවවෙනුවෙන් අවශ්‍යනම් යොදාගත්තට මගේවිරුද්ධත්වයක්නෑ.

මෙම ලිපිය සහ පින්තූර අප වෙත ලබාදුන්පරිසරවේදී ප‍්‍රදීප් මහේන්ද්‍ර රාජදේව මහතාට ස්තුතියි.

සජිත් ගජනායක. සීදූව
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button