පළකල දිනය : Tue, Feb 25th, 2020

ජනාධිපතිටත් අසුනොවූ මෝටර්රථ දෙපාර්තමේන්තුවේ බහිරවයන්

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මේ රටේදූෂිතමආයතනය බවට හැඟවෙන ලිපි සහ ප‍්‍රවෘත්ති ගණනාවක් පසුගිය කාලය පුරාම රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම පළකර, විකාශය කර තිබිණි. ඒ හේතුව නිසාමදෝ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය පදවියට පත්වූ විගසම නිරීක්‍ෂණය කරන්නට තෝරාගත් ආයතනය ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව තෝරාගෙන තිබිණි. ප‍්‍රශ්නය වන්නේ එසේ රටේ ඉහළම පුද්ගලයා පැමිණ ගිය පසුත් මෝටර් රථ දෙපාර්තමේන්තුව ‘හරි මඟ’ තෝරා නොගැනීමය.

රියැදුරු බලපත‍්‍රය කඩිනමින් ලබාදුන්නාටදූෂණවංචා සහඅක‍්‍රමිකතානතර නොවන බව වගකිවයුත්තන්ට තේරෙන්නේ නැත. මේ වනවිට මෝටර් රථ දෙපාර්තමේන්තුවට ‘මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයෙක්’ නැත. ඉන්නේ ‘රාජකාරි ආවරණකොමසාරිස්වරයෙකි.’ මේ ‘රාජකාරි ආවරණ කොමසාරිස්වරයා’ යටතේ ආයතනය හරි මඟට වැටෙන්නේ නැත.

වේරහැර රියැදුරු බලපත් කාර්යාලයේ තැරැව්කරුවන් ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව තිබියදී (සියයට සියයක්ම නොවන බව අවධාරණය කරමු.) අත යටගසාකෑම්හරිඅඩකින් අඩු වෙද්දී නාරාහේන්පිට ප‍්‍රධාන කාර්යාලය නැවතත්දූෂණවංචාඅක‍්‍රමිකතා අතර අංක එකට පැමිණ තිබේ. නාරාහේන්පිට ප‍්‍රධාන කාර්යාලයේ මේ අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පොලිස් බුද්ධිඅංශපවා යොදා තිබියදී මෙවැනිඅක‍්‍රමිකතාසිදුවීම කනගාටුදායකය. ‘රාජකාරි ආවරණ’ නමුත් ‘මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා’ ලෙසට අත්සන් තබන්නට බිය නොවන ‘සූර්’ පිට ඉන්නට කැමති ඉහළ නිලධාරියකු මේ අක‍්‍රමිකතාවලමුල් තැන ගෙන සිටී. මේ අත යට මුදල් ගනුදෙනුවල මුල් තැන ගෙන සිටින්නේ එහි සිටින එක් නිලධාරිනියක වේ.

ඉහත කී ඉහළ නිලධාරියා විසින් අදාළ නිලධාරිනියට උපදෙස් දී ඇත්තේ දෙපාර්තමේන්තුවේ විවිධ අංශවලින් මුදල් එකතු කරගන්නා ලෙසය. එම අංශවල ප‍්‍රධානීන්ගෙන් එකතුකර ගන්නා මුදල් අපූරුවට ‘පිල්ලි’ ඇරීම මේ ‘කාන්තාවට’ කජු කන්නා වගේ වැඩකි. එපමණක් නොව එම දෙපාර්තමේන්තුවේ නව වාහන ලියාපදිංචිය යටතේ විවිධ වාහන විවිධ වාහන අලෙවි ආයතන සහ පැවරුම් කටයුතු අදාළ ශාඛා ආයතන වලින් සිදුවිය යුතු නමුත්, අදාළ නිලධාරිනිය ඒ සියල්ල තමා සිටින කාර්යාලයට ගෙන්වාගෙන එහි මුදල් ලබාගෙන එම වාහනයට අදාළ වන සියලූ කටයුතු එම ස්ථානයේදීම සිදුකරයි. එතැනින් නොනැවතී අදාළ මුදල් ගනුදෙනු ද එම ස්ථානයේදීම සිදුකරයි. සරලව කීවොත් මෙසේය. තී‍්‍රවීල් පැවරුම් අංශයට ලැබිය යුතු කල්බදු සහ ලීසිං ආයතනවලින් රැගෙන එන අදාළ ලියැකියැවිලි එම නිලධාරිනිය විසින් තමාගේ අංශයට ගෙන්වාගෙන, ඇය විසින්ම වාහනයේ පොත එතැනදීම මුද්‍රණය කර අයථා ලෙස ලබාගන්නා මුදල් ද ලබාගනී.

ඊළඟට එම ලිපි ලේඛන ලේඛනාගාරය වෙත යැවීමට කටයුතු කරන්නේ මේ කාන්තාවයි. එහෙත් එම ලිපි ලේඛන සත්‍ය වශයෙන්ම ලේඛනාගාරයට යනවා දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි. මේ කාන්තාව මේ සියල්ල කරන්නේ ‘රාජකාරි ආවරණ කොමසාරිස්වරයා’ ගේ පූර්ණ අනුදැනුම පිටය. කොටින්ම කීවොත් මේ කාන්තාව කොමසාරිස්වරයාට අමතන්නේ ‘ඔයා’, යනුවෙනි. අදාළ ගනුදෙනු සම්බන්ධතාවය කොතරම් බලගතු දැයි එයින්ම තේරුම්ගත හැකිය. විශේෂයෙන් මේ සියල්ල සිදුවන්නේ ‘රාජකාරි ආවරණ කොමසාරිස්වරයා’, ‘මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයාගේ’ බලතල අතට ගෙන එම තනතුරට අත්සන් යොදමින් වීම අවධානයට ලක්විය යුතුය.

විශේෂයෙන් ‘මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයකු වාහනවල පොත්වලට අත්සන් තබන්නේ නැත. එහෙත් මේ ‘රාජකාරි ආවරණ කොමසාරිස්වරයා’ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා ලෙස පෙනී සිටිමින්ම වාහන පොත්වලට ද අත්සන් තබයි. ඒ අනුව අදාළ පුද්ගලයා නාරාහේන්පිට කාර්යාලය තුළ තනතුරු තුනක කටයුතු කරන හාස්‍යජනක අවස්ථාවක් මතුවෙයි. එනම් විටෙක මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ලෙසත් තවත් අවස්ථාවක රාජකාරි ආවරණ කොමසාරිස්වරයා ලෙසත්, අදාළ අංශයේ කොමසාරිස්වරයා ලෙසත්ය. මේ කොමසාරිස්වරයා කියන ආකාරයට පෙර කී නිලධාරිනිය සිටින්නේ ‘පෞද්ගලික සහකාර’ නමින් ඇති තනතුරේය.

එහෙත් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ තනතුරු නාම ලේඛනයේ (කාඩරයේ) එවැනි තනතුරක් නැත. මේ අය එවැනි තනතුරක් සාදාගෙන සිටින්නේ අවශ්‍ය අත යට මුදල් ගනුදෙනු පහසුවෙන් කර ගැනීමටය. ප‍්‍රශ්නය වන්නේ මෙම පෞද්ගලික සහකාර (වරියන්) (බොහෝ විට සිටින්නේ කාන්තාවන්ය) කොමසාරිස්වරයකු සතු බලතලම භාවිත කරමින් සිටීමය.

එවැන්නියකට අසීමිත බලතල තිබේ. සියල්ල මුදල් නිසාය. සමහරවිට මෙවැනි පෞද්ගලික සහකාර කාන්තාවන් අනෙකුත් කොමසාරිස්වරු, නිලධාරීන්, සේවක සේවිකාවන් තඹයකට මායිම් කරන්නේ නැත. කෙසේ හෝ මේ වන විට නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ මේ ‘මදාවි’ නිලධාරිනියත්, අදාළ ‘රාජකාරි’ ආවරණ කොමසාරිස්වරයාත්’ ය. එවන් දූෂිත දෙදෙනෙක් පාලනය කරන ආයතනයක තත්ත්වය ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.

ජනාධිපතිවරයාගේ නිරීක්ෂනයෙන් පසු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත‍්‍ර කාර්යාලයේ පැවති බොහෝමයක් අඩුපාඩු අවම කර ගනිමින් සේවාලාභීන්ට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව රියැදුරු බලපත‍්‍රයක් විනාඩි 45 වැනි කෙටි කාලයකින් ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

තත්ත්වය එසේ වුවද නාරාහේන්පිට ප‍්‍රධාන කාර්යාලයේ කටයුතු විශේෂයෙන් පරිපාලන කටයුතු ඉතා කනගාටුදායක තත්ත්වයක පවතී. මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ කොමසාරිස් ජනරාල්වරයකු මෙතෙක් පත්කර නොමැති වීමය. මේ වන විට ප‍්‍රධාන කාර්යාලය පවතින්නේ කපිතාන්වරයකු නොමැති නැවක් පරිද්දෙනි. මෙම තත්ත්වය දෙපාර්තමේන්තුවේ කටයුතු කෙරෙහි තදින් බලපා ඇත.

මේ වන විට කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරි කටයුතු ආවරණය කරනු ලබන්නේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පාලන) තනතුරේ සේවය කරනු ලබන නිලධාරියා වේ. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනකුද දෙපාර්තමේන්තුවේ සේවය කළත් එය නොසලකා මෙම නිලධාරියාට මෙම තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා අනුමැතිය මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබා දී ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මෙම නිලධාරියාට රාජකාරි ආවරණය කිරීම සඳහා පමණක් අනුමැතිය ලබාදී ඇතත් ඔහු දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන මෙන්ම දෙපාර්තමේන්තුවෙන් පිටතට යවනු ලබන සියලූ රාජකාරි ලේඛනවලද අත්සන් කරනු ලබන්නේ කොමසාරිස් ජනරාල් වශයෙනි. එය තමාට ලබාදී ඇති බලය අවභාවිතා කිරීමක් ලෙස ඔහු කිසිම අවස්ථාවක පිළිගන්නේ නැත.

මෙම නිලධාරියා ඉතාමත් කනගාටු ලෙස දෙපාර්තමේන්තුවේ කටයුතු පරිපාලනය කරමින් සිටී. අනෙකුත් නිලධාරීන් අපහසුතාවට පත් කරමින් සතිපතා සෑම අංශයකින්ම එක් අංශයකින් රු. 200000 බැගින් මුදල් කෙසේ හෝ තමාට ලබාදිය යුතු බව නියෝග කර ඇති අතර එම මුදලින් කොටසක් අමාත්‍යාංශ ලේකම්වරයා ටද ලබාදිය යුතු බව පවසන බව ‘දෙපාර්තමේන්තු’ නිලධාරීන් ප‍්‍රකාශ කරයි.

එසේම රාජකාරි දිනවල ද බීමතින් නිලධාරීන් අපහසුතාවට පත් කරමින් කටයුතු කරන මෙම නිලධාරියා සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නේ ඉහත සඳහන් මුදල්වල අනුහසින් විය හැකි බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම නිලධාරියා මොනරාගල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්වරයකු වශයෙන් කටයුතු කිරීමේදී සිදු කරනු ලැබූ අකටයුතුකම් හේතුවෙන් වැඩ තහනමකට ලක්ව නැවත සේවයේ පිහිටුවනු ලැබූ අයෙක් බවද පැවසේ.

එමෙන්ම ඔහු දෙපාර්තමේන්තුව තුළ සිදු කරනු ලබන අභ්‍යන්තර ස්ථාන මාරු කි‍්‍රයාවලියේදී කිසිදු වග විභාගයකින් තොරව අත්තනෝමතික අයුරින් ඔහුට හිතවත් නිලධාරීන් ඔහුට අවශ්‍ය ශාඛාවලට අනුයුක්ත කරන අතර අනෙකුත් නිලධාරීන්ට ඉතා නින්දිත අයුරින් සලකනු ලබයි. මෙම ස්ථාන මාරු ක‍්‍රමවේදය සම්බන්ධයෙන් එක්තරා ප‍්‍රසිද්ධ පුවත්පතක් මගින් විමසීම් කිරීමේදී උරණ වූ මෙම නිලධාරියා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාකච්ඡාවකට කැඳවා තම නියෝග හා එකඟ නොවන සියලූ නිලධාරීන් දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරු කරන බවට තර්ජනය කර ඇත.

මෙම රාජකාරි ආවරණය කරනු ලබන කොමසාරිස්වරයා හා ඉහතින් සඳහන් නිලධාරිනියන් දෙදෙනා දෙපාර්තමේන්තුව තම පෞද්ගලික බූදලයක් ලෙස සිතමින් කටයුතු කරමින් සිටී. මෙම තත්ත්වය මත දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ නිලධාරීන් සියල්ලම විශාල මානසික පීඩනයකින් තම රාජකාරි කටයුතු ඉටු කරමින් සිටී.

එබැවින් ජනාධිපතිතුමනි, මෙම දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයකු පත් කර එවන්නේ නම් එය මහජනතාව උදෙසා සිදු කරනු ලබන උදාරතම සේවාවක් ලෙස පොදුජන හදවත් තුළ නිරන්තරයෙන් සටහන් වනු ඇත.

ගයාන් සමරසිංහ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button