පළකල දිනය : Tue, Feb 25th, 2020

සිපිරි ගෙදරදී නිස්සංකට සලකපු හැටි

8900ක පමණ පිරි­සක් රැඳ­විය හැකි සිපිරි ගෙවල් හෙවත්බන්ධ­නා­ගාර තුළ මේ වන විට 27000ක පමණ පිරි­සක්දඬු­වම් විඳි­මින් කල් ගෙවති. ඔවුන්ට සෞඛ්‍ය පහ­සු­කම්, නවා­තැන් පහ­සු­කම් පම­ණක් නොව සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් පවා නිසි ලෙසින් නොමැත. එවන් තත්ත්ව­යක් මත‘සිර­ක­රු­වන්‘හෙවත් රැද­වි­යන්ගේ අනා­ග­තය ඉතාම අවි­නි­ශ්චි­තය. එයට හේතු වන්නේබන්ධ­නා­ගා­ර­ගත වූව­න්ගෙන් සැල­කිය යුතු පිරි­සක්මත්ද්‍රව්‍යසම්බ­න්ධව වැරැ­දි­ක­රු­වන්වීසිර­ගත වූවන් වන හෙයිනි.

සුළු ඉඩ­ක­ඩක අධික පිරි­සක් සිටීම නිසා එම පිරිස හා අසී­මිත ලෙසින් ඇසු­රට වැටෙන සුළුවැරැ­දි­ව­ලට බන්ධ­නා­ගාරගතවූවන් මත්කුඩු හා සම්බන්ධ වූ පිරිස්හි ඉත්තන් බවට පත්වීම නිරා­යා­ස­යෙන්ම සිදු­ව­න්නකි.

විශේ­ෂ­යෙන් මත්කුඩුජාවා­ර­ම්ක­රු­වන් හෝ මත්කුඩුබෙදා­හ­රි­න්නන්ගේ ඇසු­රට වැටෙනදඩමුදල් ගෙවා ගත නොහැ­කි­වී­මෙන් වැනි සුළු වැරැ­දි­ව­ලට බන්ධ­නා­ගා­ර­ගතවන්නන්ට සිදු­වන්නේ එම පිරිස් විසින් පෙන්වා දෙන මාර්ග­යන්හි ගමන් කිරී­ම­ටය.

බන්ධ­නා­ගා­ර­යෙන්දඬු­වම් විඳ පිටව යන තැනැත්තා නිද­හස් වුවද සමා­ජ­යටසිර­ක­රු­වෙකි. ඔහුට කිසිදු රැකි­යා­වක් ලබා දෙන්නට කිසි­වෙක් ඉදි­රි­පත් නොවේ.

අව­සා­නයේ ඔහු යළිත් වැරැදික්‍රියා­ව­න්ටම යොමු වේ. බොහෝ අය බන්ධ­නා­ගා­ර­යේදී ඇසුරු කර­න්නට ලැබුණු පුද්ග­ල­යන්ගේ කල්ක්‍රි­යා­වන් කෙරෙහි අව­ධා­නය යොමු කර ඒ ලෙසින් ක්‍රියා කර­න්න­ටද කට­යුතු කරයි.

අව­සා­නයේ යළිත්බන්ධ­නා­ගර ගත වන්නට ඔවුන්ට සිදු වේ. කෙටි කල­කින් බන්ධ­නා­ගා­රයඔහුගේ සාමාන්‍ය නිව­සම බවට පත් වේ.

තමා නිද­හස්ව ගොස් යළිසිපි­රි­ගෙට පැමි­ණෙන විටත් පෙර තමන් ඇසුරු කළ අය ඔවු­නට හමු වේ. ඒ ඇසු­රින් ඔවුන් ගජ මිතු­රන් බව­ටද පත් වේ. අව­සා­නයේ දෙදෙ­නාම එක සමානවැරැ­දි­ක­රු­වන් ලෙසින් සමාජ ගත වේ. එක් අයකුභයා­නකමත්ජාවා­ර­ම්ක­රු­වකු වන්නට ඇත. අනෙක් තැනැත්තා දුම්රියේ හෝ බස් රි‍යේ ප්‍රවේශ පත්‍ර නොමැ­තිව ගමන් කර හෝ වෙනත්දඩමුද­ලක් ගෙවා ගන්නට නොහැ­කිව හෝබන්ධ­නා­ගාර ගත වූවන් වන්නට පුළු­වන.

මේ තත්ත්වයබන්ධ­නා­ගාර සංස්කෘ­ති­යක් ලෙසින් දිගින් දිග­ටම දම්වැ­ලකපුරුක් මෙන් ඉදි­රි­යට ඇදී යයි. මේ නිසා නිද­හස ලබාබන්ධ­නා­ගා­ර­යෙන් නික්මෙන තැනැත්තා යළිත් වැරැදිකරායොමු වීම සිදු­ව­නවා හැරෙ­න්නට ඔවුන් සමා­ජ­ගත කිරීමේ කිසිදු වැඩ­පි­ළි­වෙ­ළක් අපේ රට තුළ නිසි ලෙසින් ස්ථාපිත කර නැත. සිර­කරුසුබ­සා­ධක කමිටු මගින් හා වෙනත් ආය­තන හරහා යම් යම් සමා­ජ­ගත කිරීම් සඳහා කට­යුතු යොද­න්නට උත්සාහ කළද ඒ කිසි­ව­කින් සාර්ථක ප්‍රති­ඵල ලැබී නැත.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාද පසු­ගිය දිනකවැලි­කඩබන්ධ­නා­ගා­රයේ විශේෂ නිරී­ක්ෂ­ණ­ය­කට සහ­භාගි වූයේබන්ධ­නා­ගා­රයේ තත්ත්වය සියැ­සින් දැක බලා ගැනී­ම­ටය. එහිදී ජනා­ධි­ප­ති­ව­ර­යා­ටද දැක ගැන්මට ලැබුණේ අප පෙර සඳ­හන් කළ කරු­ණු­මය.

දීර්ඝ කාල­යක් තිස්සේ විස­ඳු­මක් නොලැ­බුණු ගැට­ලු­ව­කට එක්ව­රම විස­ඳු­මක් සෙවීම උග­හ­ටය. ජනා­ධි­ප­ති­ව­ර­යාද නියමකෙළේ මේ ගැට­ලු­ව­ලට කඩි­න­මින් විස­ඳු­මක් සප­යන ලෙසයි.

මේ කතා­වන් මෙසේ සිදු­වෙද්දී සමා­ජයේ කිසි­ව­කුත් නොදන්නා කතා­වක් තිරය පිටු­පස සිදු­වෙ­මින් පැව­තුණි. ඒ මාස­ය­කට අධික කාල­යක්රක්ෂිතබන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඇව­න්ගාඩ්ව්‍යාපාර සමූ­හයේ සභා­පති විශ්‍රා­මික මේජර් නිශ්ශංක සේනා­ධි­පති මහතා විසින් බන්ධ­නා­ගා­ර­ගතරැඳ­වි­යන් වෙනු­වෙන් විශේ­ෂිත ව්‍යාපෘ­ති­යක් සැල­සුම් කර තිබී­මයි.

එය වඩාත් අගය වන්නේ අප ඒ ගැන කිය­න­වාට වඩා ඔහුගේ කතා­වෙන්ම ඒ ගැන පව­ස­න­වා­නම් ය.

‘‘යම් කිසි හේතු­වක් මත මටබන්ධ­නා­ගාර ගත වන්නට සිදු වුණා. සමා­ජය විසින් බන්ධ­නා­ගා­ර­යට යොමු කර තිබුණු අය එහිදී මට සල­කපු හැටි මම දැක්කා. නැති බැරි දාට කවු­රුත් ළඟ නැහැ කියපු කතාව බොරු­වක්බව මට ඒ වෙලාවෙ තේරුණා. ඒ රැඳ­වි­යන්තමන්ගේ දරු­වන් බලා ගන්නා ලෙසින් තමයි මාව බලා ගත්තෙ. මත්ද්‍රව්‍යබෙදාහැරීමේයෙදුණු පුද්ග­ල­යෙක් මට හොදට සැල­කුවා.

මම ඇහුවා ‘ඇයි මට මේ විදි­හට සල­කන්නෙ‘ කියලා ඇහුවා.

‘සර් මේ රටේ යමක් කරන්න පුළු­වන් කෙනෙක් කියල ඔප්පු කරලා පෙන්නලා තියෙ­නවා. ඒක නිසයි මම ඒ විදි­හට සර්ට සල­කන්නෙ කිව්වා. අපේ දරු­වන්ට පාරෙ යන්න බැහැ, අපිට රස්සා­වක් දෙන්න කෙනෙක් නැහැ. පොලිස්සහ­ති­ක­යක් ගන්න බැහැ.‘ මේ වගේ කතා ගොඩක් කිව්වා.

ඒ වෙලාවෙ මම තේරුම් ගත්තා මේරැද­වි­යන්වෙනු­වෙන් යමක් කළ යුතුම බවට. මම බන්ධ­නා­ගා­රයේසිටම මේ අය වෙනු­වෙන් කළ හැකි සැල­සු­මක් හැදුවා.

මට ඇප දීල එළි­යට ගන්න අව­ස්ථාව තිබු­ණත් ඒ අව­ස්ථා­ව­ලදී මම ඇප මත නිද­හස්ව එළි­යට ඒමට අක­මැති වුණා. ඒ වෙන කිසි­වක් නිසා නෙමෙයි මේ කාර්යය සාර්ථක කර ගන්න මට බන්ධ­නා­ගා­රයේඇතු­ළෙම ඉදල ඒ සම්බ­න්ධව තවත්සැල­සුම් සකස්කරන්න පර්යේ­ෂණකරන්න අවශ්‍ය වූ නිසා. ඒ අනුව මම ව්‍යාපෘ­ති­යක් සකස් කරා මේ අය වෙනු­වෙන්. ඒ ව්‍යාපෘ­තිය හරහා මේ ජන­තාව සමා­ජ­ගත කිරීම අප­හසු කට­යු­ත්තක් නොවන බව මම දැන ගත්තා.

ඒ අනුව පළ­මු­වෙන්ම ඔවුන්ට භාෂා දැනුම වර්ධ­නය කිරීම අවශ්‍ය බව මම පසක් කර ගත්තා. විශේ­ෂ­යෙන්ම ඉංග්‍රීසි භාෂා­වෙන් වැඩ කට­යුතු කර­න්නට පුළු­වන් නම් ඔවුන්ට සමා­ජයේ ඉහළ තැනක් ලැබෙන බවත් තවත් භාෂා හැකි­යා­වන් අනුව අන්ත­ර්ජා­ති­කව ඔවුන්ට රැකියා සඳහා යොමු විය හැකි බවත් මම දැන ගත්තා.

ඒ අනුව බන්ධ­නා­ගා­ර­යන්හි තෝරා ගත්රැද­වි­යන් උදෙසා පළ­මුව ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් අරාබි වැනි භාෂා­වන් ඉගැ­න්වී­මට කට­යුතු කර­නවා. එමෙන්ම දෙව­නුව වෘත්තීය පුහු­ණුව ලබා දී ඒ සඳහා ‘එන් වී කිව්‘ සහ­ති­ක­යක් ලබා දෙනවා. ඊට අවශ්‍ය ක්‍රම­වේ­දය හදන්න මේ වන විට නිමල් සිරි­පා­ලද සිල්වා මහතා සමඟ එක්ව සාකච්ඡා කර කට­යුතු යොදා තිබෙ­නවා. ‘‘

සේනා­ධි­පති මහ­තාගේ කතාව එතැ­නින් නතර වන්නේ නැත.

ඔහු විසින් සිදු කිරී­මට අද­හස් කරන ක්‍රියා­ව­ලිය අපට තව දුර­ටත් මෙසේ පෙන්වා දිය හැකිය.

ඇව­න්ගාඩ් සමූහ ව්‍යාපා­රය විසින් බන්ධ­නා­ගරරැද­වි­යන්උදෙසා ‘වැඩ­ස­හන සේවයේ යෙද­වීම ව්‍යාපෘ­තිය‘ යටතේ වසර 5 ක් ඉදි­රි­යට බන්ධ­නා­ගා­ර­ග­තව සිටින එමෙන්ම යහ­පත් කල්ක‍්‍රි­යා­වක් ඇතිරැඳ­වි­යන් 5000 ක් තෝරා ගැනෙනු ඇත. ඒ අය මේ ව්‍යාපෘ­තියේ ප්‍රති­ලා­භීන් ලෙස තෝරා ගනු ලැබේ. පුහුණු කාලය මාස තුනකි. මෙහිදී ඉංග්‍රීසි භාෂාව අනි­වා­ර්යය කෙරේ. මෙරට හා අන්ත­ර්ජා­තික ක්ෂේත්‍ර තුළ වැඩිම ඉල්ලූ­මක් ඇති පෙද­රේරු, වඩු කාර්මික හා ජල නළ කාර්මික ශිල්පය යන තෙවැ­දෑ­රුම් කර්මාන්ත වලින් ඔවුන් වෙත එම මාස තුන තුළදී න්‍යායික හා ප්‍රායෝ­ගික මනා පුහු­ණු­වක් ලබා දෙයි.

එක් වර­කට පන්සි­යක් බැගින් පිරි­සක් තෝරා ගෙන මෙම පුහුණු කිරීම් සිදු කරනු ලබන අතර එම කාලය තුළ රැඳ­වි­යන්ටඅවශ්‍ය ඇඳුම් පැළ­ඳුම් ආහා­ර­පාන ඇතුළු සියලු පහ­සු­කම් ඇව­න්ගාඩ් සමූහ ව්‍යාපා­රය විසින් සප­යනු ලැබේ.

මාස තුන­කට වරක් මෙසේ පන්සී­යක් බැගින් පුහුණු කරන ශ්‍රමි­ක­යන් 5000 ක් දක්වා වැඩි කෙරේ. ඒ අයු­රින් මේ ව්‍යාපෘ­තිය හරහා පුහුණු ශ්‍රමි­ක­යන් පන්ද­හ­සක් රටේ ඉදි­කි­රීම් ක්ෂේත්‍ර­යට ලබා දෙනු ඇත. එම ඉල­ක්කය සපුරා ගැනී­මෙන් පසු වස­ර­කට රජ­යට රුපි­යල් බිලි­ය­න­යක මුද­ලක් ලබා දීමට හැකි වේ.රැද­වි­ය­න්ටද එම මුද­ලින් කොට­සක් හිමි වන නමුත් එම මුදල් ඔවුන් අතට ලබා නොදෙන අතර රැද­වි­යන් නිද­හස් වී යන විට විශාල මුද­ලක් ඉතිරි කර ගැනී­මට හැකි වනු ඇත.

මේ ව්‍යාපෘ­තිය සඳහා රජ­යට කිසිදු මුද­ලක් වැය වන්නේද නැත. සියලු විය­දම් දරන්නේ ඇව­න්ගාඩ් ආය­ත­නය විසිනි.

මේ සඳහා රුපි­යල් මිලි­යන 300 ක මුද­ලක් නිශ්ශංක සේනා­ධි­පති මහතා විසින් මේ වන විට වෙන් කර ඇත. එසේම විදේශ රට­ව­ල­ටද මේ ශ්‍රමි­ක­යන්ට ගමන් කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සලයා දීම­ටද ඇව­න්ගාඩ් ආය­ත­නය විසින්ම කට­යුතු යොදනු ඇත.

විවිධ භාෂා­වන් කතා කරන පුහුණු ශ්‍රමි­ක­යෙක් වෙනු­වෙන් ලෝකයේ වැඩි වැටුප් ගෙවනු ලබන හෙයින් එම භාෂා­වන් සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­නය යොමු කෙරෙනු ඇත. විශේ­ෂ­යෙන්ම මත් ද්‍රව්‍ය­ව­ලට වැරැ­දි­ක­රු­වන් ලෙස පත් වූ අය ඉදි­රි­යට කිසි­සේත්ම ඒ වැරැදි කරා යොමු නොවන සේ මේ කට­යුතු සිදු කෙරේ.

මේ ව්‍යාපෘ­තිය පසු­ගිය 18 වැනිදා අඟ­හ­රු­වාදා වැලි­කඩ බන්ධ­නා­ගාර මූල­ස්ථාන පරි­ශ්‍ර­යේදී නිල වශ­යෙන් ආරම්භ කෙරිණි.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් අධි­ක­රණ මානව හිමි­කම් හා නීති ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්න­සිරි මහතා පැව­සුවේ බන්ධ­නා­ගා­ර­ගත රැඳ­වි­යන් බන්ධ­නා­ගා­ර­ගත වන්නේ කිසිදු කැමැ­ත්ත­කින් නොවන බවත් එසේ බන්ධ­නා­ගාර ගත වූ විට ඇතැ­මුන් එයට හුරු­වන බවයි. කෙසේ වුවත් බන්ධ­නා­ගා­ර­ගත රැඳ­වි­යන් සම්බ­න්ධව කරුණු 3ක් යටතේ අව­ධා­නය යොමු කර කට­යුතු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ආර­ක්ෂාව ලබා දීම, රැක­ක­ව­ර­ණය හා පුන­රු­ත්ථා­ප­නය කිරීම සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා රජ­යට මහත් බරක් වූ මෙවන් ව්‍යාපෘ­ති­යක් ආරම්භ කිරීම ඉතාම වැද­ගත් බවත් එවැනි කට­යු­ත්තක් සඳහා අවශ්‍ය උප­රිම සහාය ලබා දීමට අමා­ත්‍යාං­ශයේ උප­රිම දාය­ක­ත්වය ලාබ දෙන බවද ඒ මහතා පැව­සීය.

ඇව­න්ඩ්ගාඩ් සමූහ ව්‍යාපා­රය විසින් සිදු කර­න්නට යෙදුණු මේ සමාජ සත්කාර ක්‍රියා­දා­මය නිසා රට­ටත් බන්ධ­නා­ගාර රැඳ­වි­ය­න්ටත් අත්වන ප්‍රති­ලාභ රාශි­යකි.

ඒ අතර රැඳ­වි­යන්ට විදේ­ශීය භාෂා­වන් උගැ­නී­මට හැකි­යාව ලැබීම හා වෘත්තීය පුහු­ණුව ලැබීම හා එම­ඟින් රැකියා අවස්ථා හිමි වේ.

ඊට අම­ත­රව තවත් ප්‍රති­ලාභ රාශි­යකි.

ඒ අතර පුහුණු උප­දේ­ශ­ක­යින් හරහා පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මත් රජයේ රුක් රෝපණ වැඩ සට­හ­නට දාය­ක­ත්වය ලබා දෙමින් තේක්ක ගස් 25000ක් රෝප­ණය කිරීමේ ව්‍යාපෘ­ති­යත් බන්ධ­නා­ගා­ර­යට අවශ්‍ය පුස්ත­කාල පහ­සු­කම් ලබා­දී­මත් සිදු කෙරේ.

සිර­ක­රු­ව­කුට ඩොලර් 4000ක මාසික ආදා­ය­මක් ලැබෙන විදේශ රැකියා පුහු­ණුව

එමෙන්ම රටට අවශ්‍ය එළ­වුළු හා අනෙක් වගා­වන් ආරම්භ කිරීම හා මේ රැද­වි­යන් පිළි­ගත් සමා­ග­ම්ව­ලට අනු­යුක්ත කිරී­මත් සිදු­කෙරේ.

එමෙන්ම දඬු­වම් කාලය නිම­වී­මෙන් පසුව ඩොලර් 4000කට වැඩි ආදා­ය­මක් හිමි වන යුරෝපා රට­වල රැකියා අවස්ථා ලබා දීමද සිදු කෙරේ.

මේ හරහා රැඳ­වි­යන් රටේ නිෂ්පා­ද­නය උදෙසා වැඩි දාය­ක­ත්ව­යක් ලබා දීම ද සිදු කෙරේ. ඒ හරහා ජාතික වශ­යෙන් පව­තින ශ්‍රම හිඟ­යට පිළි­ය­මක් ලබා දීමද සිදු කෙරේ. එසේම අප මුලින් සද­හන් කළ බන්ධ­නා­ගාර තුළ පව­තින තද­බ­දය අඩු කිරී­ම­ටද මෙය මහත් පිටි­ව­හ­ලක් වනු ඇත. නැවත නැවත බන්ධ­නා­ගාර ගත වීමට ගනු ලබන උත්සා­හ­යන්ද ඒ හරහා වළ­කිනු ඇත.

මේ ව්‍යාපෘ­තියේ නිය­මු­වන් වන නිශ්ශංක සේනා­ධි­පති යනු නිකම්ම නිකම් හමුදා නිල­ධා­රි­යකු නොවේ. යුද අත්දැ­කීම් මෙන්ම තමන් ලද අනෙක් පෞද්ග­ලික අත්දැ­කීම් ඔස්සේ නවමු මං පෙත් සොයා යන්නෙකි. නව නිර්මා­ණ­ක­රු­වෙකි. ඒ නිර්මාණ නිර­තු­රු­වම ආර්ථික වර්ධ­න­යට දායක වන බවද ඉතාම පැහැ­දි­ලිය.

මීට පෙර අව­ස්ථා­ව­ක­දීද රැඳ­වි­යන් 70 කට වෘත්තීය පුහු­ණුව ලබා­දීම සඳහා නිශ්ශංක මහතා විසින් පිය­වර ගෙන තිබුණි. එම පිරිස් ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ දේශීය ආය­තන කිහි­ප­යක සේවා­වන්ට යොද­වන ලදී. ඒ තුළින් ඉදි­කි­රීම් ආය­තනවලට ලාභ­යක් සිදු වූවාක් මෙන්ම රජ­ය­ටද සැල­කිය යුතු අති­රික්ත මුද­ලක් විය. රැද­වි­ය­න්ටද සල­කිය යුතු මුද­ලක් හිමි විය.

සිර­ක­රු­ව­කුගේ දිනක ආහාර වේල සදහා පම­ණක් රුපි­යල් 750.00ක විය­ද­මක් දැරී­මට සිදු වේ. ඒ අනුව ඇව­න්ඩ්ගාඩ් සමූහ ව්‍යාපෘ­තිය හරහා මේ සිදු කර ඇත්තේ රටේ ආර්ථි­ක­යට මහත් වූ දාය­ක­ත්ව­යකි. මත්කුඩු වසං­ග­තය දුරු­ලීම සදහා අත හිත ලබා­දී­මකි. මේ ව්‍යාපෘ­තිය ඉදි­රි­යට වැඩි දියුණු කිරීම සදහා කට­යුතු සැල­සී­මට අමා­ත්‍යාංශ මට්ට­මින් කට­යුතු කරනු ලබන බව අධි­ක­රණ මානව හිමි­කම් හා නීති ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය නිමල් සිරි­පා­ලද සිල්වා මහතා මෙන්ම ලේකම් ජේ.ජේ. රත්න­සිරි මහ­තාද පෙන්වා දෙයි. බන්ධ­නා­ගා­ර­ගත රැඳ­වි­යන් මෙවන් වෘත්තීය පුහු­ණු­ව­කට යොමු කිරීම සම්බ­න්ධව ප්‍රති­පත්ති මට්ට­මින් ගත යුතු තීර­ණ­ව­ලට මේ වන විට අමා­ත්‍යාං­ශයේ අව­ධා­නය යොමු කර අදාළ කට­යුතු සිදු කර­මින් පවතී.

අධි­ක­රණ මානව හිමි­කම් හා නීති ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍යාං­ශය, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව හා ඇව­න්ගාර්ඩ් සමුහ ව්‍යාපා­රය එක්ව මේ සහන ව්‍යාපෘ­තිය දියත් කරනු ලැබේ.

මේ ආර­ම්භ­යක් පමණි. රජයේ චක්‍ර­ලේ­ඛ­ව­ලට හිරවී සහන සේවා­වන් මෙන්ම රටට කළ හැකි බොහෝ දේ අපට සමා­ජ­ගත කිරී­මට නොහැකි වී තිබේ. එහෙත් ඒ චක්‍ර ලේඛ ප්‍රති­ප­ත්ති­ව­ලට ඉහ­ළින් සමා­ජ­යට රටට වැඩ දායක වන සියල්ල ඉදි­රි­යට ගෙන ඒමේ ක්‍රියා­ව­ලි­යක් මේ හරහා ආරම්භ වී තිබේ. එය දිගින් දිග­ටම සාර්ථක කර ගැනීම අප සියලු දෙනා­ගේම වග­කී­මකි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button