පළකල දිනය : Wed, Feb 26th, 2020

කී‍්‍රඩාංගණයක් ඉදිකරන්න කියා තඹ දොයිතුවක් අරන් නැහැ

ඇල්පිටිය කී‍්‍රඩාංගණයෙන් ලක්‍ෂ 25 ක මුදලක් බෙන්තර ඇල්පිටිය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු මන්තී‍්‍රවරියට ලබාදුන් බවට ලිඛිතසාක්‍ෂි තිබෙන බවට ‘දිවයින’ සිව්දෙස 2020 පෙබරවාරි 25 වැනි අඟහරුවාදා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ පළවූ විස්තරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රනි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (25 වැනිදා) පැහැදිලි කිරීමක් කළාය.

මේක තනිකරම මඩ ව්‍යාපාරයක්. දැන් මේ වෙනකොට මට ෆේස්බුක් හරහාත් මඩව්‍යාපාරයක් දියත් වෙනවා. මහින්ද මහත්තයා සමග අපි නොසෙල්වී සිටියා. මාව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල මහත්මයා ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනිය කරන්න හැදුවා. මම එකහෙලාමඒක ප‍්‍රතික්‍ෂේප කළා. නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්න හැදුවා මම එකහෙලාමප‍්‍රතික්‍ෂේප කළා.

ප‍්‍රශ්නය වුණේ මගේ ද්විත්ව පුරවැසිභාවය තිබීමයි. ඒක නිසා මගේ මන්තී‍්‍රකම අහිමි වුණා. ඊට පස්සේ ඒ තැනට පියසේන ගමගේ පත් වුණා. පසුව මා ස්විට්සර්ලන්ත පුරවැසිභාවයත් අයින් කරගත්තා. දැන් මට ඡුන්දයට එන්න ප‍්‍රශ්නයක් නැහැ. දැන් මේ අයට ඕන මට මොන ජාතියක් හරි කරලා මගේ ඡුන්දය කඩන්නයි.

ප‍්‍රාදේශීය සභාව චෝදනා කරන ඇල්පිටියේ කී‍්‍රඩාංගණයක් ඉදිකිරීමේදී මම තඹ දොයිතුවක්වත් අරන් නැහැ. මම අතිශයින්ම කනගාටුවට පත්වෙනවා මේ වගේ අභූත චෝදනාවක් කරපු එක ගැන. මට මේ දේවල් කරන්නේ මම මේ පාර අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට යන නිසයි. මේ විදිහට මඩ ගහන්න ද ප‍්‍රාදේශීය සභාවක් තියෙන්නේ.

Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button