පළකල දිනය : Thu, Feb 27th, 2020

කැළණි සරසවි සිසුන්ට වෙනදේ

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවාඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ පැවසීය.

මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන් දෙවසරක ශිෂ්‍යභාවයඅහෝසි කිරීමේදඬුවමකට ලක්කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.

මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටුසාක්ෂිඅනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.

එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනයපරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.

මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එමසැලසුම්කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහිඅප්‍රසාදයක්ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

දැනට පුරප්පාඩු වී පවතින උපකුලපතිධුරය ලබා ගැනීම සඳහා දැඩිඋත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.

මෙම සී.සී.ටී.වී. ගලවා ඉවත් කර ඇත්තේ ඉකුත් 24 වැනිදා සවසය. විශ්වවිද්‍යාලයට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේපාස්කුප්‍රහාරයෙන් පසුවය. එම කැමරා ඉවත් කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය පරිපාලන අංශවලින් වරින් වර ඉල්ලීම් කළ නමුත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට අවශ්‍ය හෙයින් එම කැමරා ඉවත් කිරීම පරිපාලන අංශප්‍රතික්ෂේප කර තිබිණි.

Source – aruna

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button