පළකල දිනය : Fri, Feb 28th, 2020

යුරෝපා සංගමය මේ ආණ්ඩුව පිලි අරන් නෑ – රාජිත

මූල්‍ය අර්බුදයටමුහුණ දීමට රජයට හැකියාවක් නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පවසයි

රාජිත සේනාරත්න පදනමේ ප‍්‍රතිපාදන මත බුලත්සිංහල බැල්ලපිටිය ප‍්‍රදේශයේ පාසල් දරුවන් 185 දෙනකුට පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේද පැවැසීය.

‘රජයට සහයෝගය ලබාදීමට ලොව කිසිදු රජයක් ඉදිරිපත් වන්නේ නැහැ. වත්මන් රජය යුරෝපා සංගමය පිළිගෙන නැහැ. තවත් මාස 06ක් අධ්‍යනය කිරීමෙන් පසු රජය පිළි ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. අධිරාජ්‍යවාදීන්යැයි කියා ගන්නා දේශපානඥයින් මේවා දකින්නේ නැහැ.

විදේශ සංචිතය පහළ බැහැලා. ආර්ථිකඅර්බුදයෙන් ගොඩ ඒමට රජයට කිසිදු විසදුමක් නැහැ. මැතිවරණ වලදී ආණ්ඩුමාරු වෙමින් ප‍්‍රතිපත්ති මාරු කරන රජයන්ට චීනය ආධාර ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයද අවලංගුකරලා. චීනයෙන් ශත පහක ආධාරයක් ලැබෙන්නේ නැහැ.ලෝකය තරහ කරගෙන ආණ්ඩු පවත්වා ගෙන යන්න බැහැ.

මානව හිමිකම් කොමිසමේදී මෙම ගැටළු තවත්උග‍්‍ර වෙනවා. එහි බලපෑම එල්ල වන්නේ ජනතාවටයි. සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වන විට බඩු මිළ තවත් වැඩි වෙනවා.

මානව හිමිකම් යෝජනා වලින් ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. බොරු දේශපේ‍්‍රමි මත ඉදිරිපත් කරලා වැඩක් නැහැ. ලෝකය පිළිගත් නීති රීති සමග ගමන් කළ යුතුයි. දේශපේ‍්‍රමය පෙන්වා ශ‍්‍රී ලාංකිකයින්ගේ ඡන්ද ගන්න පුළුවන් නමුත් ලෝකය සමග ගණුදෙනු කිරීමේදී පපුවට කථා කරලා වැඩක් නැහැ. මොළය භාවිත කරලා තීන්දු තීරණ ගතයුතුයි.

– මාධ්‍ය ඒකකය

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button