පළකල දිනය : Sat, Feb 29th, 2020

ගම්පහෙන් මට නාමයෝජනා ලැබෙනවා

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛනව සන්ධානය විසින් එළැඹෙන මහ මැතිවරණයේ දී තමා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සනාථ කළේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඊයේ (28 දා) ප‍්‍රකාශ කළේය.

සිය පක්ෂ සන්ධානයේ නායක සහ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ඒ පිළිබඳව තමාට පොරොන්දුවක් ද ලබා දී ඇතැයි ද කී හෙතෙම යම් ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් පාඨලී චම්පික රණවක, එම්.ඒ. සුමන්දිරන්, සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් ඔවුන්ගේ පක්ෂයන්ගෙන් තරග වදින ලෙස තමාගෙන් ඉල්ලා ඇතැයි ද රාමනායක මහතා පැවසීය.

තමාට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් දසතින්ආරාධනා ගලා එමින් පවතින බවත් දක්ෂ උපායදූතයෙකු ලෙස කටයුතු කිරීමට ගොස් හිරේවිලංගුවේවැටුණ ද ජනතාව තමා කෙරෙහිතබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Source – දිවයින
සුජීව තත්සර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button