පළකල දිනය : Sat, Feb 29th, 2020

විල්පත්තු කෝමාරිකා කතාව සිවුදිග පැතිරේ

විල්පත්තුවරක්ෂිත සීමාවේ එක බිම් අඟලක් හෝ තමන් විසින් කිසිවකුට හෝ ලබා නොදුන් බව ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එක බිම් අඟලක් හෝ ලබාදුන් බව කිසිවකු ඔප්පු කරන්නේ නම් තමන් ඇමතිධුරයෙන් ඉල්ලාඅස්වන බව ද ඔහු පැවසීය.

විල්පත්තුරක්ෂිතය ආසන්නයේ කෝමාරිකා වගාවකට විශාල බිම් ප‍්‍රදේශයක් ලබා දුන් බවට එල්ල වනචෝදනාවලට පිළිතුරු දීම සඳහා කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට බැංකුවලින් කිසිදු ණය මුදලක් නොගත් තරුණයකු රාජාංගන ප්‍රදේශයේ කෝමාරිකා වගාවක් ආරම්භ කිරීම සඳහා පසුගිය රජය සමයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බවත් ඔහු පැවසීය.

එය එම ප්‍රදේශයට ගැලපෙන ව්‍යාපෘතියක් බවද කී ඇමැතිවරයා තමන් එම ආයෝජකයාට ජනතාව සම්බන්ධ කර දීමට පොරොන්දු වූ බව සදහන් කලේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button