පළකල දිනය : Mon, Mar 9th, 2020

ලංකාවේ සුන්දරම තැන රැකගත් කතාව

ලෝකාන්තයකියූ පමණින් බොහෝ දෙනෙක් තුළමැවෙන්නේ මනස්කාන්ත සිතුවමක්ය. පරිසර සුන්දරත්වයේ අප‍්‍රමාණ චමත්කාරය සිත් සේ රස විදීමට ප‍්‍රියකරන දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් බදු එම භූමි ප‍්‍රදේශය මුහුදු මට්ටමින් අඩි 7200 ක් පමණ ඉහළින් පිහිටා ඇත. විවිධභූ ලක්‍ෂණසියදහස් ගණනකින් සමන්විත එහි මෙරට ආවේණික සත්ව විශේෂ විශාල ප‍්‍රමාණයක් පක්‍ෂිවිශේෂ 90 ක් මත්ස්‍යවිශේෂ රාශියක් අයත් වන අතර ඊට අමතරව මහරත්මල්, උඩවැඩියාවිශේෂ රාශියකින්ද මෙම පරිසර පද්ධතිය පොහොසත්ය.

ඒ සා විසල් වටිනාකමක් සහිත මෙම ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් වන වැද්දන්ගෙන්බේරාගැනීම පිණිස මේ වන විට මහත් වෙහෙසක් ගැනීමට සිදු වී තිබීම ජාතියේඅවාසනාවක් බවට පත්ව ඇත. දේශීයව මෙන්මජාත්‍යන්තරව ක‍්‍රියාත්මකජානමංකොල්ලයේ ගොදුරක්බවටලෝකාන්තය හෙවත් හෝර්ටන්තැන්න පත් වී හමාරය.

වන සතුන්ගේ පරාදීසයක් මෙන්ම පරිසර හිතකාමීන්ට ක්‍ෂේමභූමියක් බඳු එම පරිසර පද්ධතිය මුල් කරගනිමින් සිදු කරන මහාපරිමාණජානහොරකමක් ඉකුත් දිනක රට හමුවේහෙළිදරව් විය.

දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව මෙරටට පැමිණෙන රුසියානුජාතිකයන් තිදෙනෙක් එක්ව කරන ලද එමජානහොරකම හරහා සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 ක් පමණ එරටට රැගෙන යෑමට එම රුසියානු ජාතිකයන් උත්සාහ ගෙන තිබෙන අතර වනෝද්‍යානභාර වී. කේ. පී. එම්. ප‍්‍රදීප් කුමාර ඇතුලූ නිලධාරීන් පිරිසකගේ මැදිහත්වීම මත අවසානයේදී එයවැරදුනකුරුමානමක් බවට පත් වී ඇත. වාර්තා වන ආකාරයට මෙම මහාපරිමාණජානමංකොල්ලය සිදු වන්නේ පහත සඳහන් ආකාරයටය. ඉකුත් 26 වැනි දින සිරිත් පරිදි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුම එහි පිවිසීම පිණිස සංචාරකයන්ට විවර වන්නේය.

එදින විශාල පිරිසක් එහි පැමිණ සිට ඇති අතර උදෑසන 9.20 ට පමණ එම පිරිස අතරට එකතු වන රුසියානු සංචාරකයන් තිදෙනෙක්ය. අවශ්‍ය අවසරපත්ලබා ගැනීමෙන් අනතුරුවවනෝද්‍යානය තුළට ඇතුළුවන ඔවුන් කිසිවකුටත් සැකයක්ඇති නොවන අයුරින් වනෝද්‍යානය තුළ සැරිසරන්නට ගෙන ඇත්තේ එම මනරම් පරිසරයට අපමණ ලෙස ඇලූම් කළ පරිසර හිතකාමීන් තිදෙනෙක් පරිද්දෙන්ය. දිනය කෙමෙන් ගත වෙමින් පැවති අතර රාත‍්‍රි 7.00 පමණ වන විටත් ඔවුන් වනෝද්‍යානය තුළින් පිටතට නොපැමිණීමත් ඔවුන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වාර්තා නොවීමත් උද්‍යාභාර නිලධාරීන්ගේ අවධානයටලක්වූකරුණක් වී ඇත. එම සැකයවඩාත්වර්ධනය වීමට තවත් හේතුවක් බවට පත් වන්නේ එම විදේශිකයන්තිදෙනා පැමිණ සිටි මෝටර් රථය ඒ වන විටද වනෝද්‍යානයට අයත් රථ ගාල තුළ නතර කර තිබීමය.

මෙරට සිරි නැරඹීම පිණිස පැමිණි මෙම විදේශීය සංචාරකයන්ට යම්අනතුරක්සිදු වූවේද නැතහොත් වෙනත්කරදරයකට පත්ව ඇත්ද යන්න පිළිබඳව විමසිලිමත් වන උද්‍යා භාර නිලධාරීන් ඔවුන් පිළිබඳව සොයා බැලීම ආරම්භ කර ඇත්තේ ඉන්අනතුරුවය. ඒ අනුව දැඩි මීදුමත් රාත‍්‍රීඅන්ධකාරයත් අතරින් මෙම විදේශික ජාතිකයන් තිදෙනා සොයා මෙහෙයුම්අරඹනඋද්‍යාභාර නිලධාරී ප‍්‍රදීප් කුමාර ඇතුළු නිලධාරීන් පිරිස පළමුව එම සොයා බැලීම සිදුකරනු ලබන්නේ වනෝද්‍යානයේ පිහිටි තොටුපළකන්ද ස්වභාවික මං පෙත ඔස්සේ වනෝද්‍යානයේඅභ්‍යන්තරයට ගමන් කිරීමෙනි. එලෙසදැඩිදුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට ගමන් කරන නිලධාරීන් පිරිසට තවත් නොබෝ වේලාවකින් දකින්නට ලැබෙන්නේ රාත‍්‍රිඅන්ධකාරයඉරාදමමින් විහිදෙන ආලෝකධාරා කිහිපයකි.

ඒ අනුව ක‍්‍රියාත්මක වන නිලධාරීන් කෙටි මං ඔස්සේ එම විදුලි ආලෝකධාරාවිහිදෙන ස්ථානයට ලඟා වීමත් සමඟ ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ එම විදේශිකයන් තිදෙනා ඔවුන් අතර රැදිවිදුලිපන්දම් ආධාරයෙන් ගස් බෙන දියකඩිති ආදීයනිරීක්‍ෂණය කරන ආකාරයකි. එය දැඩිඅවදානමක් සහිත රාත‍්‍රී කාලයක විදේශික ජාතිකයන්ට නොවවනෝද්‍යානය භාර නිලධාරීන්ට පවා පහසුවෙන් කළනොහැකි අපහසුකාර්යයක් බැවින් වන නිලධාරීන් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වී ඇත්තේ එම කටයුත්තේ කුමන හෝඅබිරහසක්ඇතැයි යන සිතුවිල්ලෙනි. එහිදී එක් නිලධාරියකුට දකින්නට ලැබී ඇත්තේ එක් සංචාරකයෙක් පැළඳ සිටි කබායක සාක්කුවක් තුළින් කුරුමිණිවිශේෂයකට අයත්කුරුමිණියන් කීප දෙනෙක් පිටතට පැමිණෙන දර්ශනයකි. එම සැකයමත ඉන් අනතුරුව ඔහුව වඩාත් හොඳින්පරීක්‍ෂා කිරීමේදීආරක්‍ෂක නිලධාරීන්ට මෙම මහා පරිමාණජාවාරමේසුලමුලහෙළිදරව් කරගැනීමට හැකි වී ඇත.

ඒ අනුව ආරක්‍ෂකනිලධාරීන්ගේඅත්අඩංගුවට පත් වන මෙම රුසියානුජාතිකයන් තිදෙනාව ඉන් අනතුරුව රැගෙන එනු ලබන්නේ ඔවුන් වනෝද්‍යානය දක්වා ගමන් ගත් මෝටර් රථය වෙතය. එම මෝටර්රථයපරීක්‍ෂා කිරීමේදී සතුන්ඇල්ලීමපිණිස භාවිතා කරන උපකරණරැසක්රසායනිකකුඩුවර්ග කීපයක් තවත් විෂරසායනිකද්‍රව්‍යකීපයක් හා සත්වවිශේෂ කීපයක්ද සොයාගැනීමට හැකි වී ඇත. එහිදී කරන ලද වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම විදේශිකයන් තිදෙනා රැඳී සිටි පට්ටිපොළ ප‍්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනය ආරක්‍ෂකනිලධාරීන්ගේපරීක්‍ෂාවට ලක් වී ඇත. එහිදී මෙම මහා පරිමාණජානහොරකමට සම්බන්ධවැදගත් තොරතුරු රැසක් හා සැකකටයුතුසත්ව කොටස්විශාල ප‍්‍රමාණයක් හඳුනාගැනීමට වනෝද්‍යාන භාරආරක්‍ෂක නිලධාරීන්සමත් වී ඇත.

එම පරීක්‍ෂාවේදීසර්පයින්, ගෝනුස්සන්, කටුස්සන්, සමනලයින්, කුරුමිණියන්, බත්කූරන්, මකුළුවන් ගොළුබෙල්ලන් ඇතුළු විශාල සතුන් ප‍්‍රමාණයක් සොයාගැනීමට හැකි විය. මීට අමතරව වටිනා ශාඛාවර්ග සහ අනෝදාඇට, කොස්ඇට, කරවිල ඇට මෙන්ම හඳුනා නොගත් බීජ වර්ග රාශියක්ද මොවුන්ගේ සන්තකයේ තිබීඅත්අඩංගුවට ගත්හ. මෙම සතුන් අතරමියගියසතුන් හා සතුන්ගේකොටස්ද විය.

පසුදින මෙම සැකකරුවන්සහඔවුන් සන්තකයේ තිබූනීතිවිරෝධී සියලූමදෑ නුවරඑළිය මහෙස්ත‍්‍රාත්ප‍්‍රමෝද් ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 05 දක්වාරක්‍ෂිතබන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මින් පසුව ජීවත්ව සිටින සතුන් නිදහස් කිරීමටඅධිකරණනියෝග ලබාගැනීමට අවශ්‍ය වූ බැවින් මෝසමක්මගින් මාර්තු 03 දා සැකකරුවන් යළිඅධිකරණයටඉදිරිපත් කෙරිණි. මෙහිදී ජීවත්වසිටින සතුන් ඔවුන්ගේ වාසභූමි හා පරිසරපද්ධතිවලට මුදාහැරීමට නියෝග ලබාගත්හ. සැකකරුවන් මාර්තු මස 12 දක්වා යළිරක්‍ෂිතබන්ධනාගාරගත කෙරිණි. මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ උද්‍යා භාරකාර ප‍්‍රදීප් කුමාර මහතා මෙසේ පැවසීය.

ඇතැම් අය සතුන්දඩයම්කරනවා. මැණික්ගරනවා. කැලෑවටගිනි තබනවා. මෙවැනි කාරණාවලට අමතරවජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මකව සංචාරක වේෂයෙන්පැමිණ(සතුන්) ජානසොරකම්කරනවා. වනෝද්‍යානයක්තුළදී අල්ලාගත්විශාලමජානමංකොල්ලය ලෙස මෙය හැඳුන්වන්න පුළුවන්. මීට පෙරදවැටලීම්කරවරදකරුවන්ට දඩුවම්ලබාදීමට අධිකරණයටයොමුකර තිබෙනවා.

මෙම රුසියානු ජාතිකයින් තිදෙනාගෙන් එක් අයකු පුරාවිද්‍යාඥයෙකි. අනෙකාජීවවිද්‍යාඥයෙකි. තෙවැන්නාපරිගණකසහ අන්තර්ජාල විශේෂඥයෙකි. මෙම වනෝද්‍යානය රැකගැනීමට මහජන සහාය බෙහෙවින්ම අවශ්‍යයි. මෙම වනපෙතට පැමිණි ඇතැම් අය සතුන්ටආහාර ලබාදෙනවා. එයතහනම් ක‍්‍රියාවක්,මත්පැන්,දුම්වැටි, ගිනිදල්වනඋපකරණ සපුරාතහනම්. මෙය සතුන්ට අයිති බිමකි. එනිසා නළාහැඩවීම්, විවිධඝෝෂාකිරීම්, සංගීත භාණ්ඩ භාවිතාකිරීමටත් ඉඩක් නෑ. මෙහි සුන්දරත්වය විඳගන්නවා මෙන්ම අනාගතයට මෙය දායාදයක් ලෙස අනාගත පරපුරට රැකදීමට කාගේත් සහාය අවශ්‍ය බවද ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

මෙමවැටලීම සඳහා පී.ජී. දයාරත්න, පී.එම්.පී, පනාවලගේ, එච්. කේ. ප‍්‍රියදර්ශන උදය කුමාර රියැදුරු එම්.පී. චන්ද්‍රලාල් යන වනෝද්‍යාන නිලධාරීන් එක්වූහ.අත්අඩංගුවටගත් සතුන් අතරින් සියයට හතළිහක් පමණ මිය ගොස් සිටි අතර ඒවා ජාතිකකෞතුකාගාරයට භාරදීමටත්,මොවුන් ගෙනයෑමට තැත් කළ බීජ වර්ග පේරාදෙණියඋද්භිදඋද්‍යායට භාරදීමටත් කටයුතු කර තිබිණි.

මෙලෙසඅත්අඩංගුවටගනු ලැබුවේ ඉග්නටෙන්කෝඇලෙක්සැන්ඩර්, රියාබෝආර්ටෙම් සහ කිලෆයාන්නිකොලාය යනසැකකරුවන්ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප සහ පසුබිම් වාර්ථා
බලංගොඩ එන්.එච් පියසේන
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button