පළකල දිනය : Tue, Mar 10th, 2020

ජපුර සරසවියෙන් ඇසෙන කදුළු කතාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාගාරයේ ඉහළ සිට තරප්පු පෙළ දිගේ එවූ ටයරයක් වැදීමෙන් පහළ ක්‍රීඩාගාරයේ සිටි සිසුවකුතුවාල ලබා පසුගිය 06 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වයබරපතළබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේඅනතුරට ලක්ව ඇත්තේ නව අධ්‍යයන වසර සඳහා කළමනාකරණ පීඨයට ඇතුළත් වූ මිනුවන්ගොඩ පදිංචි පසිඳු හිරුෂාන් නමැති සිසුවෙකි.

මෙමඅනතුර සිදු වී ඇත්තේ එදින අලුයම 1.30ට පමණ ය.

කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුසිසුවියන් පිළිගැනීමේ තෙමසක කාලසීමාව අවසන් වීමේ සාදය ඉකුත් 5 වැනිදා පවත්වා ඇති අතර සාදයෙන් පසු තවදුරටත් සිසුන් පිරිසක් එහි රැඳී සිට තිබේ.

ඒ අතරින් සිසුන් කිහිප දෙනෙක් ඉහළ ක්‍රීඩාගාරයේ සිටින්නට ඇතැයි පරිපාලන අංශ සැකකරයි. සාදය සංවිධානය කර ඇත්තේ එම පීඨයේ දෙවැනි වසර සිසුන් ය.

ක්‍රීඩාගාරයේ ඉහළ සිට ආ ටයරය වැදීමත් සමගම ශිෂ්‍යයා බිම ඇද වැටී තිබේ.

බිම වැටීමෙන් හිසටබරපතළ හානි සිදු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. එම අවස්ථාවේ සිසුන් හාආරක්ෂකඅංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලටමාරු කර තිබේ.කෙසේ වෙතත් සිසුවාගේ තත්වය ඉතාබරපතළතත්වයක පවතින බවට වෛද්‍යවරුන් පවසන අතරජීවිතයපවාසැකසහිත බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ

.අනතුරසම්බන්ධයෙන් විනයාධිකාරිගේප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එමපරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසීය.

තරප්පු පෙළ දිගේ ටයරයඑවා ඇත්තේ කවුරුන් ද යන්නඅනාවරණය වී නැතැයි ද මහාචාර්යවරයා කීවේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව සිදුකළ අදාළජ්‍යේෂ්ඨ සිසුන් , මෙයටයරක් අතෑරීමෙන් සිදුවූඅනතුරක් නොව යතුරුපැදිඅනතුරක් නිසා සිදූවක් බවට කියමින් සිද්ධිය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවද වාර්තාවේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button