පළකල දිනය : Thu, Mar 12th, 2020

නිරෝධායනයට අකමැති පුස් චණ්ඩින් පැමිණි රටටම හරවා යැවේ.

නිරෝධානයකිරීම සඳහා දැනට නිර්දේශ කර ඇති දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධානයසදහාවිරුද්ධ වන්නේ නම් ඔවුන් පැමිණි රටටම ආපසු පිටත් කර හැරීමට දැනුම් දී ඇති බව යුදහමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ අදාළ රටවල්වලින් පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධානක්‍රියාවලියට සහයෝගය දැක්විය යුතු බවය.

එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට හැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් රටක් ලෙස මෙයට යම් පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

නිරෝධානකටයුතු සම්බන්ධයෙන් ජාල ඔස්සේ පළවන පුවත් ගැන අනියත බියක්ඇති නොකර ගන්නා ලෙසද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ඉල්ලා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ රෝගනිරෝධායන හාවැළැක්වීමේ ආඥාපනත යටතේ එම රෙගුලාසිකඩකරන්නන්ට විරුද්ධවඅධිකරණයේ නඩුපැවරිය හැකි බවත් වරදකරුවුවහොත් මාස හයක් දක්වාසිරදඬුවම්දඩයක් නියමකළ හැකි බවත්ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button