පළකල දිනය : Thu, Mar 12th, 2020

Free Wifi වලින්ම ෆ්බ් ඇවිත් ලක් රජයට කියන කතා

දකුණු කොරියාව, ඉතාලිය, ඉරානයේ සිට මෙරටට පැමිණෙන ලද 600ක පමණ පිරිසක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර තිබේ.

ඔවුන් දෙසතියක කාලයකින් පසු සිය නිවෙස් බලා යාමට අවසර ලබා දීමට නියමිතය.

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු හි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල ඔවුන මෙසේ රඳවා සිටී.

දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය, කටාර්, ඩුබායි, මැලේසියාව, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවල් හරහා මෙම පිරිස මෙරටට පැමිණ ඇත.

රදවයා ඇති නිරෝදායන මධ්‍යස්ථානවල සිටින ඇතැමුන් ඒවායේ ආහාර ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නැතැයි පවසමින් සමාජ ජාලා වෙත විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටිති.

රජය විසින් සියළු නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දී තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button