පළකල දිනය : Fri, Mar 13th, 2020

රට පුරා ආහාර තොග රැස්කරති. වෙලද සැල් හිස්වේ

වෛරසය ආසාධිත ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හමුවීම හා දින 40ක කාලයකට පාසැල් වසා දැමීම හේතුවෙන් රට පුරා ජනතාව මහත්කලබලයටපත්ව සිටී.

ඒ හේතුවෙන් ඔවුන්අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටිනු දක්නට ලැබිනි.

රට පුරා පිහිටි සුපිරි වෙළඳසැල් මෙන්ම සාමාන්‍ය වෙළඳපොළවල්වල සහල් පිටි පරිප්පු ඇතුළුඅත්‍යවශ්‍යවියලි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ඔවුන් මිලට ගැනීමට කටයුතු කර ඇත.

මේ හේතුවෙන් බොහෝ සුපිරි වෙළඳ සැල්වල රාක්කහිස්ව ගොස් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් ඇතිව තිබේ.

ඇතැම් වෙලදසැල්වලදී පාරිභෝගිකයන් අතරගැටුම්දඇති වී තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button