පළකල දිනය : Mon, Mar 16th, 2020

නිරෝධායනනොවී සැගවී සිටි 04ක් අල්ලයි

මෑතකදී දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණනිරෝධායන නොවී ගුවන්තොටුපොළෙන්පැනගොස් සිටී තරුණයන් සිව් දෙනෙකුපොලිසිය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙසේඅත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ තම නිවෙස්වලසැඟවී සිටියදී ය.

ගුවන්තොටුපලෙන් සහ ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම සිවුදෙනාඅත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

එම පිරිසනිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර රජය ඉල්ලා සිටින්නේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ මෙතෙක්නිරෝධායනය නොවූ සියලු දෙනානිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.

එසේ නොහැකි නම් ළඟම ඇතත් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button