පළකල දිනය : Tue, Mar 17th, 2020

උකුසු-කටුසු බලකුමන්ත‍්‍රණයක්

.වෛරසයව්‍යාප්තිය භාවිතා කරමින්විපක්‍ෂ බලවේගවිසින් නාමයෝජනා කැඳවීම කල් දමා පැවති පාර්ලිමේන්තුව යලි කැඳවා රට අස්ථාවර කිරීමටකුමන්ත‍්‍රණයක් අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ හරහා නැවත වටයකින් උකුස්සන්ට හා කටුස්සන්ට බලය අතට ලබා ගැනීමේ කූට සැලසුමක් මෙමLockDown තේමාව යටතේ සැගවී ඇති බවද ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් පැවති පාර්ලිමේන්තුව යලි කැඳවූයේ නම් එහි මුදල් වියදම් කිරීමේ බලයවිපක්ෂ බලවේග විසින් අත්පත්කරගෙනනිරෝධාන ක්‍රියාවලියඅවුල් සහගතතත්ත්වයට පත් කිරීම හරහා එහි වගකීම ජනාධිපතිවරයා මත පැටවීමට මොවුන් සැලසුම් කර තිබූ බවද ඔහු පැවසීය.

ඒකුමන්ත‍්‍රණය සදහා ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ අස්වාභාවික ලෙසLockDown රැල්ලක් ඇති කර තිබෙන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් රජය මේ අවස්ථාවේදී එය නිසි පරිදි තේරුම් ගෙන මහජන එක්රැස්වීම් පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කටයුතු කිරීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button