පළකල දිනය : Thu, Mar 19th, 2020

රාජ්‍ය – පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

මෙම කාල සීමාව රජයේ නිවාඩු ලෙස නොසලකන අතර 2020.03. 21 සහ 22 දෙදින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩුවක්‍ ලෙස බල පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button