පළකල දිනය : Thu, Mar 19th, 2020

මහ මැතිවරණය කල් දමයි ?

අද (19) දිනයේ මැතිවරණය සඳහා වන නාමයෝජනා ලබා දීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය කල්දමනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී මදේශපාලනපක්ෂ නියෝජිතයන් සඳහන් කළහ.

නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීම හෝ කල්දැමීම සම්බන්ධයෙන්තීරණයක් ගැනීමේබලය මැතිවරණකොමිසන් සභාවට ලැබෙන නිසා පවතින තත්ත්වය මත බොහෝ දුරට මැතිවරණය කල්දමනු ඇතැයි ද එක්සත් ජාතික පක්‍ෂය, සමගිජනබලවේගය, ජනතාවිමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවලදී සඳහන් කරන ලදී.

මේ සමගම පැවති පාර්ලිමේන්තුවයළිකැඳවීමට කිසිදු අවස්ථාවක් නැති වන අතර නාමයෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම විසින්නියම කරන දිනයක දී මැතිවරණය පැවැත්වීම සිදු කල හැක.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු මන්ත‍්‍රීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මැතිවරණය පැවැත්වීමඅවලංගු කර පැවති පාර්ලිමේන්තුවයලිකැදවන ලෙසයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button