පළකල දිනය : Thu, Mar 19th, 2020

රටම රතු-කහ-කොල කලාප ලෙස වෙන්කරයි

ඉදිරියේදීවෛරසයමෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාතීන්දු කරනුඇතැයි රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

ඒ අනුවරෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහිවර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.

රෝගීන්වැඩි වශයෙන්ම සිටින රතුකලාපවල පොලිස්ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එසේ නැතිව මුළු රටම එකවරඇදිරිනීති පැනවුවහොත්ගැටළුරැසක් ඇති වන බවත් එසේ මුළු රටටමඇදිරිනීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මුළු රටමරතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමයවගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙසරැස් නොවී හුදෙකලාවීම මේරෝගයෙන්ආරක්ෂාවීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.

සභාපතිවරයා මේ බව කියා සිටි දෙරණ රූපවාහිනියේ පැවැති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහන අමතමිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button