පළකල දිනය : Thu, Mar 19th, 2020

වසරක් යනතුරු ඉන්ධන මිල වෙනස් නොකරන බව රජය කියයි

වසරක කාලයක් සඳහා දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම කාලය තුළ ලෝක වෙළදපොලේ මිලඋච්චාවචනයන් නොසලකා ස්ථාවර මිල මට්ටමේ ම ඉන්ධන මිළ පවත්වා ගෙන යන බවද ඔහු පැවසීය.

අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලය පවතින් ඩොලර් 20-25 අතර මිලකටයි.

දැනට වෙළඳපලේ මෙරට වෙළඳ පොළේ ඉන්ධන අලෙවි කරන්නේ බොරතෙල් බැරලය ඩොලර් 70 සීමාවේදී නියම කළ මිල ගණන් යටතේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button