පළකල දිනය : Wed, Apr 8th, 2020

භූමදාන සිද්ධියට මහින්ද අන්තිම තීන්දුව දෙයි

පවතින තත්ත්වය මතමළසිරුරවලට යුක්තියඉටුකිරීමට ගොස් මුළු රටමවළට තල්ලූ කළ නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙවන් අවස්ථාවක ජාතිආගම්වශයෙන් සලකා තීන්දු ගත නොහැකි බවද පැවසූ ඔහු සියලු දේශපාලන පක්ෂ නායකයන් රජයට සහාය දීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ආගම් ජාති වශයෙන් බෙදී වෙන් වී කටයුතු කළ කටයුතු නොකළ යුතු බවද පැවසීය.

මේ මොහොත මළමිනි සඳහා ආගමික චාරිත්‍ර ඉටු කරන වෙලාවක් නොවන බවත් පොදුවේ මනුෂ්‍යයන් ලෙස කල්පනා කළොත් පමණක් මේමිනීවලින් එහාට රටක් ලෙස පැනිය හැකි බවත් සියලු දෙනාම මතක තබා ගත යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය.

.වෛරසයමර්දනය කිරීමට අපට බෑ කියමින් මග හරින්නේ නැති බවත් ජනතාව වෙනුවෙන් රජයේ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

රජයට ලැබෙන සියලුම දායම් මාර්ග අකර්මණ්‍ය වී තිබුණදවෛරසයෙන් ජනතාව මුදා ගැනීමේසටන කිසිසේත්ම අතහරින්නේ නැති බවද ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button