පළකල දිනය : Wed, Apr 8th, 2020

මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා- රාජිත කියලා

තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවා ඇති කමිටුවක සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් බවයි.

එවන් තත්ත්වයකදී එම කමිටුවෙන් නිවැරදි ක්‍රියාමාර්ග සිදු වේ දැයි සැක සහිත බව ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button