පළකල දිනය : Mon, Jun 22nd, 2020

විජයරත්න වරකාගොඩ මහතාගේ වාහනයේ හැපී මවක් හා දියණියක් රෝහලේ

ප්‍රවීන රංගන ශිල්පි විජේරත්න වරකාගොඩ මහතා විසින් පදවන ලද මෝටර් රථයක හැපීමෙන් මවක් සහ ඇගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිට දී ය.

අනතුර හේතුවෙන් විජයරත්න වරකාගොඩ මහතා සහ ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර ඇත.

එමෙන්ම ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

අනතුරින් තුවාල ලැබූ මව සහ දියණිය රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නැති බව සඳහන් වේ.

Source – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button