පළකල දිනය : Wed, Jul 1st, 2020

මැණික් ගලක් ලබා දෙන බව පවසා ලක්ෂ 14ක් කොල්ලකෑ කත

කඳාන ප්‍රදේශයේදී මැණික් ගලක් ලබා දෙන බවට පවසා මුදල් රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑම සම්බන්ධයෙන් ඊයේ (30) කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි.

මෙම සිද්ධිය පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 5 වන දින සිදු වූවක්.

අත්අඩංගුවට ගත සැකකාරිය වයස අවුරුදු 47ක, කඳාන ලිපිනයේ පදිංචිකාරියක්.

සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 09 දෙනෙකු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

ප්‍රධාන සැකකරු මේ වන තිර රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත් ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button