පළකල දිනය : Fri, Jul 10th, 2020

ළමයින්ගෙන් සල්ලි නොගෙන ශිල්ප බෙදන ගාල්ලේ සර් !

දවල් කෑම-හවස තේ එකත් නොමිලේ දෙනවලු…

ටියුෂන් කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ළමයි දාස් ගාණකට උගන්වලා කෝටි ගාණක් උපයන ගුරුවරු. මාසික ගාස්තුවට අමතව ටියුට් වලටත් වෙනම සල්ලි ගන්න ටියුෂන් ගුරුවරු ඉන්න රටේ අරුම පුදුම ටියුෂන් සර් කෙනෙක්ගේ පංතියක් ගැන ගාල්ලෙන් අහන්න ලැබෙනවා.

උසස් පෙළ කලා අංශයේ දරුවන් වෙනුවෙන් ජන සන්නිවේදනය විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සමගින් උගන්වන මේ ගුරු තරුව තමයි ප්‍රවීණ මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදර. අවුරුදු ගණනාවක් පුරාවට තමන් ක්ෂේත්‍රයේ ලබපු දැනුම රුපියලකවත් මුදලක් අය නොකර වසරකට පෙර ගාල්ලේදී ආරම්භ වුණා.

නොමිලේ උගන්වනවාට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ ජනප්‍රියතම දේශකයින් යොදාගනිමින් ඒ ඒ විෂය පිළිබද ප්‍රායෝගික අත්දැකීම් බෙදා දෙන්නටත් ඔහු කටයුතු කරලා තිබුණා.

විශේෂත්වය කියන්නේ නොමිලේ උගන්වන පංතියට එන දරුවන්ට දහවල් ප්‍රධාන ආහාර වේලට අමතවරව කෑමට යමක් සමග හවස තේ සංග්‍රහයකුත් ලබාදීමයි.

“බණ අහන්න බුදු හාමුදුරුවෝ ගාවට අව ශ්‍රාවකයින්ටවත් බඩගින්නේ බණ අහන්නේ දුන්නේ නෑ , මම පංති ගියේ කන්න බොන්න නැතුව,බඩගින්නේ , ඒත් අපේ දරුවන්ට එහෙම වෙන්න දෙන්න බැහැ ” මේ අරුම පුදුම ගුරු තරුව ඒ ක්‍රියාව දකින්නේ ඒ විදියට.

මුල් කාලේ මේ දේ පටන්ගන්නකොට තමන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වෙන්න කරපු කැම්පේන් එකක් කියලා බොහෝ අය සමාජ ජාල වල කතා කරලා තිබුණා කියලත් බුද්ධික සර් තමන්ගෙ ෆේස්බුක් ගිණුමේ සටහනක් තියලා තිබුණා.

මෙච්චර අග හිග කම් තියෙන කාලෙක ලමයින්ගේ ඇස් පාදන්න, කුස පුරවන්න කවුරුවත් නොකරපු විදියේ දෙයක් කරන්න හිතුණ ගාල්ලේ බුද්ධික සර්ට අපේ ගෞරවය !

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button